අනුෂ්කි සහ කනුෂ්කි කියන්නේ මේ දවස් වල අතිශයින්ම ජනප්‍රිය නවක රංගන ශිල්පිනියන් දෙදෙනෙක්.මේ නිවුන් සහෝදරියන් දෙදෙනා මේ දිනවල TV දෙරණ නාලිකාවේ විකාශනය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ නිල්නෙතු හා පිනිමුතු ලෙසින් වගේම දෙරණ නාලිකාවේම විකාශනය වන නාට්‍යයන් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබෙනවා. ඉතින් මේ දෙන්නා පසුගිය දවසක යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකදී පැවසු කතාවක් නිසා සමාජ ජාල වල දෝෂාරෝපණයට ලක්වුණා. ඉතින් එකට ඔවුන් පිළිතුරු දී තිබුනේ මෙලෙසින්.
“එක වචනයක් අල්ලගෙන එහෙම පෝස්ට් හදන එක ගැන ඇත්තටම කනගාටුයි. මම කියපු දේ වැරදි නම් ලංකාවෙ සිටින හැමෝම මට බනින්න ඕනෑ. නමුත් සුළු පිරිසක් පමණක් එහෙම විවේචනය කරන්නේ. සමාජය හොඳයි. නමුත් කවුරු හරි ඉදිරියට යන විට ඉරිසියා කරන, කකුලෙන් අදින, කාට හරි බනින්නම බලාගෙන සිටින සුළු පිරිසක් සිටිනවා. මිනිසුන් දන්නවා මුදල් වැදගත් කියලා. නමුත් පිළිගන්න කැමැති නැහැ. කාන්තා පාර්ශ්වයෙන් තමයි වැඩි විවේචන තිබුණේ. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. පිරිමි පාර්ශ්වය ගැන කතා කළොත් විවේචනය කරපු බොහෝ අය තමන්ගේ බිරිය හෝ පෙම්වතිය බලාපොරොත්තු වන ජීවිතය ලබා දෙන්න නොහැකිව හීනමානයකින් සිටින අයයි. සාර්ථක ජීවිතයක් ගත කරන කිසිම කෙනෙක් ඒ කතාව විවේචනය කරලා තිබුණේ නැහැ.”
කොහොම වුනත් ඒ වගේම පාසල් කාලයේ ඔවුන්ට ලැබුණු ආදර ඇරයුම් ගැනත් ඔවුන් වැඩසටහනකදී මෙලෙසින් පවසා තිබුණා. “ඉස්කෝලේ යන කාලේ එකම ලියුම දෙන්නට දෙන්න ආපු අය හිටියා.එතකොට ඒ විදිහට එන කොල්ලා කැපිලා යනවා. ටික කාලයක් ඒ අයට රඟන්න දෙනවා. ඉස්කෝලේ යන කාලේ අපි දෙන්න කතා වෙලා චුට්ටක් එයාට රඟන්න දෙන්නකෝ කියලා ඉන්නවා. මොකද මෙයා ගෙනුත් අහනවා මගෙනුත් අහනවා එකම කෙනා. ඉතින් ටික කාලෙකින් එයාව කැපිලා යනවා. ඒ වගේ අය අම්මා තාත්තාගෙන් ඉපදෙන්නේ කියන එකත් පුදුමයි.”