මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නිරුපන ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණී. ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි. “මං හැමදෙයක් දිහාම ධනාත්මක විදිහට බලන කෙනෙක්. ඒ නිසා හරිම සතුටින් වෙනදා වගේම ඉන්නවා. පසුගියදා නිරූපණය පැත්තෙන් ලංකාවම හෙල්ලෙන විදිහේ ලොකු වැඩක් කළා. ඒ තමයි ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක කරපු එක. ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුගතව පුහුණුව ලැබූ නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් 250 කට අධික ප්‍රමාණයක් එකම රෑම්ප් එකක් මත නිරූපණය කළ ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක තමයි ඒක. ඒ ගැනත් මතක් කරන්නම ඕන.
ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රයයි ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයයි ගත්තම හරියට අහසයි පොළොවයි වගේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ මොඩ්ලින් මට තේරුම් ගන්න බෑ. අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයයි රංගන ක්ෂේත්‍රයයි පටලන් ඉන්නේ. ඒ නිසා නිරූපණ ශිල්පිනිය කවුද නිළිය කවුද කියලා වෙන්කරලා හොයාගන්න බෑ. ඒත් ජාත්‍යන්තරය තුළ වෙන්කරලා හඳුනගන්න පුළුවන්. මොකද නිරූපණ ශිල්පිනිය කරන්නේ ඒ වෘත්තිය විතරයි. රංගන ශිල්පිනිය කරන්නේ ඒ වෘත්තිය විතරයි.”
ඉතින් පසුගිය දවස් වල ප්‍රවීන නිරුපන ශිල්පිනියන්ගෙන් ඇයට එල්ල වුනු චෝදනා ගැනත් ඇය මේ විදිහට අදහස් දක්වා තිබුනා. “මගේ ගමන බලාගෙන ඉන්න බැරි ඉතින් ඊර්ෂ්‍යාකාරයන්ට තමයි. ඔය ඊර්ෂ්‍යාව කියන්නේ පෙර පවකට සමහර මිනිස්සුන්ට හැදෙන සුව කරන්න බැරි නිධන්ගත රෝගයක්. රෝග තත්ත්වය පාලනය කරගන්න බැරිවුණොත් ඒ මිනිස්සුන්ට කවදාවත් සතුටින් ඉන්න බෑ. ඇත්තටම මට ඊර්ෂ්‍යා කළා කියලා එයාලට ලැබෙන දෙයකුත් නෑ. මට නැතිවෙන දෙයකුත් නෑ.
මං ඒ මිනිස්සු දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නේ නෑ. ඒක නිසා ඒ අයට මං මුකුත් කියන්නේ නෑ. මොකද මට ඒවට නාස්ති කරන්න තරම් වෙලාවක් නෑ. මගේ ගමන දැක්කම සහ ඒ අයට කරන්න බැරි දෙයක් මං කරලා පෙන්නද්දි එයාලගේ ඇස්වල නිකන් කටු අනිනවා වගේ ඇති. ඇත්තටම කොච්චර කතා හැදුවත් ත්‍රිකලා ධරණිගේ ගමන නවත්තන්න කාටවත් ලේසිවෙන්නේ නෑ.. අපි පාරේ යද්දි වටේ පිටේ බල්ලෝ බිරුවට අපි නැවති නැවති උන් එළවන්න යන්නේ නෑනේ. එහෙම කරන්න ගියොත් අපිට පරක්කු වෙනවා. මමත් එහෙමයි. මං යන ගමන පැහැදිලියි. මට හරි ඉලක්කයක් තියෙනවා. ඉතින් මං මගේ ගමන යනකොට පාර අයිනේ ඉන්න බල්ලෝ බිරුවට මං හැරිලා බලන්නේ නෑ. මට ඒ හැරිලා බලන වෙලාවත් හරි වටිනවා. බුරන බල්ලෝ ඇති වෙනකල් බුරලා බුරලා නවතියි. ඒ වෙනකොට ත්‍රිකලා ධරණී තවත් ඉස්සරහට ගිහින් තියේවි.”