ඔහුව මේ දිනවල නිතරම දැක ගන්න පුලුවන් ටෙලිනාට්‍යයක් තමයි හිරු නාලිකාවේ විකාශය වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යය. එහි ප්‍රධාන චරිතයකට රංගනය කරන කැලුම් විශාල් විදියටයි අපි අතරට එන්නේ. ඒ වගේම ඔහු රංගනයෙන් දායකවුණු ස්වර්ණවාහිනී නාලිකාවේ ‘ඇස්’ ටෙලිනාට්‍යයේ ත් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණා.
තවමත් පුංචි තිරයේ අහිංසක පෙම්වතා වුණත් ඔහු සැබෑ ජීවිතයේදී නම් ආදරණීය පුතෙකුගේ පියෙක්. ඉතින් කැලුම් මේ වනවිට ඔහුගේ බිරිදට ආදරණීය සැමියෙක් වගේම පුතාට හොද පියෙක්. කැලුම් අතගත්ත ඒ සුරූපිනිය තමයි දුලී ෆර්නෑන්ඩෝ කියන්නේ. ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්. පසු ගියදවසක කැලුම් සහ දුලී විවාහ උත්සවයකදී නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. දුලී සහ කැලුම් හමු වුණු විදිය ගැන ඔවුන් මේ විදියටයි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මට කැළුම් අයියව මුලින්ම මුණ ගැහුනේ යාලුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකදී. එතනදී කැළුම් අයියා මගේ දිහා බැලුවට මම බලන්න ගියේ නෑ. කැලුම් අයියා ගොඩක් ලස්සන නිසා මම හිතුවා එයාට කෙල්ලෝ ගොඩක් ඇති කියලා. එතනදි තමයි අපි දෙන්නා මුලින්ම හම්බ වුණේ. එයා යාලුවෙක් මොනවහරි උදව්වක් ඉල්ලුවොත් බෑ කියන්නෙ නෑ. ඉතින් ඕනම දෙයක් කරනවා. මම ඒකට කැමති නෑ. කැලුම් අයියා ඕනම දේකට සවන් දෙන කෙනෙක්.
එයා එක්ක ඕන ප්‍රශ්නයක් කතා කරගන්න පුලුවන්. අපේ බබා තමයි අපි දෙන්නගේ ලෝකේ. මම හිතන්නේ කැලුම් අයියට පුංචි තිරයේ ගැලපෙනම පෙම්වතිය ශනුද්‍රි කියලා. කැළුම් අයියගේ ෆෑන්ස්ලා හිතනවා මම එයා ගෑණු ළමයි එක්ක ෆොටෝ ගහනවට අකමැතියි කියලා. නමුත් මම එහෙම නෑ. මොකද මම දන්නවා කැලුම් අයියා මේ තැනට එන්න කොච්චර දුකක් වින්දද කියලා. ඉතින් ඒ නිසා මට සතුටුයි.”
ඉතින් මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී කැලුම් ශ්‍රීගේ ආදරණීය බිරිද දුලී අදහස් දක්වලා තිබුණේ. පසුගිය දා කැලුම්ගේ පුංචි පුතාගේ උපන්දිනයත් සමරලා තිබුණා අපිට දැක ගන්න ලැබුණා. ඉතින් කැලුම්ටත් ඔහුගේ ආදරණිය බිරිදටත් සතුටින් පුංචි පුතත් එක්ක ඉන්න ලැබෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.