අංගම්සටන් කලාවට තිබුන ආසාව නිසාම මම ඒ ගැන ඉගෙනගන්න පොත් පවා කියෙව්වා – ඉමාල් රණවක

ටීවී කමර්ෂල්, මියුසික් වීඩියෝ සහ මොඩ්ල් කෙනෙක් විදිහට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන කඩවසම් තරුණයෙක් තමයි ඉමාල් රණවක කියලා කියන්නේ. ඒ වගේම කවදා හරි දවසක ඔහු සටන් නළුවෙක් වෙන්න ඕනේ කියන හීනය දකින තරුණයෙක්. ඉතින් හෙමින් හෙමින් ඒ සිහිනය සැබෑ කර ගන්න යන ගමනේ අතරමඟ ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස් වල ඔහු කායවර්ධන පුහුණුකරුවකු විදියට වැඩ කරනවා. ඉතින් ඒකත් එක්ක තමයිලු ඔහු ලැබෙන ආරාධනාවලට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ඔහු මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 5ක වගේ කෙටි කාලයක්.

ඉතින් ඒ වගේම ඔහු ඔහුගේ ගමන මුලින්ම පටන් ගන්නේ අංගම්පොර සටන් කලාවෙන්. ඒකත් එක්ක තමයි ඔහුට චිත්‍රපට සහ ටෙලි නාට්‍යය පැත්තට ඔහුගේ ගුරුතුමා එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම අද ඔහු වෙද්දී නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. කායවර්ධන අංශයෙන් තමයි ඔහු ඉදිරිපත් වෙන්නේ. ඒත් එක්කම ඔහු කාලයක් තිස්සේ නාට්‍යය ක්ෂේත්‍රයට ඍජුවම සම්බන්ධ වෙලා හිටියට ඒ පැත්තෙන් ඔහුට අද වන තුරු තෘප්තිමත් විය හැකි නිර්මාණ ලැබිලා නැහැ කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම අංගම්පොර සටන් කලාවට කියන්නේ ඔහුගේ පොඩි කාලේ ඉඳන්ම තිබුන ලොකු ආසාවක්. ඒ නිසා ඔහු ඒ ගැන ඉගෙනගන්න ඒ ගැන පොත පත කියවලා තියෙනවා. ඊට පස්සේ ඔහු දැනගත්තාලු අපේ රටේ පැවති අංගම් සටන් කලාව ගැන. ඉතින් උසස් පෙළ ලියලා ඉවර වෙනවත් එක්කම ඔහු අංගම්පොර සටන් කලාවට යොමු වෙලා තියෙනවා. ඒ දෙදහස් දාහතර අවුරුද්දේදී.

ඉතින් ඒ වගේම ඔහු තවම ආදරවන්තයෙක් නෙවෙයි. නමුත් ඔහු ආදරේ දකින්නේ ජීවිතයකට තියෙන්න ඕනෙම දෙයක් විදිහටලු. හැබැයි ජීවිතේ වෙන අරමුණු එක්ක ආදරේ හොයන්න ගත්තොත් අපිට සැබෑ ආදරේ හම්බෙන්නේ නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම කලබලයකින් තොරව හදිසි නොවී ආදරේ ගැන හිතුවොත් ඒක සුන්දර දෙයක් කියලයි ඔහු කියන්නේ. ඒ නිසා ආදරේ කියන්නේ ජීවිතේ හරි යන්න වගේම වරදින්නත් පුළුවන් තැනක් කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *