එයාට 27යි මට 24යි ළගින්ම හිටපු අය අපි දෙන්න අතර ප්‍රශ්න ඇති කලා

පුංචි තිරයේ කාගේත් ආදරයට ලක් වෙන සුරූපිනී රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ. අවුරුදු කුමරිය තරගාවලියක් හරහා ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබ ගත්ත රංගන ශිල්පිනියක් තමයි ඇය. මේ දිනවල පුංචි තිරය හරහා විකාශය වන ටෙලිනාට්‍යය දෙකකම සුරූපී ගීත්මාව අපිට දැක බලා ගන්න පුලුවන්.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘ඇස්’ ටෙලිනාට්‍යයේ සංවරී විදියට සහ දෙරණ නාලිකාවේ ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ අසෙනි විදියටයි. ඉතින් ප්‍රේමවන්තිය චරිතය හරහා හැමෝගෙම ආදරය ලබා ගන්න ගීත්මා කලා ක්ශේෂ්ත්‍රයට පිවිසීම ගැන ලොකු සතුටක් තියෙන්නේ.

ඇය කලා ක්ශේෂ්ත්‍රය තුළ වැඩ ගොඩක් බාර ගෙන කරන්න කැමති නැති කෙනෙක් වගේම චරිත තෝරා ගැනීමේදී ඉතාම හොදින් බලලා තමයි ගීත්මා චරිත තෝරගන්නේ කියලයි ඇය කියන්නේ. ඉතින් ගීත්මගේ රංගනය තුළින් බලාපොරොත්තුව චරිතාංග රංගන ශිල්පිනියක් වීමයි. ක්ශේෂ්ත්‍රය තුළ කා සමගත් ඉතාම සහයෝගයෙන් වැඩ කරන ගීත්මා කලා ක්ශේෂ්ත්‍රයේ කවුරුත් විශේෂයෙන්ම ආශ්‍රය කරන කෙනෙක් නෑ. ඒ නිසා ඇය ඇගේ ජීවිතයේ ළගම යාලුවෝ පිරිසක් සමග තමයි ඇගේ දුක සැප බෙදා ගන්නේ. ඉතින් මේ වන විට ගීත්මා පෙම්වතියක් බව කවුරුත් දන්නවා. ඒ ගැන ඇය පුවත්පතකට කියලා තිබුණේ මේ වගේ අදහසක්.

“මම පෙම්වතියක්. එයා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. සමාගම් කිහිපයක හිමිකරුවෙක්. එයාට මම මුණ ගැහෙනකොට එයා දන්නෙ නෑ මම රංගන ශිල්පිනියක් කියලා. මුල් කාලේ අපි අතර ප්‍රශ්න ඇති වුණා. අපි ලගම හිටපු අය ප්‍රශ්න ඇති කලා. දැන්නම් එයා මාව හොදටම තේරුම් අරන් ඉන්නේ. දැන් මගේ කලා ගමනට එයාගෙන් ලැබෙන්නේ ලොකු ශක්තියක්.

මම අවුරුදු 24යි. එයාට අවුරුදු 27යි. තවම විවාහ වෙන්න කාලේ තියෙනවා අපි දෙන්නට. එයාට එයාගේ වැඩ වලින් තව ටිකක් ඉදිරියට යන්න තියෙනවා වගේම මගේ රංගන වැඩ කටයුතුත් ඉදිරියට තව කරන්න තියෙනවා. ඒ නිසා හරිම වෙලාව ආවම විවාහ වෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *