කලා ක්ශේෂ්ත්‍රයේ ලොකුවට ආශ්‍රය කරන්න තරම් හොද යාලුවො නෑ, මම විවාහ වුණේ ක්ශේෂ්ත්‍රයට ආව ගමන්මයි

2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් 12 දෙනා අතරට තේරී පත් වෙලා කලා ක්ශේෂ්ත්‍රයට මග හදාගන්න කෙනෙක් තමයි නිත්‍යා දේවින්දි කියන්නේ. රංගන ක්ශේෂ්ත්‍රයට එන්න හිතේ කිසි අදහසක් තිබ්බේ නැති නිත්‍යා පියාගේ වියෝවෙන් පසුවයි රංගන ක්ශේෂ්ත්‍රයට එන්නේ. ඉතින් මේ දිනවල ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය අපිට පුංචි තිරය හරහා දැක බලා ගන්න පුලුවන්. ඒ ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රුවිනි විදියට සහ රේස් 2 නාට්‍යය හරහා. සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් ඇය.

ඉතින් ඇගේ ජීවිතය වෙනස් කරපු ටෙලිනාට්‍යයක් තමයි පාර දිගේ ටෙලිනාට්‍යය. මෙහි ඇගේ මව විදියට රංගනය කරන ජ්‍යෙෂ්ඨ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන මල්කාන්ති ජයසිංහ වැනි ජ්‍යෙෂ්ඨ කලා කරුවන්ගෙන් ලබන මගපෙන්වීම් නිසාම ඇය හිතන්නේ පාර දිගේ ටෙලිනාට්‍යය රංගන පාසලක් වගේ කියලයි. ඇය කියන්නේ මේ තියෙන තත්වය එක්ක තව අවුරුදු කිහිපයකින් කලා ක්ශේෂ්ත්‍රය නැත්තටම නැතිවෙයි කියලා.

ඉතින් අවුරුදු කුමරිය තරගාවලියක් නිසා කලා ක්ශේෂ්ත්‍රයට ආපු නිත්‍යා දේවින්දි මේ වන විට විවාහකයි. ඇගේ සැමියාත් කලා ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඉතින් මේ විදියටයි ඇය ඇගේ සැමියා සහ කලා ක්ශේෂ්ත්‍රය ගැන අදහස් දක්වලා තිබුණේ.

” මගේ සැමියා ගීතාංජන ද කොස්තා. මම විවාහ වුණේ ක්ශේෂ්ත්‍රයට ආව ගමන්ම. මම හිතනවා ඉක්මනින් විවාහ වුණ එක ජීවිතේ ගත්ත හොද තීරණයක් කියලා. අපි දෙන්නට දෙනා හොදින් තේරුම් අරන් ජීවත් වෙන්නේ. එයා අධ්‍යක්ෂකවරයෙක් කියලා මම එයාගේ හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්න හදන්නෑ. නිර්මාණයේ ගුණාත්මකකම මිසක් ගෙදර කට්ටිය සම්බන්ධ කරගැනීම නෙමෙයිනේ කරන්න ඕනේ.

මම අනාගත අරමුණු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මම ආසාවෙන් ඉන්නේ හොදම නිලිය විදියට සම්මානයට පාත්‍ර වෙන්න. මම කිසිම යාලුකමක් ගෙදරට යනකොට ගෙනියන්නෑ. එ වගේම හොදම යාලුවෝ කියලා ආශ්‍රය කරන්නත් කලා ක්ශේෂ්ත්‍රයේ කවුරුත් නෑ. ඒක තමයි ඇත්ත කතාව. මම ඒක ඕන තැනක කියනවා. මගේ අම්මයි නංගියි අයියයි මහත්තයයි එක්ක සතුටින් ජීවත් වෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *