මගේ පුතා දැන් ලොකුයි මගේ උරහිස ළගට උසයි, තවම වයස අවුරුදු 12

නිරූපන ශිල්පිනියක් විදියට අපේ රටේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන සුරූපිනියක් තමයි පියුමි හංසමාලී කියන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි පුරම කතා බහට ලක් වෙන කෙනෙක් විදියට පියුමි හංසමාලීව ෆලෝ කරන ලොකු ෆෑන් බේස් එකක් ඇයට ඉන්නවා. පියුමි කරන විලාසිතා අපේ තරුණියන් අනුගමනය කරනවා වගේම ඔවුන්ගේ වැඩි ආකර්ෂණයට ලක් වෙනවා. ඉතින් කවුරු කොහොම කිව්වත් තමන්ගෙ පාඩුවේ ජීවිතය විදිමින් ඉන්න පියුමි හංසමාලී ඕනම තැනක ඇත්ත කතා කරන කෙනෙක්.

මේ වන විට ඇය පළමු විවාහයෙන් වෙන් වෙලා දරුවත් එක්කයි ඉන්නේ. ඉතින් පියුමිගේ පෙම්වතා ගැනත් මේ වන විටනම් ඕන කෙනෙක් දන්නවා. ඒ නිසාම ප්‍රගීත්වත් දැන් අපේ ප්‍රේක්ෂකයන්ට අමුතුවෙන් හදුන්වා දෙන්න වුවමනා නෑ. පියුමි හංසමාලී සහ ප්‍රගීත් අතර පසුගිය දිනකදී පොඩි ප්‍රශ්නයක් සිදු වුණත් එය මේ වන විට විසදාගෙන නැවත සතුටිනුයි කල් ගෙවන්නේ.

ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහව හොදම යාලුවා විදියට ඇසුරු කරන පියුමි කියන්නේ ඇය ජීවිතේ විදිනවට ඇග ලස්සනට තියාගෙන ඉන්නවට අකමැති ප්‍රේක්ෂකයන් තමයි ඇයට විවිධ චෝදනා එල්ල කරන්නේ කියලයි. කොහොම වුණත් පියුමි කියන්නේ ඇය දරුවෙක් ඉන්න අම්මෙක් වුණත් ඇගෙන් දරුවට වෙන්න ඕන යුතුකම් ඉටු කරමින් ඇය ඇගේ ජීවිතය සතුටින් විදිනවා කියලයි. ඉතින් ඒ ගැන පියුමි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

“මට දැන් ලොකු පුතෙක් ඉන්නවා. එයා මගේ උරහිස ළගට උසයි. මම එයාට කියනවා පුතේ දැන් ඔයා ලොකුයි කියලා. මම හිතන්නේ මම අම්මා කියන භූමිකාවේදී සියයට සියයක්ම සාර්ථකයි. මිනිස්සු මට මොනව කිව්වත් වැඩක් නෑ. මට එක එක ජාති කියන ඔය කට්ටියගේ අම්මලාට එයාලා උදව් කරන්නෙ නෑ. අපේ ක්ශේෂ්ත්‍රයේ ඉන්නවා දරුවො ඉදලත් දරුවෙක් ඉන්නවා කියලා හංගනවා. මමනම් කවදාවත් එහෙම කරන්නෑ. මම දන්න කාලේ ඉදලා බොරු කියන්නෙ නෑ.

මම මගේ පුතාටත් කියන්නේ බොරු කියන්න එපා විහිලුවටත් කියලා. මොකද බොරු පොඩි කාලේ ඉදලම කිව්වම ලොකු වෙනකොට පුරුද්දකට යනවා. අපේ පුතා සෙල්ලම් කරන්න යනවා ලග ගෙදරකට. ඒ ගෙදර ළමයි මෙයාගෙන් ලොකු වුනාම මැරි කරනවද කියලා ඇහුවම මෙයා කියනවලු මම අම්මව බලාගෙන ඉන්නවා. මැරි කරන්නෙ නෑ කියලා. මම අම්මෙක් විදියට උපරිම සතුටුයි මගේ පුතා ගැන.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *