මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ජනප්‍රියම ටෙලිනාට්‍ය දෙකක් වන නීල පබළු සහ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය දෙක හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තරුෂි පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම ඇය පුංචි තිරය ආක්‍රමණය කරගෙන ඉන්නෙත් දඩබ්බර නැති අහිංසක චරිත වලින් කිවුවොත් හරියටම හරි.
කොහොම නමුත් ඇය රංගන ශිල්පිනියක් නිසා පුතා ලැබෙන්න ඉන්නකොට ඇය ටිකක් මහත් වුණාට, පුතාගේ පෝෂණය ගැන හිතලා ඇය ඩයට් කළේ නැහැ කියලා ඇය කියනවා. ඉතින් ඒ දවස්වල ඇඟ ගැන නොහිතා හොඳට කෑවා කියලයි. ඉතින් ඊට පස්සේ තමයි ඇයට මේ චරිත දෙක ලැබිලා තියෙන්නේ. ඉතින් කැමැත්තෙන් භාර ගත්තා. කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය සාමාන්‍ය ගමන් බිමන් යන්නත් අයි ලයින් එකයි ලයිට් ලිප්ස්ටික් විතරයිලු පාවිච්චි කරන්නේ. ඉතින් ඇය සාමාන්‍ය තැන්වලදි මේක්අප් දාන කෙනෙක් නෙමෙයි.
ඒ වගේම ඇයගේ පුතා තමයි අකේන් තෙන්නකෝන්, එයාට දැන් වයස 7යි. ඒ වගේම ඇයගේ සැමියා සුමේධ. ඉතින් මේ දෙන්නා තමයි ඇයට වඩා ඇයගේ ලස්සන ගැන හිතන්නේ. ඒ නිසාම පුතාට ඕන ඇයගෙන් චාම් ලස්සනක් දකින්නලු. ඒ වගේම පුතාට හොඳ ඇහැක් තියෙනවා කියලත් ඇය කියනවා.
ඒ වගේම ඇයගේ සැමියා සුමේධ ඩුබායි බැංකුවක තමයි වැඩ කරන්නේ. කොහොම නමුත් ඇය විවාහයට පස්ස ගහපු කාලෙක තමයි ඔහුගේ පාර්ශ්වයේන් විවාහ යෝජනාවක් ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඇය හරියට වැරදි හොයපු කෙනෙක් කියලත් ඇය කියනවා. දික්කසාද වෙන්න බැරි නිසා හොඳම කෙනා හෙව්වාලු. හැබැයි ඒ කාලේ සුමේධට ඇයගෙත් හිත ගිහින් තියෙනවා. ඊට පස්සේ ඔවුන් කැමති වෙලා මාස දෙකෙන් විවාහ ගිවිස ගෙන තියනවා. ඒ වගේම මාස හයෙන් විවාහ වෙලා.
හැබැයි ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැලු ඇය රඟපානවට. මුලදි කමක් නැහැ කිව්වට විවාහ වුණාට පස්සේ එපා කියලා. කොහොම නමුත් ඇයට හොඳම චරිත ලැබුණු නිසා භාර ගත්ත චරිත නොකර ඉන්න ලෝබ හිතුණා කියලයි ඇය කියන්නේ. ඊට පස්සේ පුතා ලැබෙන්න හිටපු නිසා ටික කාලයක් නිහඬව හිටියට ඇය රඟපාන්නේ නැහැ කියලා කියලා නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ඇයට නීල පබළු ලැබිලා තියෙන්නේ. ඉතින් අකමැත්තෙන් කැමැත්ත අරන් කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.