අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංකා කියන්නේ. ඇගේ ජනප්‍රියත්වය එදා සිට අද දක්වාම අඩුවක් නැතිව ප්‍රේක්ෂකයන්ගෙන් මහේෂිට ලැබෙනවා. ඉතින් මේ වන විට ටෙලිනාට්‍යය ගණනාවකටම තම රංගන දායකත්වය ලබා දුන් ඇය මේ දිනවල පුංචි තිරය හරහා දැක බලා ගන්න පුලුවන්. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘මැස්සා’ ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිත රංගනයක්.
ඉතින් ඇය රංගනයෙන් දායක වුණු සෙසු චරිත වලට වඩා වෙනස් ආකාරයක් ගන්න පොලිස් කාන්තාවගේ චරිතයක් තමයි මහේෂි රංගනයෙන් දායක වෙන්නේ මැස්සා ටෙලිනාට්‍යයයේ. ඉතින් ඇය රංගනය කරන නවතම චිත්‍රපටයක් විදියට ‘රුහිරේ’ පෙන්වා දෙන්න පුලුවන්.
ඉතින් මේ වන විට මහේෂි විවාහවෙලා ඇය ආදරණීය මවක් වනවා. පසු ගිය කාලයේ පැවතුණු රටේ ප්‍රශ්නත් එක්ක ඇය ඒ සදහා කතා කරපු අය අතරින් ඉදිරියෙන්ම සිටි කලාකාරිනියක්. ඒ වගේම මහේෂි සහ රංජන් රාමනායක ඉතා හොද යහලුවන් කියලත් අපි දන්නවා. ඒ ගැන මගේෂි මාධ්‍යට දැක් වූයේ මේ වගේ අදහසක්.
“මමයි රංජන් අයියයි හිතවත් කියලා මිනිස්සු එක එක පද හැදුවා. මෙහෙමයි අපි කා එක්ක හරි හොදින් කතා කලොත් හැමෝම බලන් ඉන්නේ ඊළග දවසට පදයක් හදන්න. ඇත්තටම කිව්වොත් රංජන් අයියා මට වඩා හිතවත් මගේ හස්බන්ඩ් එක්ක.
කලා ක්ශේෂ්ත්‍රය නිසා මට ගොඩක් උදව් ලැබිලා තියෙනවා මිනිස්සුන්ගෙන්. ඉතින් මම හිතන්නේ මගේ වාසනාවක් කියලා. කොතෙන්න ගියත් උදව්වක් ලැබෙනවා. බලන්නකො අද කාලේ නිලියක්ගේ වෙඩින් එකක් ගන්න ගියාම කී දෙනෙක්නම් එයාලට ස්පොන්සර් කරනවද. එහෙම ලැබෙන්නෙ ඉතින් වාසනාවක් කියලා මම හිතන්නේ.’’
ඉතින් මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී මහේෂි මධුසංකා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
පැරණි පුවත් – ”පළමු පෙම්වතා ගැන මම ප්‍රසිද්ධියේ කතා කළාට එයාට වෙනත් සම්බන්ධයක් තිබිලා” – මහේෂි මධුසංකා
මෙරට රංගන ක්ෂේත්‍රයේ ඉන්න සුන්දර සුරූපී රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුශංකා කියන්නේ. මේ වන විට සැමියා සහ දරුවන් දෙදෙනා සමග ගොඩක් සුන්දර යුගදිවියක් ගතකරන මහේෂි සමග කළ කතාබහක් තමයි මේ.
ඉතින් මහේෂි දැන් ඔබ ඉන්න තැන බැලුවම, ඔබ එදා ඉඳන් අද දක්වා ආව ගමන ගැන මොකද හිතෙන්නේ ? ”ඇත්තටම මට ගොඩක් සතුටයි අද මම ඉන්න තැන ගැන, මම කළා ක්‍ෂේත්‍රයට එන්නේ මට වයස අවුරුදු 18න්, හැබැයි මම කැමති රංගන ශිල්පිනියක් විදියට කැමතියි විවිධත්වයෙන් යුතු චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ. අද වෙද්දී ඒ වගේ චරිත ගොඩකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඉතින් අද මම මේ ඇවිත් තියෙන ගමන ගැන මට ආඩම්බරයි වගේම මට ඒ ගැන ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්…..”
මහේෂි දැන් වැඩිය පේන්න නෑනේ, ඇයි ඒ ? ”මම මගේ පවුලට තමයි මුල් තැන දෙන්නේ, ඒ නිසා මම නිර්මාණ බාරගන්නේ අවුරුද්දටම එකක් නැත්නම් දෙකක්. හැබැයි මම පවුලට මුල් තැන දෙනවා කියලා රංගනයෙන් සමුගන්නේ නෑ, මොකද මට මේ හැමදේම ලැබුනේ රංගනය නිසා….. විශේෂයෙන් කියන්න ඕන මගේ සැමියා එයාගෙන් මගේ රංගන දිවියට ලොකු සහයෝගයක් ලැබෙනවා…. එයා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවරයෙක් විදියට රැකියාව කරන නිසා නිවසේ ඉන්නවා අඩුයි, ඉතින් ඒ නිසා අපි දෙන්නා එක්කෙනාට එක්කෙනෙක් සහයට ඉන්නවා… ඉතින් ඒ කාරනා නිසා මම දකින්න ලැබෙන්නේ අඩුවෙන්…..”
දැන් ළමයි දෙන්නෙක් ඉන්නා අම්මා කෙනෙක් නිසා වගකීම් වැඩියි නේද වෙනදට වඩා ? ”ඔව්….! ඒක ඇත්ත… ඉස්සර ෂූටින් ගියාම ගෙදර ගැන ගානක් නෑ, හැබැයි දැන් එහෙම නෑ ෂූටින් ගියාට හිත තියෙන්නේ ගෙදර…. ෂූටින් ඉවර වෙන්නේ කීයටද කියලා බල බල ඉන්නේ ගෙදර දුවන්න…. මොකද මගේ ජීවිතේ වෙලා තියෙන්නේ දුවයි පුතයි, ඒ දෙන්නත් එක්ක ඉද්දි හැම මහන්සියක්ම අමතක වෙනවා…. පුතා ගොඩක් කැමති මට…. දුව කැමති තාත්තට, මගේ අම්මා ඉන්න නිසා මට වැඩ ටිකක් අඩුයි… එයා තමා දරුවෝ දෙන්නා ගැන හොයල බලලා හැම වැඩක්ම කරන්නේ…”
මහේෂි ගොඩක් කාලයක් ඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන හෙළිකළේ නෑ… ඇයි ඒ ? ”මෙහෙමයි! මම කලින් මගේ පලවෙනි පෙම්වතා ගැන සෑහෙන්න කතා කළා… ඒ ආදර සම්බන්ධය මම ජනප්‍රිය කළා, ඊට පස්සේ තමයි දන්නේ එයා වෙන සම්බන්දයක් තියාගෙන ඉඳලා, ඉතින් ඒ සම්බන්දය නතර කරන්න වුනා…. ඒ නිසා මම සමහර දේවල් ගැන ටිකක් කලකිරිලා හිටියේ. අනිත් ගැහැණු වගේ මට බැන්දට පස්සේ මිනිස්සු මාරු කරන්න බැරි නිසා තමයි මම එහෙම කලේ, මොකද මට මගේ පවුල් ජීවිතය රැකගන්න ඕන වුනා…. ඉතින් දෙවෙනි දරුවා හම්බෙනකන් මම මගේ විවාහ ජීවිතය ප්‍රසිද්ධ කලේ නෑ. සැමියා මට ඒ ගැන කියන්න කියලා බල කලෙත් නෑ, එයා එයාගේ ෆේස්බුක් එකේ පොටෝ දැම්මා, සම්පත් කියන්නේ පාඩුවේ ඉන්න කෙනෙක්…. මට වඩා එයා අවුරුදු 10ක් වැඩිමල්, හැබැයි අපි අතර ගොඩක් හොඳ තේරුම්ගනීමක් තියෙනවා….”