මගේ සැමියා කියන්නේ මට පහසුයිනම් නිරුවතින් ගියත් එයාට කමක් නෑ කියලා, මම මට ඕන දේ කරන්නේ

අපේ රටේ හිටපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වින්ද්‍යා වෙන්කියුලැන්බර්ග් කියන්නේ. නමුත් දැන්නම් ඇයව අපිට අපේ තිරයෙන් දැක බලා ගන්නට හැකියාවක් නෑ. නමුත් ඇගේ රංගනය අපිට මීට වසර ගණනාවකට කලින් දැක බලා ගන්න පුලුවන් වුණා. මේ වෙද්දි ඇය විවාහ වෙලා ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා තමයි ඉන්නේ. ඉතිං ඇයගේ විවාහයෙන් පස්සේ ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය නිසා තමයි වින්ද්‍යාව අපිට දැක බලා ගන්නට නැත්තේ. ඉතින් වින්ද්‍යාගේ ආදරණීය සැමියා වන ලක්මාල් ජයසුන්දර සහ පුංචි පුතා එක්ක සතුටින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන වින්ද්‍යාගේ රැකියාව කායවර්ධන උපදේශිකාවක්.

වින්ද්‍යා ඔස්ට්‍රේලියාවට ගිහිං කොච්චර කල්ද ? මම ඔස්ට්‍රේලියාවට ඇවිත් දැනට වසර හයකට පමණ වැඩි කාලයක් ගිහින්… ඒත් මගේ සැමියා මෙහෙට ඇවිත් නම් වසර 14ක් විතර වෙනවා. ඉතින් ඇය ඇගේ ජීවිතයේ තොරතුරු කිහිපයක් මේ විදියටයි ප්‍රේක්ෂක සමඟින් බෙදාගෙන තිබුණේ.

නිළියක් වුණා කියලා ලංකාවේ දී ලොකුවට විවාහ උත්සවය ගත්තේ නෑ නේද ? ” ලංකාවේ පොඩියට පාටි එකක් අරන් කසාද බැන්දේ. ලොකු වෙඩින් එකක් ගත්තේ නෑ. හඳහන් බලන්නෙත් නැතුව වෙලාවල් බලන්නෙත් නැතුව තමයි අපි විවාහ වුණේ. විවාහයෙන් පස්සේ ඔස්ට්‍රේලියාවේ යන්න තීරණය කලේ. හැබැයි අද සතුටු වෙනවා එදා ඒ විදෙස් ගත වෙන්න ගත්ත තීරණේ ගැන. නමුත් ලංකාවේ අයට පුලුවන් විදිහට උදව් කරනවා.  අපි ඇහුවා කොහොම මේ කායවර්ධන උපදේශිකාවක් විදියට වැඩ කටයුතු පටන් ගත්තේ කියලා…. එතකොට වින්ද්‍යා කිව්වේ මෙන්න මෙහෙම. “මම ඉස්සර ඉදලම මහතයි. හැබැයි බබා ලැබුණම තවත් මහත් වුණා. ඊට පස්සේ ජිම් ගියේ. ජිම් ගියාම තමයි මට කාය වර්ධන උපදේශිකාවක් වෙන්න හිතුනේ.”

ඉතිං වින්ද්‍යා කරන විලාසිතා ගැනත් කතා කරන්න අපි අමතක කලේ නෑ. එතකොට වින්ද්‍යා මෙහෙම කිව්වා. “මගේ හස්බන්ඩ් කියන්නේ ඇඟට පහසුයි නම් නිරුවතින් ගියත් එයාට කමක් නෑ කියලා. මම කොහොමත් කරන්නෙ මට ඕන දේ. මගේ ඇගේ මේ වෙන කොට ටැටූ හතරක් තියෙයි. අන්තිම එක ගැහුවේ මීට මාස දෙකකට කලින් ’’ කියලයි…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *