මේ දිනවල විකාශනය වන ඉතාමත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යය වන දිවිතුරා, රජිනි,ලංවී ආදී ටෙලි නාට්‍ය කිහිපයක් තුලින්ම ප්‍රේක්ෂක හදවත් දිනාගෙන සිටින දක්ෂ නවක රංගන ශිල්පිනියක් තමයි වගීෂා සල්ගාදු කියන්නේ. ඉතින් මේ දවස්වල ජීවිතය ගැන ඇය පුවත්පතකට මෙලෙසින් පවසා තිබුණා. “මේ දවස්වල ‘දිවිතුරා’, ‘රාජිනී’ සහ ‘ළංවී’ සහ ලබන සතියේ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක් ඇතුළුව ටෙලි නාට්‍ය හතරක රූගතකිරීම් කෙරෙනවා. ඒ එක්කම මියුසික් වීඩියෝ කිහිපයකුත් කළා. ඇත්තම කියනවා නම් ටිකක් කාර්යබහුල කාලයක් තමයි මේ ගෙවෙන්නෙ. දවස් ගාණකට පස්සෙ තමයි ගෙදර ඉන්න ලැබුණේ. පසුගිය කාලයේ නම් ඉගෙනීමේ කටයුතු නිසා අවුරුද්දකට නිර්මාණ එකකට හෝ දෙකකට තමයි දායකත්වය ලබාදුන්නේ. අද දිවිතුරා ෂූටිං ගියොත් හෙට රාජිනී ෂූටිං. ඔය විදිහට මාරුවෙන් මාරුවට එක එක චරිත කරන්න වෙනවා. ඒ අතර මියුසික් වීඩියෝත් කරන්න වෙනවා. එක ළඟ චරිත කිහිපයක් කරද්දි චරිත පැටලෙන එකට මම උපක්‍රම කිහිපයක් පාවිච්චි කරනවා. එක එක චරිතයට මම වෙන වෙනම මියුසික් ප්ලේ ටිකක් හදාගෙන තියෙනවා. අදාළ චරිතය කරන දවසට ඒ චරිතයට අදාළ මියුසික් ප්ලේ එක අහගෙන තමයි මම යන්නෙ.”
ඒ වගේම ඇය වෘත්තියමය වශයෙන් නිලියක් බවත් මේ විදිහට පවසා තිබුණා. “මේ වෙද්දි මම වෘත්තීයමය වශයෙන් නිළියක්. මුලින් මම රඟපෑවේ විනෝදාංශයක් විදිහට. පසු කාලයේදී වෘත්තීය නිළියක් වෙන එක මගේ ඉලක්කයක් බවට පත්වුණා. කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහට ලැබුණු මේ අවස්ථාවට වටිනාකමක් දෙන්න මම උත්සාහ කරනවා.”ඉතින් ඒ වගේම තාමත් අධ්‍යාපනය හදාරන ඇය තම අධ්‍යාපන කටයුතු ගැනත් මේ විදිහට පැවසුවා. “මම හදාරන්නෙ මනෝවිද්‍යාව සහ නීතිය. මේ දවස්වල එල්.එල්.බී. උපාධිය සඳහා ඉගෙන ගන්නවා. ඒ අතර අපරාධ මනෝවිද්‍යාවත් ඉගෙන ගන්නවා. ඇත්තටම මම නීතිය හදාරන්නෙ නීතිඥවරියක් විදිහට උසාවි යන්න නම් නෙවෙයි, මගේ දැනුම වැඩිකර ගැනීමටයි. අනාගතයේදී මනෝ විද්‍යාඥවරියක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්‍ර දෙකේම මම රැඳී සිටීවි.මම ළඟින් ඇසුරු කරන යාළුවෝ හැමෝම කලා ක්ෂේත්‍රයේ අය. මගේ පාසල් යාළුවෝ හිටියත් අදටත් ළඟින් ඇසුරු කරන්නේ එක් පිරිමි යාළුවෙක් විතරයි. ඒ හැරුණාම දුල්ෂාරා අල්විස්, හේසර බණ්ඩාර, අංජුමාලා, ශනුද්‍රි වැනි ක්ෂේත්‍රයේ අයව තමයි නිතරම ඇසුරු කරන්නේ.”
ඉතින් ඇය කලා ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරය ගැනත් මේ විදිහට පවසා තිබුණා. “මගේ රංගන දිවියේ පිවිසීමේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි 2015 වසරේදී මහේන්ද්‍ර පෙරේරා සර්ව හමුවීම. ඔහු මාව ‘එළියකන්ද’ නාට්‍යයට යොමුකළා. එළියකන්ද නාට්‍යයේ රඟපාන්න කැමරාව ඉදිරියට ගියාම මට දැනෙනවා මම, මාව හොයාගත්තා වගේ හැඟීමක්. එතැනදී මම තීරණය කරනවා මට රඟපාන්න පුළුවන්, මේක තමයි මම යායුතු මග කියලා. අදටත් මහේන්ද්‍ර සර්ට මම කියන්නේ අප්පච්චි කියලා. කාලයක් යද්දි මගේ අධ්‍යාපන කටයුතුයි, ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලියි එක්ක මට මේක හරි බරක් විදිහට දැනෙනවා. ඉතින් මම තීරණය කරනවා රඟපෑමෙන් ඉවත් වෙන්න. ඒ අවස්ථාවේදි තමයි තිසර ඉඹුලාන අයියා මට මියුසික් වීඩියෝවකට ආරාධනා කරන්නේ. සනුක වික්‍රමසිංහගේ ‘අවසන් සටන’ මියුසික් වීඩියෝවට දායක වීමෙන් පසුව තමයි මගේ දෙවැනි පිවිසීම ලබාගන්නේ.”