උදාරි වර්ණකුලසූරිය කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් රූමත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මේ වෙද්දී විවාහ වෙලා අවුරුදු 10ක් දියණියක් සිටියත් ඇයගේ රූමත් බව නම් බිඳක්වත් අඩුවෙලා නැහැ.ඉතින් පසුගිය දවසක යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වූ ඇය තම රූමත් බවේ රහස හෙළි කලේ මේ විදිහටයි.
“ජීවිතේ කවදාවත් එක පේෂල් එකක්වත් කරලා නෑ. මම විශ්වාස කරන්නෙ සොබාවදර්මයෙන් ලැබිච්ච දේ තමයි ලස්සනම දේ. අස්භාවික දෙයක් ගන්නවා කියන්නෙ විරූපී වීමක් තමයි. කලර් චේන්ජ් නම් කරනවා.. ෂූටිං වලදී චරිතයකට පාට මාරු කරන්න වුණොත් ඇරෙන්න කරන් නෑ. විලාසිතා ගත්තම මට ගැළපෙන ඒවා විතරයි. මම බහුතරයක් දැකලා තියෙනවා අපේ අයට පැෂන් එකක් තෝරගන්න දන් නෑ. සුදුසු තැන සුදුසු ඇඳුම පාවිච්චි කරන්න දන් නෑ. මම විලාසිතා වලදී එන එන ට්‍රෙන්ඩ් එක ගන් නෑ. එකක් මම මවක් බිරිඳක්. මුලු රටක් ලෝකයක් දන්න චරිතයක්. ටීවී එකේ අපි ඇඳන් ඉන්න ඇඳුමක් දැකලා අපිව කොපි කරන්න කෙනෙක් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආදර්ශමත් වෙන්න වුවමනයි කියන තැන මම ඉන්නවා. ෆිල්ම් එකක වුණත් මම ඇඳුම ගැන හිතනවා.”
පැරණි පුවත් – තාත්තා කැමති වුණේ නෑ මගේ ස්වාමියා බෞද්ධ කියලා.හිතුවක්කාරකමට මම එයාව බැන්දේ අවුරුදු 20දී – උදාරි වර්ණකුලසුරිය
රංගන ක්ෂේත්‍රය තුල වැඩිපුර දකින්න නැති වුනත් ජනප්‍රියත්වය නම් බිඳක්වත් අඩු නොවන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසුරිය. ඉතින් මේ වෙද්දී විවාහ වෙලා අවුරුදුදු 10ක දියනියකුත් සිටින ඇය තම විවාහය ගැන යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වී මේ විදිහට පැවසුවා.
“මගේ තාත්තා කතෝලික.තාත්තා කැමති වුණේ නෑ ස්වාමියා බෞද්ධ යි කියලා. ආගම් බේධය අපේ තාත්තට ලොකුවට බලපෑවා.හැබැයි තාත්තා එහෙම කිව්වට අම්මත් බෞද්ධ. තාත්තා මුලදී කැමති වුණේ නැහැ. ඊට පසු මම හිතුවක්කාර තීරණයක් ගත්තා. ඊට පස්සේ මම අවසර ගන්න ගියේ නැහැ. ඔන්න සුජිත් එක්ක මම යාළුයි එයා passout වුණා. එයාට ඉන්ටර්නල් තියෙන්නේ සිංගප්පූරුවේ ඊට පස්සේ මම එයත් එක්ක සිංගප්පූරුවේ පදිංචි වෙනවා කියලා තීරණයක් ගත්තා.ඔයගොල්ලෝ කැමති උනත් එකයි නැතත් එකයි කියලා මම කිව්වා. ඊට පස්සේ එයාලට ලැජ්ජා වෙන්න බෑ කියලා බඳින්න කියලා අවසර දුන්නා. අවුරුදු 20 දී ඊට පස්සේ මම විවාහ වුණා. එහෙම තමයි ඒ ගොල්ලන්ගේ කැමැත්ත මම බලෙන් ගත්තේ.”