මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ. මට දැන් අවුරුදු 28ක් – ජනප්‍රිය නිලි මියැසි සංදීපනී

මියුසික් වීඩියෝස් හරහා කලා ක්ෂේත්‍රයට පිවිස මේ වෙද්දී ඉතාමත් ජනප්‍රිය වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි මියැසි සන්දීපනී. ඇය මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය හරහා අපේ ආලින්දයට එනවා. ඇයව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා දැන හැදින ගත්තා. ඇයව බොහෝ ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ වස්ති අනුෂ්කගේ ගීතයක් ඔස්සේය.  ඉතින් පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වූ ඇය තම අතීතය මේ විදිහට මතක් කර තිබුණා.

“මම පොඩි කාලේ ඉඳන් ගොඩක් තනියම හැදුනේ.මගේ අම්මා රට ගිහින් හිටියේ.මං ගොඩක් පොඩි කාලෙදි තමයි අම්මා රට ගියේ.මම එතකොට හැදුනේ වැඩුනේ අම්මගෙ අක්කා එක්ක.මම එයා තමයි මගේ අම්මා කියලා හිතාගෙන හිටියේ.මම හිතාගෙන හිටියේ මට අම්මල දෙන්නෙක් ඉන්නවා කියලා.ඒ කෙනෙක් ලොකු අම්මා අනිත් එක්කෙනා අත්තම්මා.පස්සෙ මම තේරුම් ගත්ත ලොකු වෙනකොට.එතකොට නං ටික ටික මට දුක හිතෙන්න ගත්තා.මොකද පිට අය ළඟ හැදෙනකොට ප්‍රශ්න ඉතින් කොහොමත් එනවනෙ.මගේ අම්මා තාත්තා නැති අඩුපාඩුව නම් මගේ ජීවිතයෙ මට සෑහෙන්න දැනිලා තියෙනවා. ඉස්සර මම ගොඩක් music, dancing කරපු කෙනෙක් එතකොට ඉස්සර උත්සව වලට එහෙම ගොඩාක් සහභාගි වුණා. අනිත් ලමයින්ගේ අම්මලා තාත්තාලා ඒවාට සහභාගී වෙනකොට වෙන කොට මගේ අම්මයි තාත්තයි නැති වෙනකොට මට ගොඩක් දුක හිතුණා.නමුත් මම කිසිම කෙනෙක්ට ඒ දුක ගැන කියන්න යන්නෙ නැහැ.”

ඉතින් ඒ වගේම මේ දිනවල ජනප්‍රිය ලිවින් ටුගෙදර් සංකල්පය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මම දකින විදියට ඒකේ කිසි වරදක් නෑ. මොකද අපි නොදන්න කෙනෙක් එක්ක එක පාරටම ජීවත් වෙන්න අමාරුයිනේ. ඊට පස්සේ තමයි නිකම් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා කලින් එකට ඉදලා විවාහ වෙන්න සුදුසුයිනම් විවාහ වෙන එක හොදයි කියලා මම හිතන්නේ. මේක මගේ පෞද්ගලික මතය. මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ. මට දැන් අවුරුදු 28ක්. අම්මනම් කියනවා දැන් විවාහ වෙන කාලේ හරි ඉක්මනට කසාද බදින්න කියලා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *