දෙවැනි විවාහයකට යනවා නම් එකපාරක් නෙවෙයි, සියපාරක්වත් හිතන්න වෙනවා – චතුරිකා පීරිස්

කලක් පුංචි තිරයට නැතිවම බැරිවුණු ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. ඉතින් අපේ රටේ තවත් දක්ෂ රංගන ශිල්පියෙක් වන ගයාන් වික්‍රමසිංහ සමඟ විවාහ වෙලා ඉන්න ඇය මේ වන විට පුංචි දියණියකගේ ආදරණිය මවක්. ඉතින් මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන ලංවී ටෙලි නාට්‍ය හරහා අපේ ආලින්දයට එනවා. ඉතින් ඇය යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙලා මේ විදිහට පැවසුවා.

“හැම අම්මා කෙනෙක්ම කැමතියි දරුවට හොඳ අනාගතයක් දෙන්න. මම ඒක අසාධාරණයක් දකින් නෑ. මෙහේ දරුවා තියලා පිටරට රස්සාවක් කරනවට වඩා එහේ ගිහින් දරුවත් තියාගෙන ඉන්නවා නම් ඒකට දොස් කියන්න බෑ..දැන් නේ ඔය සිංගල් මාම් කියලා කියන්නෙ. නමුත් ඈත අතීතයේ ඉඳන්ම අපේ ලංකාවේ ඕන තරම් සිංගල් මාම්ලා ඉඳලා තියෙනවා. එක්කෝ පියා දාලා ගිහින්, නැත්තම් අතෑරලා ගිහින්. එක ගෙයි සංස්කෘතියකුත් තිබිලා තියෙනවා. සිංගල් මාම් වචනෙ හදාගත්තට ඒක අතීතෙත් තිබ්බා. කාලයත් එක්ක තමයි මේ ක්‍රමවේදය ඇවිත් තියෙන්නෙ. ඉස්සර විවාහ සහතිකයක්වත් නෑ. ඉස්සර එපා වුණාම යනවා. දැන් සහතිකේ නිසා උසාවි ගිහින් වෙන් වෙනවා.

මම නම් දකින්නෙ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා දරුවෙක් හදනවා නම් ඒක තමා හොඳ. එතනින් එහා ගිහින් දෙන්නා දෙපැත්තට වෙනවා නම්, ඒකට වැරදියි කියන්න බෑ. දරුවන්ව උපද්දවලා දෙන්නෙක් ඇන කොටා ගන්නවට වැඩිය අයින් වෙන එක හොඳයි.ලංකාවේ නීතිය අනුව මම දන්න විදිහට දුවෙක් නම් තාත්තට. අම්මට පුතාව.. නමුත් ඒවා වෙනස් වෙනවා. තාත්තා කෙනෙකුට තනියෙන් අම්මා කෙනෙක් නැතුව දරුවෙක් හදන්න බෑ අමාරුයි. තනියම පුලුවන්, නමුත් ආර්ථික ශක්තියක් තියනවා නම් පුලුවන්. දෙවනි විවාහයකට යනවා නම් ගෑනූ ළමයි ඉන්නවා නම් ඒ අම්මා දෙපාරක් නෙවෙයි සිය පාරක්වත් හිතන්න ඕනි. ඒක එක එක්කෙනාගේ කර්මය අනුව වෙන දෙයක්. ඒක එක්කෙනාගෙන් කෙනාට ඒ දේ වෙනස් වෙනවා. සමහර අය ඉන්නවා විවාහ නොවී ඉන්න තීරණය කරපු. ඇත්තටම විවාහයක් කියන්නෙ කැපකිරීමක්නේ. අනිත් කෙනාව තේරුම් ගන්න ඕනි.ඒක සමහර කාන්තාවන්ගේ නොදැනුවත්කම වෙන්න පුළුවන්. දරුවෙක් ලැබෙන් නැත්තම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන්. කාන්තාවක් හෝ පිරිමියෙක් කියනවා නම් ඔයා අයින් වෙන්න, ඔයාට මට දරුවෙක් දෙන්න බෑනේ කියලා අයින් වෙන එක හොඳයි. සමහරු ඉන්නවා, දරුවෝ නෑ ඒත් ආදරෙන් ඉන්නවා. ඒකයි වෙන්න ඕනි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *