අපේ සිංහල සිනමාවේ විකට නළු බන්දු සමරසිංහව අමුතුවෙන් කෙනෙක්ට හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. ඔහු රංගනය කල චිත්‍රපට ගණනාවක්ම ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලැබුණු චිත්‍රපට. ඉතින් රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් විදියට බන්දු සමරසිංහව අද වන විට හැමෝම දන්නවා. ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියට රාමු ගත කරලා තියෙන බන්දු සමරසිංහ වැඩක් වෙනුවෙන් තම කැපවීම හා උපරිම දායකත්වය ලබා දෙන දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුට බොහෝ කාලයක් යනතුරු සිනමාවේ
ඔහුගේ පුත් කාංචන සමරසිංහව කවුරුත් හදුනාගන්නේ බන්දු සමරසිංහගේ පුතා කියලයි. තාත්තගේ පාරේ යන කාංචන තාත්තගේ නිර්මාණයක් තුළින් තමයි මුලින්ම සිනමාවට අවතීර්ණ වෙන්නේ. පියා වගේ විකට චරිත වලට විතරක් සීමා නොවී හැම පරාසයකම චරිත වලට දායකත්වය ලබා දෙන්න ඔහු සූදානමින් ඉන්නේ.
මේ වන විට කාංචන සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. මේ වන විට විවාහ වෙලා ඉන්න කාංචනට බිරිදව හම්බවෙන්නේ අහම්බයකින්. ඉතින් ඇය ගැන මුලින්ම අම්මට කිව්වට තාත්තට කියන්න බය වුණේ අකමැති වෙයි කියන බයටයි. ඉතින් මේ ගැන කාංචන පුවත් පතකට දැක් වූයේ මේ වගේ අදහසක්.
“අම්මා කිව්වා එයාම තාත්තට කියන්නම් කියලා මට කියන්න එපා කියලා. තාත්තා මගෙන් ඇහුවා ඇයි ඒ ළමයට කැමති වුණේ කියලා. මම කිව්වා ලස්සනට කියලා. මොකද කරන්නේ පවුල ගැන එහෙම ඇහුවම ආහ් කමක් නෑ කිව්වා එච්චරයි. වයිෆ්ගේ ගෙදර කට්ටියත් අපේ තාත්තගේ ෆෑන්ස්ලා. ඉතින් වයිෆ් මුලින්ම බයවෙලා අපේ තාත්තා කොහොම කෙනෙක්ද දන්නෙ නැති නිසා.
මගේ ආසාව තමයි තාත්තව අභිභවා යන්න. අපේ තාත්තා කියන්න තියෙන දේ කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා තාත්තට අපි වගේම අනිත් කට්ටියත් බයයි. ඉස්සර තාත්තා කලාව තුල ගොඩක් දුක් විදපු කෙනෙක්. ඒ නිසා එයා කියනවා දැන් ඒ ප්‍රශ්න නෑලු. තාත්තා කොච්චර කාර්යබහුල වුනත් ඉස්කෝලේ රැස්වීම්වලට පවා එනවා.”