හිරු TV නාලිකාවේ රැල්ල වෙරළට ආදරෙයි, සිහින ගෙනෙන කුමාරියේ, දිවිතුරා වගේ ජනප්‍රිය ටෙලි නාට්‍යය ගණනාවකම ගීත රැසක්ම ගායනා කරන දක්ෂ ගායන ශිල්පිනියක් තමයි පවනි පෙරේරා. ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි. “මම දැන් සංගීත විශාරදවරියක්. තව ගුවන්විදුලි සංස්ථාවේ පළමු ශ්‍රේණියේ ගායිකාවක්. ඒ වගේම 2019 වසරේ හිරු ස්ටාර් රියලටි තරගයටත් සම්බන්ධ වුණ කෙනෙක්. ඒ හරහා තමයි මාව ගොඩක් දෙනා අදුනගත්තේ.
2019 වසරේ තිබුණ අදියරයේ තමයි මම හිරු ස්ටාර් රියලටි තරගයට ඉදිරිපත් වුණේ. එහිදි මම 24 වැනි වටයේදී ඉවත් වෙන්න වුණා ලකුණු සම වීමකින්. මගේ සංගීත දිවියේ මම දකින විදිහට ඒක තමයි හැරවුම් ලක්ෂය. එතැනින් පස්සේ තමයි මට ටෙලි නාට්‍යය තේමා ගීත ගායනය සඳහා එකතුවෙන්න අවස්ථාව ලැබෙන්නේ.දැනට විකාශය වෙන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ පමණක් මම ගීත 25ක් විතර ගායනා කරලා තියෙනවා. තව රැල්ල වෙරළට ආදරේයි වගේම දිවිතුරා ටෙලි නාට්‍යවල ගීත ගායනා කරලා තියෙනවා. තව මගේම කියලා ගීත දෙකක් දැනට නිකුත් කරලා තියෙනවා.කිරිකෝඩු හීනේ හා රිදුමක්ද ආදරේ. කිරිකෝඩු හීනේ තමයි මගේ පළවෙනි ගීතය. ඒක ලිව්වේ ෂා fm නාළිකාවේ රොෂාන් වික්‍රමසිංහ. සංගීතවත් කළේ අමිල මුතුගලෙ, ගීත රූප රචනාව නිර්මාණය කළේ ඩොන් මාධව අයියා. රිදුමක්ද ආදරේ ගීතයට මට සම්බන්ධ වෙන්න ලැබුණේ අශාන් ප්‍රනාන්දු අයියා හරහා. තව මගේම කියලා අලුත් ගීතයක් කරන්න සැළසුම් කරමින් ඉන්නවා මේ දිනවල.”
ඒ වගේම පාසල් කාලය ගැනත් ඇය මේ විදිහට පවසා තිබුනා. “මම පාසල් 3කට ගියා අධ්‍යාපනය ලබන්න. පාදුක්ක සිරි පියරත්න කණිෂ්ඨ විද්‍යාලය. ශිෂ්‍යත්වේ සමත් වෙලා දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලටත්, උසස්පෙළ හදරන්න නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයටත් සම්බන්ධ වුණා. පොඩි කාලේ ඉඳන් මම ගොඩක් කලාවට ලැදී කෙනෙක්. පවුලේ අය ගොඩක් උදව් කළා ඒ පැත්තට යොමු වෙන්න. පාසලේ කලා වැඩසටහනක් තිබ්බොත් අනිවාර්යයෙන්ම නර්තන අංගයකට නැත්තම් ගීතයක් ගායනා කරන්න හරි ඉන්නවා මම. ඒවගේ පාසල් කාලේ හැදෑරුවේ නර්තන විෂය. හැබැයි උසස්පෙළට මම තෝර ගත්තේ වාණිජ විෂය.
උසස් පෙළ විභාගය සමත් වෙලා මම නිවේදිකාවක් වෙන්න ආසාවෙන් එෆ් එම් නාලිකාවකට වැඩ කරන්න සම්මුඛ පරික්ෂණයකට ගියා. ඒ රිදම් fm එකේ. එ සම්මුඛ පරික්ෂණය සමත් වුණා. ඒත් පවුලේ අය කිව්වා සංගීතය පැත්තෙන් ආයේ අපොස උසස් පෙළ කරන්න කියලා. දැනට මම සම්බන්ධ වෙලා ඉන්න තුන් හෙළ ජන ගී කල්ලියේ ගුරුතුමා පසිදු පහළමැදගම සර් කිව්වා විශ්වවිද්‍යාලයට ගියොත් සංගීතය පැත්තෙන් හොඳ පන්නරයක් ලබාගන්න පුළුවන් කියලා. ඉතින් මම නාලිකාවේ රැකියාවට යන්නේ නැතුව විශ්වවිද්‍යාලට ආවාගායිකාවක් විදිහට මගේ ඉදිරිය හදාගන්න.එෆ් එම් නාළිකාවෙන් මට කැමති වුණ හේතුවත් මම ගීත ගායනයටත් දක්ෂ නිසා වෙන්න ඕනේ. තවම පොඩි ආසාවක් නැතුව නෙමේ. ඒත් බයයි. මොකද මම ආසම ගායිකාවක් වෙන්න. ඒ හීනෙට යන්න බැරි වෙයි කියලා හිතෙනවා හැම පැත්තකම වැඩ කරන්න ගියොත්.මේ දවස් වල නම් විශ්වවිද්‍යාල වැඩ වලට තමයි වැඩි තැනක් දීලා තියෙන්නේ. ඒ අතරේ මගේ හීනේ වෙනුවෙනුත් මම වැඩ කරගෙන යනවා. මගේ පවුලේ කවුරුත් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අය නෙමේ. ඒ කියන්නේ මට ගොඩක් මහන්සි වෙන්න වෙනවා මේක තනියෙන් යන ගමනක් නිසා. ගෑණු ළමයෙක් විදිහට ටිකක් අමාරු වැඩක් මේක. ඒත් මම හරි ආසාවෙන් මේ ගමන යනවා.”