නව පරපුරේ රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ වගේම වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමියකම් කියන වගේම ලගන්නාසුලු කතා විලාශයක් තියෙන ගොඩක් ධක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ, හිරු නාලිකාවේ අවුරුදු කුමරිය විදියට කලාවට සම්බන්ද වුන ඇය කළා ක්‍ෂේත්‍රයේ වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ ටීවී දෙරණ නාලිකාවත් සමග සම්බන්ද වුනාට පස්සේ, ඒ දෙරණ නාලිකාවේ විකාශනය වන සංගීතේ ටෙලිනාට්‍ය හරහා, සංගීතේ නාට්‍යයේ හීරෝයින්ගේ චරිතයට පන පොවන්නේ ගීත්මායි, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගීත්මා බණ්ඩාර සමග,
ගීත්මා අපි දකිනවා ගීත්මා සංගීතේ නාට්‍යයට අමතරව දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්, ඇයි ඒ ”මෙහෙමයි මම මගේ රංගනයට ගොඩක් සීමා දාගෙන නෑ, හැබැයි මම රඟපාන කිසිම චරිතයක් නිසා මගේ පෞද්ගලික චරිතයට පොදිහරි හානියක් වෙනවට මම කැමති නෑ, ඒ වගේම මගේ රංගනයේදී අඳින ඇඳුම් සම්බන්ද සීමා ටිකක් දාගෙන තියෙනවා, ඒ වගේම තමයි මම රඟපාන සංගීතේ නාට්‍යයේ චරිතයට හානියක් වෙන විදියේ කිසිම දෙයක් මම කරන්නෙත් නෑ මොකද අද මට මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ සංගීතේ නිසා”
ගොඩක් අය කියනවා තරුණියකට රංගන ක්‍ෂේත්‍රය ආරක්‍ෂිත නෑ කියලා ඉතින් ඒ ගැන ගීත්මා ඔයාට හිතෙන්නේ මොකද්ද ”දැන් මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් විතර වෙනවා, මට ඒ කාලයේ ලැබුන අයගෙන් සියයට අනූවක්ම හොඳ අය, අපි අපේ වටිනාකම හරියට තියාගෙන ඉන්නවනම් ඕනෑම තැනක හරියට ඉන්න පුළුවන්, කාන්තාවකට කළා ක්ෂේත්‍රය විතරක් නෙවෙයි අනිත් ඕනෑම ක්ෂේත්‍රයක අපහසු තාවයට පත්වෙන්න පුළුවන් ඒත් කාන්තාව කොන්ද කෙලින් තියාගෙන ඉන්නවනම් එහෙම ප්‍රශ්න එන්නේ අඩුවෙන්’
ගීත්මා 2030 මිසිස් ශ්‍රී ලංකා වෙන්න හිතාගෙන ඉන්නවා කියලා ආරංචියක් ආවා ඒ වගේම 2030 මිස් ශ්‍රී ලංකා වෙලා දින්නම කියන කතාවත් පාඩම් කරගෙන ඉන්නේ කියලා ආරංචියකුත් ආවා මොකද්ද ඒ කතාව ”අනේ මෙහෙමයි ඒක මම විහිලුවට කරපු වැඩක්, මට මගේ ජීවිතේ හම්බවුන හොඳම සහකාරයා එක්ක ඉද්දී තමයි මම ඔය කතාව කිවුවේ, ඒ වෙලාවේ මම 2030 කිවුවේ මම දැන් ටිකක් චබී නේ ඉතින් කාලය අරගෙන කෙට්ටු වෙලා එකට ගිහින් දිනනවා කියලා ඒක මම විහිලුවට කිවුව කතාවක්, දින්නම කියන කතාව කියලා ඒ වෙලාවේ මම කතාවකුත් කළා අනේ දැන් ඒක මතක නෑ”