තරුෂි පෙරේරා කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්රයේ ඉන්න හරිම අහිංසක දක්ෂ රංගන ශිල්පිනියක්.මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන නීල පබළු ටෙලි නාට්‍යයේ කුරුළුගේ අම්මා ලෙසින් වගේම දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂාගේ අම්මා ලෙසින් ඇය රසික හදවත් දිනාගෙන තිබෙනවා. ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.
“නීල පබළු හා දෙවැනි ඉනිම කියන අතිශය ජනප්‍රිය නාට්‍ය දෙකේ වැඩ කරගෙන අලුත් වැඩකට අත ගහන්න බලාගෙන ජීවිතේ ගෙවනවා.පුතා ලැබෙන්න ඉන්නකොට මම ටිකක් මහත් වුණා, පුතාගේ පෝෂණය ගැන හිතලා මම ඩයට් කළේ නැහැ. ඒ දවස්වල ඇඟ ගැන නොහිතා හොඳට කෑවා. ඒ ජීවිතේ වෙනස් කරගන්න මට අවශ්‍ය වුණෙත් නැහැ, ඊට පස්සේ තමයි ඔය චරිත දෙක ලැබුණේ. ඉතිං කැමැත්තෙන් භාර ගත්තා. ඊට පස්සේ මොන හේතුවකටද මන්දා ඒ වගේ චරිත තමයි ලැබුණේ.ඉස්සර අධ්‍යක්ෂවරුත් කියනවා මම කැමරාවට පිරිච්ච චරිතයක් කියලා. ළඟට මම ලොකුවට මහත නැහැ. නමුත් කැමරාවට මහතයි. එහෙම නිළියෝ කිහිප දෙනෙක්ම ඉන්නවා.”
ඉතින් මේ වෙනවිට විවාහ වෙලා ආදරණිය සැමියත් දරුවත් සමඟ සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන ඇය තම ආදරණිය සැමියා හා දරුවා ගැන මේ විදිහට පැවසුවා. “මගේ පුතා අකේන් තෙන්නකෝන්, වයස 7යි. මගේ සැමියා සුමේධ. මේ දෙන්නා තමයි මට වඩා මගේ ලස්සන ගැන හිතන්නේ. පුතාට ඕන මගෙන් චාම් ලස්සනක් දකින්නයි. මේකප් ලයිට් එකක් හරි දාන්නත් ඕන. දෙන්නම එහෙමයි. පුතාට හොඳ ඇහැක් තියෙනවාසුමේධ ඩුබායි බැංකුවක වැඩ කරන්නේ. ඉතිං මම විවාහයට පස්ස ගහපු කාලෙක තමයි එයාගෙ පාර්ශ්වයේන් විවාහ යෝජනාවක් එන්නේ. මම හරියට වැරදි හොයපු කෙනෙක්. දික්කසාද වෙන්න බැරි නිසා හොඳම කෙනා හෙව්වා. ඒ කාලේ සුමේධට මගෙත් හිත ගියා. අපි කැමති වෙලා මාස දෙකෙන් විවාහ ගිවිස ගත්තා. මාස හයෙන් විවාහ වුණා.එයා ටිකක්වත් කැමති නැහැ මම රඟපානවට. මුලදි කමක් නැහැ කිව්වට විවාහ වුණාට පස්සේ එපා කිව්වා.
මට හොඳම චරිත ලැබුණු නිසා භාර ගත්ත චරිත නොකර ඉන්න ලෝබ හිතුණා. ඊට පස්සේ පුතා ලැබෙන්න හිටපු නිසා ටිකක් නිහඬව හිටියා. නමුත් මම රඟපාන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. ඊට පස්සේ තමයි නීල පබළු ලැබුණේ අකමැත්තෙන් කැමැත්ත අරන් කරනවා.අපි දෙන්නත් රණ්ඩු වෙනවා. ඇත්තටම කිව්වොත් එයා නෙමෙයි මම. එයා රණ්ඩු කරන්නේ අපේ ආරක්ෂක ප්‍රශ්නවලට විතරයි. මම එහෙම නෙමෙයි. අනිත් එක එයා එකටඑක කරන්නේ නැහැ. මම තරහා වුණොත් එයා කොහොම හරි මාව යාළු කරගන්නවා. ඒ නිසා අපි හරි සතුටින් ආදරෙන් ජීවත් වෙනවා . ඒ ජීවිතේ මොන ප්‍රශ්න තිබ්බත් විඳිනවා.”