නමින් උදාරි පෙරේරා කියනවාට වඩා හැමෝම ඇය දන්නේ ඇය රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණයක් හරහායි. ඒ ‘ප්‍රවේගය’ සිනමා පටයේ උදාරි දක්ෂ රංගනයක යෙදුනා. ඉතින් චිත්‍රපට හරහා පමණක් ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන් උදාරි අඩු මුදලට ඇගේ රංගනය දෙන්න සූදානම් නැහැ. ඇය කියන්නේ ඇගේ වටිනාකමට අනුව වැඩ තෝරගන්නවා කියලයි.
ඉතින් ගුවන් සේවිකාවක් විදියට වෘත්තීය කරපු උදාරි මේ වන විට රටවල් 42ක් වගේ ප්‍රමාණයකට ගිහින් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ජනාධිපතිවරුන්, නලු නිලියන්, ක්‍රීඩකයන් වගේ ජනප්‍රිය පිරිස් ඇසුරු කරන්න කතා කරන්න ඇයට ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම උදාරි කියන විදියට ඇගේ ප්‍රියතම නලුවා ශාරුක්ඛාන් නමුත් ඔහුවනම් ඇයට මුණ ගැහිලා නෑ. ඇය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ චරිතයක්.
මේ වන විට වයස අවුරුදු 8 ක පුතෙක් ඉන්න උදාරි ඇයට තේරෙන කාලේ ඉදලම විවාහ වුණු දවසක පවුල වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා කියන මතේ හිටපු නිසා ඇය ඒ විදියට ගුවන් සේවයෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් උදාරි ඇගේ ජීවිතයේ තොරතුරු කිහිපයක් පුවත් පතක් සමහින් බෙදාගෙන තිබුණේ මේ විදියටයි.
“මම රංගන ශිල්පිනියක් කියලා දන්නෙත් නැතුව මට රංගනයට අවස්ථාව ලැබිලා තියෙනවා. ගොඩක් සමාජ මාධ්‍ය හරහා. මගේ හමේ පාට ලස්සනයි, හිනාව ලස්සනයි මූණේ ෆීචර්ස් ලස්සනයි කියලා. ඒ වගේම මගේ පෙනුම දකුණු ඉන්දියාවේ වගේ කියලත් ගොඩක් අය කියල තියෙනවා. මගේ සැමියගෙන් කිසිම දේකට බාදාවක් නෑ. එයා මම ගැන හොදට තේරුම් අරන් ඉන්නේ. මගේ පුතාට හොදට විලාසිතා කරන්න පුලුවන්. මම කරන විලාසිතාවලට එයා ආසයි එයත් මට ඇදුම් තෝරලා දෙනවා. මම ඇග පේන්න ඇදුම් අදින්නෙ නෑ. සමහරු මගෙන් අහනවා ඇයි ඔයා දිග ඇදුම් අදින්නේ කකුල් කැතද කියලා. මට ලස්සන මේන්ටේන් කරන ඇගක් තියෙනවා. මම එහෙම දිගට අදින්නේ පවුලේ ගරුත්වයට එදා ඉදලම එහෙමයි විලාසිතා කරන්නෙ.”