මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ඇස් ටෙලි නාට්‍යය හරහා රසික ආදරය දිනාගත් චරිතයක් තමයි සිහිලැලි.සිහිලැලිගේ චරිතය නිරුපනය කරන්නේ නවක රංගන ශිල්පිනියක් වන ඉමා වීරසූරිය.ඉතින් සිහිලැලිට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි.
“ඇත්තටම ගොඩක් දෙනෙක් ආදරයෙන් වැළඳගත්ත චරිතයක් බවට පත්වෙලා මේක. මේ චරිතයට ඒ තරම් කැමැති වෙන්න හේතුව මම හිතන විදිහට ඇය අහිංසක නිවුණු ගැහැණු ළමයෙක් නිසා වෙන්න ඇති. ඇත්තටම මේකෙ අධ්‍යක්ෂකවරයා මට මේ චරිතයට කතා කරද්දී ඔහු කිව්වේ ගැමි පරිසරයක හැදෙන වැඩෙන දෙමව්පියෝ නැති බොහොම අහිංසක චරිතයක් කියලා.ඉතින් මම එක පාරම ඒ වගේ චවගේ චරිතයකට කැමැති වුණා මේ චරිතය රංගනය කරන්න ඒ වගේම මේ චරිතයට මෙහි අධ්‍යක්ෂවරයාට කීපදෙනෙක්ම යෝජනා කරලා තිබුණා ඒත් ඒ හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා මාව මේ සඳහා දායාද කර ගත්තට මොකද අද වෙද්දි සිහෙල විට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. මම ගියේ ගැහැනු පිරිමි දෙගොල්ලම ඉන්න පාසලකට ඇත්තටම මට මේ චරිතය කරන්න පහසු වුණා අපි ඒ කාලේ දැකපු විඳපු අත්දැකීම් එක්ක.
ඇත්තටම අපේ පාසලේ ගැහැනු පිරිමි වෙනසක් නෑ හැමෝම යාලුවෝ දෙපිරිසම බොහොම සහයෝගයෙන් ආදරය සහෝදර බැඳීමෙන් වැඩ කළේ ඒ අතර ප්‍රේමණීය ඇස් වලින් කතා කරන ප්‍රේම කතා කිහිපයක් මුණගැහිලා තියෙනවා. එහෙයින් ඒ හැම දේම වගේ මගේ යහළු යෙහෙළියන්ගේ ආදර කතා දැකලා තියනවා මේ සියල්ලත් එක්ක ඇත්තටම මට මේ චරිතය කරන්න පහසු වුණා ඒ කාලේ ගෙවුණු සුන්දර මතකයත් එක්ක.”
“මම අහිංසකයි. නපුරු නැහැ මට හොඳ අයට මම හොඳයි ඒ වගේ මම කවදත් අසාධාරණයක් වුණු තැනකදි කතා කරනවා. කවුරුන් හෝ වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න ඕන වුණොත් ඒ කිසි දෙයකට පැකිලෙන්නේ නැහැ හොඳට හොඳයි නරකට නරකයි කියලා තමයි මම කියන්න තියෙන නැත්නම් අද සමාජයේ ජීවත් වෙන්නත් බැහැ.”“අද මම මේ විදිහට පුංචි තිරයෙන් දකින්න ඉදි තාත්තා අපි ගාව හිටියෙ නැහැ.හිටිය නං ගොඩක් සතුටු වෙයි නමුත් අම්මයි මල්ලි මේ වෙද්දි මගේ ළඟ ශක්තියක් වෙලා ඉන්නවා. රංගනය වෘත්තීය කරගන්න වට නම්ගෙදරින් කැමැත්තක් තියෙනවා තියෙනවා කියලා මම හිතන්නේ නෑ නමුත් ඒ වෙනුවෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මම. “