මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලි නාට්‍යය හරහා ජනප්‍රිය වෙලා ඉන්න සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි සජිනි රෝයි කියන්නේ. ඒ තමයි විශාල්ගේ ආදරය මැදට ආපු අචිනි. ඉතින් හැමෝම හොයන මේ අචිනි ඇය ගැන පුවත්පතකට මෙලෙසින් පවසා තිබුනා. “මගේ නම සජිනි රෝයි. මගේ උපන් ගම කොළඹ. පාසල් ගියේ කොළඹ කොටහේන රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයට. පවුලේ විස්තර කිව්වොත් අම්මා, තාත්තා, සහ නංගිලා දෙන්නෙක් ඉන්නවා. පාසලේදී විෂයන් වෙනුවෙන්ම නම් නෙවෙයි තැන දීලා වැඩ කළේ. නමුත් නර්තනය කියන විෂය මම හැදෑරුවා. ඒ පාසල් විෂය පද්ධතියේ තියෙන විෂයක් විදියට. ඒ නිසා මම පාසල් කාලේ ඉඳන්ම කලාවට නැඹුරු කෙනෙක් කියලා කියන්නත් බෑ.”
ඇය කලා ක්ෂේත්‍රයට පැමිණීමට වරම් ලබන්නේ අවුරුදු කුමරිය ත්රන්ගාවලිය හරහායි.ඒ ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “ගෙදර අය තමයි මගේ ඇප්ලිකේෂන් එක දාලා. එයාලගේ කැමැත්ත අනුව ගියේ. එතැනදී මම පළවෙනි වටයේදී මාව තේරුණා. නමුත් දෙවැනි වටයට මට යන්න බැරි වුණා. ඒ රනිල් කුලසිංහ අයියාගේ අලුත් ටෙලි ඩ්‍රාමා එකට ආරාධනාවක් ආවා. එකේ මුල් අදියරේ රූපගත කිරීම් තිබුණු දින 15 ඇතුළත තමයි අවුරුදු කුමරිය තරඟයේ දෙවැනි වටය තිබ්බේ. ඒ නිසා මට දෙවැනි වටයට යන්න අවස්ථාව මඟහැරී ගියා.මම රංගනයට දක්ෂ කෙනෙක් නොවුණට මම දැන් හරිම ආසයි රඟපාන්න. මේ ආසාව මට පොඩි කාලේ තිබ්බේ නැහැ. කාලයත් එක්ක තමයි රඟපාන්න ආසාව ඇති වුණේ. ටික්ටොක් වලින් මට තියෙන රඟපෑමේ හැකියාව අත්හදා බැලුවා. එහෙම කරද්දී තමයි මට රනිල් කුලසිංහ අයියාගේ “භුමි“ කියන අලුත් නිර්මාණයට ආරාධනාවක් ලැබුණේ. ඒක තවම විකාශය වෙන්න පටන් ගත්තේ නැහැ. ඒක තමයි මගේ පළවෙනි රංගනය ඇතුළත් නිර්මාණය.”
ඉතින් දිවිතුරා අචිනිගේ චරිතය ලැබුණු හැටි වගේම අචිනිට ලැබෙන ප්‍රතිචාර ගැනත් ඇය මේ විදිහට පවසා තිබුනා. “මම අවුරුදු කුමරිය තරයට ගිහින් එදා කරලා පෙන්නපු වීඩියෝ එකක් ටික්ටොක් එකේ වයිරල් වුණා. එකෙන් පස්සේ තමයි මට දිවිතුරා හි අචිනි වෙන්න අවස්ථාව ලැබුණේ.විවිධාකාර ප්‍රතිචාර ලැබෙනවා. සීයට අනුවක් මට එන්නේ නෙගටිව් කමෙන්ට්ස්. සීයට 10 ක් වගේ තමයි හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. හැබැයි මම අර ලැබෙන සීයට 90 ක නෙගටිව් කමෙන්ට්ස් ටික පොසිටිව් කරගෙන තමයි ඉදිරියට යන්නේ.”
ඉතින් මේ අචිනි නම් ඉක්මනින් කේන්ති යන නපුරු කෙනෙක් වුනත් සජිනි නම් එහෙම නැති බව තමයි ඇය මේ විදිහට පවසා තිබුනේ. “අචිනි නම් එයාට ඕනේ කියලා හිතෙන දේ හොඳින් හෝ නරකින් ලබා ගන්නවා. හැබැයි සජිනි එහෙම නැහැ මගේ සැබෑ ජිවිතේ දී මට අදාළ දේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මට වැඩිය යාළුවො නැහැ. යාළුවෙක් විදියටත් මම ආශ්‍රය කරන විශ්වාස කරන එකම කෙනා මගේ අම්මා. ඒ නිසා සැබෑ ජිවිතේ සජිනි අචිනිට වඩා වෙනස්.ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් පැතිර යන කටකතා, ගොසිප් ගැනත් ඇය දක්වන්නේ මේ වගේ අදහසක්. “මම ආසයි. මොකද කටකතා ගොසිප් කියන්නේ ජනප්‍රිය වීම නිසා ඇතිවන දේවල්. ඒ නිසා හොඳ හෝ නරක ගොසිප් තුළින් සිද්ධ වෙන්නේ අපිව තව තවත් ජනප්‍රිය වීම. ඉතින් මම ආසයි මගේ ගැන කටකතා, ගොසිප් හැදෙනවා නම්.”