බොරු හීන පෙන්නලා ක්ෂේත්‍රයට ගත්තම අන්තිමට නවතින්නේ ගණිකාවක් වෙලා – චූලා පද්මේන්ද්‍ර

නිරූපණ ශිල්පිනියක් ලෙසින් රටේම ආදරය දිනාගත් දක්ෂ ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනියක් තමයි චූලා පද්මේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් ඇය මේ වෙද්දි ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 25කට ආසන්නයි. 2003 වසරේදී ‘Colombo Fashion Week’ වලින් මෝස්‌තර නිරූපණ ගමන ආරම්භ කල ඇය මෙරට පමණක් නෙවෙයි ඉන්දියාවෙ සුමිත් වර්මා, මුවිරාජ් කෝසල වගේ ප්‍රවීණයන් මෙන්ම අපේ රටේ සේනක, මයිකල් විජේසූරිය වැනි ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පීන් සමඟ වැඩ කරන්න අවස්ථාව හිමිකරගත්තා.

ඒ වගේම ‘Model of the world’ පැජන්ට් එකේදි වැඩිම සම්මාන ලැබුණු මෝස්තර නිරූපණ ශිල්පිනිය ලෙස සම්මානය දිනාගැනීමටත් ඇයට හැකියාව ලැබුණා. ඒත් එක්කම ඇය සෑම අවුරුද්දකම ‘Man of the glow’හි කෝච් කෙනෙක් විධියටත් වැඩ කරනවා.

කොහොම නමුත් නිරූපණ ක්ෂේත්‍රයේ පූර්ණකාලීනව නියැළෙන්නට පෙර ඇය ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළා. ඉතින් ඒ දවස්වල රැකියාව කරන අතරතුර නිරූපණ කටයුතුවල නිරත වන්නට අවස්ථාවක් තිබුණෙ නැති නිසා ඇය පොඩි කාලෙ සිටම දුටුව සිහිනය වෙනුවෙන් ඇය ඒ රැකියාවෙන් ඉවත්වෙන්න තීරණය කරලා තියෙනවා.

ඒ වගේම ඇය මේ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ මේ ක්ෂේත්‍රයට තිබෙන ආදරේ නිසා මිසක් ජනප්‍රිය වෙන්න හිතාගෙන නෙවෙයි කියලයි ඇය කියන්නේ. නමුත් දැන් ඉන්න නවකයන්ට අවශ්‍ය මොනවාහරි කරලා ජනප්‍රිය වෙන්න කියලත් ඇය කියනවා. ඉතින් දැන් ප්‍රමිතියක් නැතුව බොරු හීන පෙන්නලා නවකයන්ව එළියට දාන නිසා අන්න එහෙම ළමයි යන්න තැනක් නැති වුණාම තමයි ගණිකා වෘත්තියට පවා පෙලඹෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය අදටත් ඇයගෙන් ඉගෙන ගන්න සිසුන්ට කියන්නෙ ස්ථිර රැකියාවක් තබාගෙන මේක අමතර රැකියාවක් විධියට කරන්න කියලා.

ඒ වගේම ඇයගේ තාත්තා ඇයට හැම තිස්සෙම කියලා තියෙන්නෙ බොරු කරන මනුස්සයටත් වඩා ඒ බොරුව දැක දැකත් කට වහගෙන ඉන්න මනුස්සයා වැරැදි කියලා. ඉතින් මේ දවස්වලත් ඇත්ත කතා කරපු නිසා ඇය ඊර්ෂ්‍යා කරනවා කියලා මඩක් යනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට ඊර්ෂ්‍යා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ජීවිතේ මොන දේ කළත් කවදාහරි ඇත්ත එළියට එනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයව දන්න ගොඩක් අය දන්නවාලු කවුද බොරු කියන්නෙ කියලා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *