මගේ පවුලෙ අයත් එක්ක ලංකාව දාලා පින්ලන්තයට ආවා, ආයේ ලංකාවේ වැඩ කරන්න ආසාවක් නෑ

කලා ක්ශේෂ්ත්‍රය තුළ හිටපු ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් තමයි හර්ෂ තෙන්නකෝන් කියන්නේ. පුංචි තිරය තුළ ඉතාම පරිස්සමින් රංගනයේ යෙදෙන දක්ෂ ජනප්‍රිය කලා ශිල්පියෙක් වන හර්ෂ තෙන්නකෝන් ගැන අපිට අසන්නට ලැබුණේ සුබ ආරංචියක්. ඒ ඔහු ලංකා දාලා විදෙස් ගත වෙලා කියලයි. ඉතින් හර්ෂ පින්ලන්තයට තමයි පදිංචියට සිය පවුලත් එක්ක එකතු වෙලා ගිහින් තියෙන්නේ.

ඉතින් හදිස්සි තීරණයක් නොවුනත් ලංකාව අතහැරලා එන්න ඔවුන්ට කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ කියලයි හර්ෂ කියන්නේ. අවුරුදු 15 ක් පමණ කලා ක්ශේෂ්ත්‍රයේ විවිධ දක්ෂතා දක්වපු හර්ෂගේ බිරිදත් කලා ක්ශේෂ්ත්‍රයට දායකත්වය ලබා දුන්න කෙනෙක්. කලාව තුළ අසාධාරණකම් ඔවුන්ට අනන්තවත් සිදු වෙලා තියෙනවා කියලත් හර්ෂ සදහන් කරලා තිබුණා. ඔහු බොහෝ විට අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වූ අයෙකි. ඔහුගේ නිර්මාණ පිළිබඳව බොහෝ දේ කතා කිරීමට ඇත. රංගනය පමණක් ඔහුගේ ජීවිකාතව විය. ලංකාවේ බොහෝ දෙනෙක්ට මේවනවිට ලංකාවේ ජීවත් වීමට බැරි තත්ත්වයක් උදා වි තිබේ. මේ කාරණා නිසා බොහෝ දෙනා අද වනවිට ලංකාව අත හැර යමින් සිටිනවා. ඒ අතර බොහෝ රංගන ශිල්පීනද මේ වනවිට තම රට අත හැර වෙනත් රටවල් සඳහා යන බව දැන ගන්න ලැබෙනවා.  ඉතින් හර්ෂ ලංකාව දාලා විදෙස් ගත වුණ එක ගැන ඔහු මේ විදියටයි පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම පවුලේ කට්ටියත් එක්ක ලංකාව දාලා ආවා. අපි දැන් ඉන්නේ පින්ලන්තයේ. අපි හදිස්සි වෙලා ගත්ත තීරණයක් නෙමෙයි. අපි තවම ඇවිත් සතියක්වත් නැහැ. ඒ නිසා මොකද කරන්නෙ කියලවත් තවම තීරණය කලේ නැහැ. තව නීතිමය වැඩ ටිකකුත් තියෙයි කරන්න. ජීවිතේ අපි තීරණ ගන්න ඕන ඒ වෙලාවට. විදෙස් ගතවෙන එක එහෙම ගත්තු තීරණයක්. ආයේ ලංකාවේ වැඩ කරන්න කැමැත්තක් නෑ. මම කරපු වැඩ ටිකක් තියෙයි ඒක විකාශය වෙයි. එහෙම නැතුව ආයේ ලංකාවට ඇවිත් අලුතින් වැඩ කරන්නෙ නෑ.

මම කලාකරුවෙක් නෙමෙයි. කලා ශිල්පියෙක්. මගේ බිරිදත් නැටුම් අංශයෙන් කලාවට දායකත්වය ලබා දුන්නා. අපි ඒ ගත කරපු ජීවිතය ගැන සතුටුයි. හැබැයි ඒදේවල් අපි ලගා කරගත්තේ කේසියෙන් නෙමෙයි බොහොම අමාරුවෙන්.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *