ආදර සම්බන්ධතාවක් ගැන හිතන්න මට වෙලාවක් නැහැ – අනුරාධා එදිරිසිංහ

අනුරාධා එදිරිසිංහ කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන කොලම්කුට්ටම ටෙලි නාට්‍යය ඔස්සේ අපේ ආලින්දයට එනවා. ඉතින් ඒ ගැන ඇය පුවත්පතකට මෙලෙසින් පවසා තිබුණා. “කෝලම් කුට්ටම ටෙලි නාට්‍යය මේ දවස්වල සාර්ථකව විකාශය වෙනවා. දැන් මම කොහේ ගියත් ගොඩක් දෙනා අහන්නෙ කෝලම් කුට්ටමේ නැටුම් ටීචර් නේද මේ කියලා. ඒ තරමට කෝලම් කුට්ටම ප්‍රේක්ෂකයන්ට සමීපවෙලා තියනවා. සැබෑ ජීවිතයේදි මම ටිකක් දඟකාර කෙනෙක්. හැබැයි දඩබ්බර සැර කෙනෙක් නම් නෙවෙයි. ටෙලි නාට්‍යයේදි චරිතයට ඕන නිසා තමයි එහෙම දඩබ්බර විදිහට රඟපාන්නෙ. ඇත්තටම ගොඩක් සතුටුයි. ලංකාවෙ සිටින දක්ෂ, ජ්‍යෙෂ්ඨ නිර්මාණකරුවො දෙන්නෙක් තමයි සද්ධාමංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් කියන්නෙ. මීට පෙර ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වුණ ටෙලි නාට්‍යයන් වගේම කෝලම් කුට්ටම කියන්නෙත් ඉතාමත් හොඳ අනර්ඝ ටෙලි නාට්‍යයක්. ඔවුන්ගේ නිර්මාණයකට රංගනයෙන් දායකවෙන්න පුළුවන් වුණු එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා.”

විවිධ පරාස වල චරිත ඉතාමත් දක්ෂ නිරුපනය කරන ඇයඒ ගැනත් මේ විදිහට පැවසුවා. “මං හිතන්නෙ විවිධාකාරයේ පරාසවල චරිත රඟදැක්වීමේ හැකියාවක් මට තියනවා කියලා. ඒ හැකියාව නිර්මාණකරුවො හඳුනගෙන මට චරිතවලට ආරාධනා කරනවා. තවමත් මම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. එකම විදිහෙ චරිතවලට කොටුවෙන්නෙ නැතුව විවිධ පරාසවල චරිත රඟදැක්වීමට ලැබෙන එක මගේ වෘත්තීය ගමනට ලැබෙන හොඳ අත්දැකීමක් කියලයි මම හිතන්නෙ.”කොහොම වුනත් ටෙලි නාට්‍යය විශාල ප්‍රමාණයකට දායක වුනත් ඇය තාමත් සිනමාවට සම්බන්ධ වෙලා නැහැ.ඉතින් ඒ ගැනත් ඇය මේ විදිහට පවසා තිබුණා. “මේ වෙද්දි මම එකම සිනමා පටයකටවත් රංගනයෙන් සම්බන්ධ වෙලා නැහැ. මම දන්නෙ නැහැ සිනමා ක්ෂේත්‍රයෙන් මට ආරාධනා එන්නෙ නැත්තෙ ඇයි කියලා. එහෙම ආරාධනාවක් ආවොත් ගොඩක් කැමත්තෙන් සිනමාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.”

ඒ වගේම ආදර විවාහය ගැනත් ඇය මේ විදිහට පවසා තිබුණා. “සම්බන්ධකම් ඇති වෙනවා නැති වෙනවා. ඒ තමයි ජීවිතයේ හැටි. මේ වෙද්දි මට ආදර සම්බන්ධතාවක් නැහැ. මගේ සම්පූර්ණ කාලය මම රංගන කටයුතු වෙනුවෙන් වෙන් කරලා තියෙන්නෙ. ඒ නිසා ආදර සම්බන්ධතාවක් ගැන හිතන්න මට වෙලාවක් නැහැ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *