මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන රාජිනී ටෙලි නාට්‍යයේ අභී ලෙසින් ආදරය දිනාගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා කියන්නේ. ඉතින් දෙරණ ලිට්ල් ස්ටාර් තරඟාවලිය හරහා පුංචි තරුවක් ලෙසින් කලා ක්ෂේත්රයට පිවිසුණු ඇය දැන් ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක් වෙලා.ඉතින් පසුගිය දවසක විවාහ වුනු ඇය තම ආදරණිය සැමියා ගැන මේ විදිහට පවසා තිබුණා. “මම එයාව මුලින්ම දැක්කෙ හෑන්ඞ් ෆෝන් එකට ආපු පිංතූරයක් විදියට. එ්ක අහම්බෙන් උදාවුණ හරි අපූරු දවසක්. මම නොමැකෙන මතක ටෙලිනාට්‍යයේ ෂූටින්වලට මොරටුවෙ ලොකේෂන් එකකට ගියා. එ් ගෙදර හිටපු ආන්ටි කෙනෙක් එක්ක අම්ම කථාකර කර ඉඳල එකපාරටම අම්ම ඇවිත් කිව්වා මගේ ෆොටෝ එකක් අම්මට එවන්න කියලා. මම කිව්වා මේ ෂූටින් අස්සෙ ෆොටෝ එවන්න බෑ කියල. එ්ත් බ්රේක් එකකදී මම ෆොටෝ එකක් යැව්වා.
ඊළඟ ෂූට් එක ඉවරවෙලා එද්දි අම්ම දුවගෙන ඇවිත් බෝයි කෙනෙකුගෙ ෆොටෝ එකක් පෙන්නල ඇහුවා මෙයා හොඳද කියලා. එතනදිත් මම කිව්වා අම්මෙ මේ කලබලේ මට ඕව තීරණය කරන්න බෑ පස්සෙ බලමු කියලා. අන්න එහෙම ආපු ප්‍රපෝසල් එකක් තමයි අපේ හමුවීම.ඒ කාලෙ ඉඳලම අම්ම කිව්වා මම කවදහරි ඔයාට විවාහ වෙන්න හොඳම කෙනා හොයල දෙනව කියලා. කිව්වත් වගේ අම්ම මට හොයල දුන්නෙ සහකරු ලෙස පිළිගන්න පුළුවන් හොඳම කෙනා.එදා මොරටුවෙදි හමුවුණ ආන්ටි නෑකමට සම්ජුගෙ ආච්චි කෙනෙක්. අම්මයි, ආන්ටියි එකතුවෙලා මගේ ප්‍රොෆයිල් එක එයාට දාල එයාගෙ ප්‍රොෆයිල් එක මට දාල දෙන්නට දෙන්න හඳුනාගන්න ඉඩ දුන්නා. එතෙන්දි සම්ජුගෙ යාළුවෙක් දැකල ඇහුවලූ මචං ඔය අර සි එකේ ගයනි නේද ඕක ඇත්තටම වෙන දෙයක්ද කියල. එයා මගේ ප්‍රොෆයිල් එක බලල දවසකට දෙකකට පස්සෙ කෝල් කළා. එ් වෙද්දි මමත් එයා කවුද කියන එක දැනගෙන හිටියා.සම්ජු කිව්වා අපි කෙනෙකුට ආදරේ කරන්න ඕන පිටින් පේන ලස්සනට නෙමෙයි.
ඊට වඩා ගොඩක් දේවල් හිතන්න තියෙනවා. ඒ දේවල් හිතල බලල මම ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇතිකරගත්ත කියල. එතෙන්දි මටත් හිතුනා එයා බුද්ධිමත් විදියට හැමදේම තේරුම් අරගෙන ඉන්න කෙනෙක් නිසා එ් වගේ කෙනෙක් එක්ක ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන්න පුළුවන් කියලා.ෆොටෝස් වලින් දැකල කථාබහ කරන්න පටන් අරගෙන හරියට මාස හයකට පස්සෙ එයා ලංකාවට ආවා. එ් එද්දි මම සකලගුරු ඩ්‍රාමා එකේ ෂූටින් නිසා හොදටම බිසී. ලංකාවට ඇවිත් මාසයක් විතර හිටියත් අපිට කතාබහ කරන්න ලැබුණේ ෂූටින් යන එන අතරෙම තමයි. කොහොමහරි අපේ වැඩිහිටියො අපි දෙන්න ගැන හැමදේම කථාබහ කරල ඔවුන්ගෙ ආශිර්වාදය දුන්නට පස්සෙ එයා ආපසු ඕස්ට්‍ර්ලියාවට ගියා.”
ඒ වගේම ඔවුන්ගේ සුන්දර විවාහ උත්සවය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “පානදුරේ ජෙට්වින් හෝටලය තමයි අපි ඒ සඳහා තෝරා ගත්තෙ. සම්ජු කතෝලික බැතිමතෙක් නිසා අපේ විවාහයේ චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වුණේ මොරටුව ක්වීන්ස් එන්ජල් දේවස්ථානයේ. පල්ලියේ ආගමික කටයුතු වලින් පස්සෙ අඩුවෙලාවකින් ළඟාවෙන්න පුළුවන් හොඳම හොටෙල් එක ජෙට්වින් හෝටලය.ෆීල්ඞ් එකට ආවට පස්සෙ පළවෙනි ෆොටෝ ෂූට් එකට මාව හැඩකළ ඉයන් සංජීව ඩයස් අයිය තමයි මාව බටහිර මනාලියක් විදියට හැඩගැන්වූයේ. එ් වගේම එදා මගේ ෆොටෝස් කරපු සමන් රත්නායක අයියා අපේ විවාහ මංගල උත්සවයේ ඡුායාරූප අංශය බාරව කටයුතු කළා.”