මගේ ප්‍රේමය ගැන මම මාධ්‍ය ඉදිරියේ කතා කරන්න කැමති නෑ – හැමෝම ආදරේ කරන හුරතල් චංකි

මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ‘ඇස්’ කියන්නේ, ඉතින් අලුතින් විකාශනය වෙන මේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම අවධානය දිනාගන්න සමත් වුන නවක රංගන ශිල්පිනියක් තමයි කවුමිනි තත්සරණි කියන්නේ, කවුමිනි කළා වට පිවිසෙන්නේ ජාතික රූපවාහිනියේ කිරුල ලබාගැනීමෙන් පසුවයි. ඉතින් මේ දවස්වල ‘ඇස්’ ටෙලිනාට්‍යයේ සයුරි කියන චරිතය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත කවුමිනි සමගයි අද අපේ මේ කතාබහ, ඉතින් කවුමිනි කියන්නකෝ බලන්න ඔයාගේ පවුලේ විස්තර ටිකක් ”මගේ ගම ගම්පහ, මට අයියයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා, අපි ගොඩක් සාමාන්‍ය පවුලක්, අයියා මේ වනවිට රැකියාවක නියැලෙනවා, මගේ නංගිලා දෙන්නා තාම ඉගන ගන්නවා, අපි ගොඩක් ලස්සන ප්‍රීතිමත් පවුලක්, මගේ අම්මා රූපලාවන්‍ය ශිල්පිනියක්, තාත්තා ව්‍යාපාරයක් කරගෙන යනවා ඕවා තමයි මගේ පවුලේ විස්තර”

කවුමිනි ‘චිංකි’ කියන්නේ කවුද..? ”ආ… ඒක මගේ සුරතල් නාම, ඇත්තටම කියනවනම් මම හඳුනන ගොඩක් අය මට කතා කරන්නේ කවුමිනි කියලා නෙවෙයි චිංකි කියලා, මගේ පුංචි තමයි මට පොඩි කාලේ ඒ නම දාලා තියෙන්නේ, අපේ පවුලේ ගොඩක් අය කවුමිනි කිවුවට මාව දන්නේ නෑ, ඒ හැමෝම මාව දන්නේ ‘චිංකි’ කියලා, ඒ වගේම මගේ පාසල් කාලයේ මගේ හොඳම යාළුවො කතා කරන්නෙත් ‘චිංකි’ කියලා,”

චිංකි රැකියාවක් විදියට කරන්නේ රංගනයද, ”මෙහෙමයි මම පාසල් කාලයේ ඉඳලම කලාවට සම්බන්ද වෙලා වැඩ කරනවා, මම ගියේ කොළඹ බාලිකා විද්‍යාලයට හැබැයි මම මගේ උසස් අධ්‍යාපනය ඉවරකරලා නෑ මම දැන් කැළණි කැම්පස් එකේ බාහිර උපාදියක් හදාරනවා, ඉතින් මම තාව රැකියාවක් වශයෙන් රංගනයට සම්බන්ද වෙලා නෑ, මම කොහොමත් රංගනය මත විතරක් යැපෙන්න කැමති නෑ හැබැයි මම රංගනය අත්හරින්නේ නෑ”

කවුමිනි දැන් පෙම්වතියක් ද, ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ ”මගේ ප්‍රේමය ගැන පස්සේ කතා කරමු, මම ඒගැන මාධ්‍ය ඉදිරියේ කතා කරන්න ආසා නෑ, ප්‍රේමය කියන්නේ හොඳ දෙයක්, අපි හැමෝම අඩු වැඩි වශයෙන් ප්‍රේමය විඳිනවා, මටත් එහෙමයි ආදරය ප්‍රේමය කියන්නේ ගොඩක් ගැඹුරු දෙයක් ඒ වගේම අරුත්බර දෙයක්, ඉතින් ආදරය ප්‍රේම අපි හැමෝම විඳිනවා”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *