වස්ති කියූ විට අපේ රටේ ලොකු පොඩි කවුරුත් දන්නවා.ඉතින් වස්තිහි අනුෂ්ක උදාන කියන්නේ මේ වන විට කාගෙත් ආදර දිනාගත් ගායන ශිල්පියෙක්. ඉතින් මේ දවස් වල වැඩකයුතු ගැන ඔහු පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි. “මේ දිනවල නම් තරමක් කාර්යබහුලයි. හේතුව “ගජමෑන්” ෆිල්ම් එක ළඟදීම තිරගත වනවා. එහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ මම. කොරෝනා වසංගතය සහ රටේ අර්බුදකාරී තත්ත්වය සමඟ ගජමෑන් තිරගත වීම තරමක් ප්‍රමාද වුණා. ඒ නිසා උදේ රෑ නැතිව ගජමෑන් වෙනුවෙන් වෙහෙසෙනවා.”
මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ගීතයක් වන මන්දාරම් කතාවේ ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් ඔහු මේ විදිහට පැවසුවා. “මම ඇත්තටම මේ සින්දුව මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් කරන නිර්මාණය අසාමාන්‍ය විධියට ජනතාව අතරට යන්න අවශ්‍යයි කියන බලාපොරොත්තුවත් මගේ නැහැ. ඒ කාලේ ඉඳන්ම මම කැමැති කරන වැඩේ අවංකව කරලා ජය පරාජය විඳදරා ගන්න. මන්දාරම් කතාවේ ගීතයට වැඩියෙන්ම ලැබෙන්නේ ප්‍රේමණීය ප්‍රතිචාර. මගේ ඇතැම් ගීතවල හිතන්න දෙයක් තිබුණෙ නැහැ. නටන්න පමණයි තිබුණේ. නමුත් මන්දාරම් කතාවේ ගීතයේ හිතන්න දේවල් බොහොමයක් තිබුණා. මේ ගීතයෙන් පසුව මම තුළ ඉන්නා වූ සංවේදී චරිතය ඉදිරියට භාවිතයට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. මට සින්දු කියන්න බහැ කියලා මම කොහෙවත් කියලා නැහැ සහ මට සින්දු කියන්න පුළුවන් කියලත් මම කොතනකවත් කියලා නැහැ.
මම වැඩ කරන්නේ ප්‍රේක්ෂකයාගේ විනෝදාස්වාදය වෙනුවෙන්. එතකොට මට මිනිස්සු අඬවන්නත් පුළුවන් වෙන්න ඕනේ. හිනස්සන්නත් පුළුවන් වෙන්න ඕනේ. මම මිනිස්සු කියන දේවල් අහලා බලලා වැඩ කරන කෙනෙක් නොවෙයි. නමුත් මගෙ රසිකයෝ තමා අංක එක. මට සින්දු කියන්න බෑ කියන්නේ එයාලනේ. ඔය කියන අයම තමා ඉතින් මගෙ සින්දු අහන්නෙත්.කෝටි ගණන් වියදම් කරලා ලංකාවේ තියෙන පජාතම වීඩියෝ කරන අය විධියට තමයි අපිට ලේබල් එක වැදිලා තියෙන්නේ. කොහොමත් අපි කුණුහරප කියලා නැහැ. හැබැයි මිනිස්සු අපිට දැන් බැඳිලා ඉවරයි. සුදු අම්මියා සින්දුවටත් මිනිස්සු නටනවා. මන්දාරම් කතාවේ ගීතයට මිනිස්සු හැඟීම්බර වෙනවා. එකම ස්ටේජ් එකක මම සින්දු දෙකක් කියනවා. ඒක තමයි නිර්මාණකරණය කියන්නේ. ගුණාත්මකභාවය තියෙන්නේ මම කරන වැඩ ඇතුළේ. වැඩේට අදාළ කරන ගුණාත්මකභාවයට මම සීයට සියයක් වග කියනවා.”
ඒ වගේම ඔහුට ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ආදරය ගැනත් මේ විදිහට පැවසුවා. “අපිට ඉන්න රසික පිරිස අපිට හරි සමීපයි. මිනිස්සු පිස්සු වැටිලා ළඟට දුවගෙන එන ආටිස්ලා හරි අඩුයි. සමහර සංගීත ප්‍රසංග අපිට අවස්ථාව දෙන්නේ නැහැ. එයට හේතුව අපි සින්දු කියනකොට මිනිස්සු පුටු උඩට නැඟලා නටලා පුටු කඩනවලු. මමම පෞද්ගලිකව කතා කරලා අහන වෙලාවලට ලැබෙන පිළිතුරු තමයි මේ. සමහර ආටිස්ලා දවසට ප්‍රසංග තුන හතරකට සහභාගි වෙනවා. නමුත් අපිට ප්‍රසංගයකදී අවස්ථාව ලැබෙන්නේ අන්තිමට. අපිව අන්තිම වෙනකම් තියා ගන්නේ මිනිස්සු ඒ ප්‍රසංගයේ රඳවා ගන්න. ඉතින් අපිට එදාට තව ප්‍රසංගවලට සහභාගි වෙන්න බැහැ. ඒක අපිට එක අතකින් අවාසියක්. ඒ තරම් රසික ආදරයක් අපිට තිබෙනවා.
මීට කලිනුත් අපිට මෙහෙම සිදුවීමක් වුණා.ඔය මල්ලි ඔය සිදුවීමෙන් පස්සෙ මට මැසේජ් එකක් දාලා තිබ්බා අයියේ මම සෑහෙන කාලයක් ඔයාව ළඟට හම්බෙන්න බලාගෙන හිටියා. ඔයා මගෙ හිතේ වීරයෙක් කියලා. ඔහු එදා මාව බදා ගත්තු වෙලාවේ මාව නිකම් හිර වුණා වගේ. මට පිටිපස්ස හැරිලවත් බලන්න බැහැ. මම ඒකයි ඇහුවෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා. මම ඒවා හිතලා කියන ඒවා නෙමෙයි. මම කියන හැම දෙයක්ම කුණුහරප නෙමෙයි. ඒ වගේ ආදරයක් බලාපොරොත්තුවෙන් තමයි මමයි දුලාජුයි වැඩ කරන්නේ. එහෙම නැත්තම් අපි කරන වැඩවලින් තේරුමක් නැනේ. මම ඒ මොහොතට ඉතාම ආදරෙයි. ඒ මනුස්සයා මට ආදරේටයි මම ළඟට ආවේ.මම හැම තිස්සෙම වස්ති ප්‍රඩක්ෂන් එක ඇතුළෙ කරන්නේ අලුත් දේවල්. ලෝකේ කරපු නැති දේවල් කරන එක තමයි අමාරුම දේ. අලුත් සංකල්පයක් මිල කරන්න බැහැ. රසික ආදරය බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නත් ඕනේ, ඒ ජනප්‍රියතාව පවත්වා ගන්නට පුළුවන් වෙන්නත් ඕනේ සහ ඒකට මාර වටින මිලකුත් තියෙන්න ඕනේ.”