සෙනාලි ෆොන්සේකා කියන්නේ පසුගිය කාලයේ කියන්නේ රසික හදවත් දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් මේ වන විට එංගලන්තයේ ජීවත්වෙන ඇය ඒ ගැන මේ විදිහට පැවසුවා. “තව මාස කීපයක් එංගලන්තේ ඉන්න වෙනවා. තාත්ති නැති වුණාට පස්සේ මෙහෙ ගෙවල් දොරවල් බලන්න එන්න බැරි වුණා .අම්මත් අසනීපෙන් ඉන්න නිසා වැඩ ටික ඉවර උන ගමන් ඉක්මනින්ම ලංකාවට යනවා. ගොඩක් වෙලාවට ලංකාවට අලුතින් එන විලාසිතා බොහොමයක් මීට මාස ගණනාවකට පෙර එංගලන්තයේදී දක්නට ලැබීම සාමාන්‍යයි. රටවල් දෙකක හිටියත් මොන තරම් විලාසිතා නෙත ගැටුනත් හැමදාමත් මම විලාසිතා කළේ තෝරාබේරාගෙන. මට ගැළපෙන දේ පමණයි”
ඉතින් විලාසිතා කරද්දී ඇය සැලකිලිමත් වෙන දේවල් ඇය මේ විදිහට පැවසුවා. “ප්‍රධානම දේ පහසුව. මොනතරම් වටිනා විලාසිතාවක් වුණත් ඒක ඇඳන් ඉන්නේ අපහසුවෙන් නම් එවැනි විලාසිතා වලින් වැඩක් නැහැනෙ. ඒ නිසා එවැනි විලාසිතා නම් මම කීයටවත් තෝරා ගන්නේ නැහැ. අනිත් දේ තමයි කුමන විලාසිතාවක් කරන්න ගියත් මගේ වයස හා ඇඟේ හැඩය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. බොහෝ විට අපි සිනහවට ලක් වෙන්නේ ඇඟේ හැඩය ගැන සැලකිල්ලක් නොදක්වා විලාසිතා කරන්න යාම නිසයි. ඒ නිසා ඒ ගැන නම් ගොඩක් සැලකිලිමත්. පුංචි කාලෙ ඉඳලම මම මට ගැළපෙන විලාසිතා බොහෝ විට තෝරා ගත්තේ අම්ම්ගෙනුයි, තාත්තිගේ නුයි අහලා. අදටත් එයාලගේ තේරීම් වලට මම ගරු කරනවා. ඒ හැරෙන්න වටේ පිටේ ඉන්න ඔක්කොම අයගේ කමෙන්ට් වලට නම් මම එච්චර ඇහුම්කන් දෙන්නේ නැහැ. මම ආස නම්, මට ගැළපෙනවා නම් ඕනෑම විලාසිතාවක් මම කරනවා.ඔසරිය ඇන්දම කාගේත් ආදරණීය අගය කිරීමට ලක් වෙනවා. මමත් ආසම ඇඳුම ඔසරිය. ඊට අමතරව සාරිය ,දිග ගවුමත් මට ගොඩක් ගැලපෙනවා. බටහිර පන්නයට සැරසුනාමත් ඒ හැමෝගෙන්ම” වාව් ”එකක් ලැබෙනවා.
මම ආසම සුදු පාට ටයි රෝස පාටටයි. නමුත් දැන්නම් විශේෂතා නැතුව ශරීරයට ගැලපෙන ඕනෑම පාටක් අඳිනවා.බොහෝ විට අහන්න ලැබෙනවා ෆොටෝශුට් වලට එහෙම අඳින ඇඳුම් වලට වගේම මම විශේෂ උත්සව වලට සකසා ගන්නා ඇඳුම් වලටත් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙ ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා . ඒ විදියටම ඒ විලාසිතා කරන්න උත්සාහ කරනවා කියලා. රඟපෑම වෙනුවෙනුත් අඳින ඇඳුම් වලටත් ලොකු ඉල්ලුම් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම විජයබා කොල්ලය, සිරිපැරකුම් චිත්‍රපටයෙ මම ඇදපු ඇඳුම් ආයිත්තම් වලට වගේම නාඩගම් කාරයෝ ටෙලි වෘතාන්තයේ මං ඇඳපු චීත්ත ගවුම් වලටත් ලොකු ඉල්ලුමක් ලැබිලා තිබුණා. වර්තමානයේ තරුණ යුවතියන් අතර චීත්ත ගවුම් වලට ලොකු කැමැත්තක් නාඩගං කාරයෝ හරහා ඇති වී තිබුණාකිසිම විලාසිතාවක් සියට සීයක් අනුකරණය කිරීම කිසි විටෙකත් ගැලපෙන්නෙ නැහැ. බොහෝ වෙලාවට මට ගැළපෙන විලාසිතා කර ගන්න අවශ්‍ය වුණාම මම අදටත් ඇඳුම් මෝස්තර නිර්මාණකරණයේ යෙදිලා ඉන්න අයගෙන් උපදෙස් ලබා ගන්නවා. එවිට අපිට ගැළපෙන විදිහටම විලාසිතා කරන්න පුළුවන්.”
ඒ වගේම විලාසිතා ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “කෙනෙකුට හිතෙන්න පුළුවන් ලස්සනට අඳින එක ,පාට ගලපන එක, විවිධ ඇඳුම් අදින එක විලාසිතාවක් කියලා. නමුත් මම පෞද්ගලිකව හිතනවා විලාසිතාවක් කියන්නේ තමන් කවුද කියලා දැනගෙන ප්‍රවේශමෙන් තෝරා බේරා ගෙන තමන්ගේ පෞරුෂත්වයට ගැලපෙන විදියට කළ යුතු දෙයක් කියලා. එහෙම නොවුනොත් අපි නිතැතින්ම සිනාවට ලක්වෙනවා.විලාසිතාවකින් කෙනෙකුව මනින්න බැහැ .උදාහරණයක් විදිහට රංගන ශිල්පිනියක් ගත්තොත් ඇයට ඇය නියැලෙන වෘත්තියේ ස්වභාවය අනුව විවිධ විලාසිතා කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක අඳින ඇඳුමෙන්ම කෙනෙක්ව මැනීම ලොකු අසාධාරණයක්. කොටට ඇඳුමක් ඇන්ඳ පලියට, ශරීරය පේන්න ඇඳුමක් ඇන්ද පලියට අපිට ඇයව නරක කෙනෙක් කියලා හංවඩු ගහන්න බැහැ. මම හිතන්නේ කෙනෙක්ව අපිට නිවැරදිව මැනිය හැක්කේ විලාසිතාවලින් නොවෙයි. ගතිගුණ වලින්.”