සිරස නාලිකාවේ විකාශය වන ජනප්‍රිය වගේම ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගත්ත තරගාවලියක් තමයි සිරස වොයිස් ශ්‍රී ලංකා කියන්නේ. මේ තරගාවලිය හරහා අපේ ගායන ක්ශේෂ්ත්‍රයට සුපිරි තරු ගණනාවක් දායාද කර තිබෙනවා. ඉතාම ආකර්ෂණීය ආකාරයට පැවැත්වෙන මෙම තරගාවලිය තුළ විනිසුරු මඩුල්ලේ අපේ ආදරණීය ගායන ශිල්පීන් කිහිප දෙනෙක්ම නියෝජනය කරනවා.
ශෂිකා නිසංසලා, උමාරියා සිංහවංශ, භාතිය ඇන්ඩ් සන්තුෂ් සහ කසුන් කල්හාර කියන අපේ ගායන තරු තමයි ද වොයිස් ශ්‍රී ලංකා නියෝජනය කරන විනිසුරු මඩුල්ල. ඉතින් වොයිස් නිසාම මේ දිනල ජනප්‍රිය වුණු කෙනෙක් ඉන්නවා. ඔහු මනෝජ් සංජීව. මනෝජ්ගේ මේ ඉදිරිපත් කිරීම හැමදෙනාම සංවේදි කරන්නට සමත් වුණා. ඉතින් මනෝජ් ද වොයිස් ශ්‍රී ලංකා වැඩසටහනේදී දැක් වූ අදහසක්ද මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.
” මම මෙහෙම ඉපදුන නිසා සමහර තැන් වලදී මට හිතුනා ජීවිතේ නැති කරගන්න. ඉස්කෝලේ යන කාලේ යාලුවො මට විහිලු කලා. මම විතරයි අපෙ පවුලේ මේ විදියට ඉන්නේ. මම බස් එකකට ගියත් කඩේකට ගියත් හරියට වැඩක් කරගන්න බෑ. මොකද මට වඩා උසයිනේ. මම කියන්නේ අපි වගේ මිනිස්සු අවතක්සේරුවට දාලා කතා කරන්න එපා. මොකද අපිත් හදවතින් මිනිස්සු.”
මේ විදියටයි මනෝජ් සංජය අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහු ගායනයට ඉතාම දක්ෂ කෙනෙක්. ඔහුගේ ගායන හැකියාව නිසා අද වන විට ඔහුව මුලු රටක්ම හඳුනනවා. ඉතින් මනෝජ්ගේ ඉදිරි සංගීත වැඩ කටයුතු වලට වගේම ඉදිරි ජීවිතයටත් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
වෙනත් පුවත් – අපි හැම උත්සවයක්ම සමරනවා, අපේ පවුල කතෝලික බෞද්ධ මික්ස් එකක් තියෙන්නෙ
කලා ක්ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන චරිත ඉන්න රටම දන්න හදුනන කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ප්‍රියසාද් පවුලේ දෙවැනි දුව තමයි ශේෂාද්‍රි කියන්නේ. රංගනයට වගේම නිවේදනයට දක්ෂතා දක්වන ඇය මේ වන විටනම් කලා නිර්මාණ හරහා දැක ගන්න ලැබෙන්නේ නෑ.
ඒ ක්‍රිෂාන්ගේත් ශේෂාද්‍රිගේත් ආදරණීය පුංචි දෝණි ක්‍රිෂාර්යයා නිසා. මේ වන විට ආදරණීය මවක් වන ශේෂාද්‍රි තමන්ගේ ලෝකයම දරුවා කරගෙන කලාවෙනුත් ඈත් වෙලා දියනිය වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා. ඉතින් ඔවුන්ගේ එදිනෙදා තොරතුරු අපිට සමාජ මාධ්‍ය හරහා දැක ගන්න ලැබෙනවා.
ඉතින් ක්‍රිෂාන් සහ ශේෂාද්‍රි කතෝලික දහමට අනුව ජීවිතය ගෙනියන හරිම ආදරණීය පවුලක්. හැමදාම ඉරිදට පල්ලි යන මේ සුන්දර කැදැල්ලේ සතුට හැමදාම තියෙන විදිය ගැන මේ විදියටයි ශේෂාද්‍රි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
”අපි හැම ඉරිදම පල්ලි යනවා. පවුල පිටින් හැමදාම තමන් අදහන ආගමික ස්ථානයට ගියාම ඒ පවුල හැමදාම සතුටින්. අපි හැම උත්සවයක්ම සමරනවා. නත්තල්, වෙසක් හැම උත්සවයක්ම සමරන්න අපි වාසනාවන්ත වෙලා ඉන්නේ. මොකද සාරංග අයියා එහෙම බෞද්ධ. ක්‍රිෂාන් අපි කතෝලික. අපේ කතෝලික බෞද්ධ මික්ස් එකක් තියෙන්නේ.”