‘හිත ළග හිනැහුනා’ ටෙලිනාට්‍යයේ සිහින විදියට අපි අතරට ආව ඒ කඩවසම් තාරුණ්‍යට හිමිකම් කියන ඔහු දෙව්නක පෝරගේ. මොහු ගැන අමුතුවෙන් හදුන්වා දෙන්නට තරම් අවශ්‍ය කෙනෙක් නෙමෙයි. පසුගිය දා හිත ලග හිනැහුනා ටෙලිනාට්‍යයෙන් ඔහු ඉවත් වෙන්නේ දෙව්නකගේ වැඩි දුර අධ්‍යාපන කටයුතු සදහා විදෙස් ගත වෙන්නට අවශ්‍ය නිසයි. කොහොමත් අධ්‍යාපනයට මුල් තැන ලබා දෙන දෙව්නක පසුගිය දා නීතිවේදී උපාධිය ලබා ගෙන තිබුණා. ඒ ගැනත් අපිට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.
දෙව්නක ගැන කියපු ගමන්ම අපි කවුරුත් දන්න රහසක් තියෙනවා. ඒ දෙව්නකගේ පෙම්වතිය ගැනයි. ඇය හසිනි වෑදන්ඩ. දෙරණ නාලිකාවේ ‘සංගීතේ’ ටෙලිනාට්‍යය හරහා අපි අතරට ආව හසිනි දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයේ තරග වට ගාණකට සහභාගි වෙලා එතනින් ඉවත් වෙන්නට සිදුවුණු කෙනෙක්. ගායනයට සහ වාදනයට දක්ෂ හසිනි මේ වන විට උපාධි අපේක්ෂාවෙන් අවසන් වසරේ ඉගෙන ගන්න කෙනෙක්.
හැමෝම බලන් හිටපු දෙව්නකගේ සහ හසිනිගේ ආදර අන්දරය පටන් ගත්තු විදිය ගැන මේ විදියටයි පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.
” අපි දෙන්නා මුලින්ම මුණ ගැහුනේ පාටියකදී. එතකොට අපි දෙන්නම කලා ක්ශේෂ්ත්‍රයේ හිතවතුන් විදියට දැනගෙන හිටියේ. නමුත් වෙන දෙයක් අපි දෙන්නා අතර තිබුණේ නෑ. ඊට පස්සේ මම ගිටාර් එක අරන් සිංදුවක් කියනකොට මම හසිනිට ගිටාර් එකදීලා කිව්වා ඔයත් කියන්න කියලා. හසිනි එයා ලස්සනට වවලා තිබ්බ නියපොතු ටික හපලා ගිටාර් එක ගහනගමන් සිංදුවක් කිව්වා. එදා මට එයා ගැන මාර හැගීමක් ආවේ.
ඊට පස්සේ මම එයාගේ ෆෝන් එකට මැසේජ් කරලා කෝල් කරලා වීඩියෝ කෝල් එකකුත් ගත්තා. ඒ වෙනකොට අපි දෙන්නට දෙන්නා ආදරෙයි. මම හිතන්නෙ මගේ බිරිද විදියට තියෙන්න ඕන හැම ගති ගුණයක්ම හසිනිට තියෙනවා. වචනයෙන් කියන්න බැරි දෙයක් තමයි එයා. මුලින්ම මට අම්මාට කියන්න බය හිතුනා. නමුත් තාත්තට කිව්වා. අම්මට කිව්වම ප්‍රශ්නයක් වුනේ නෑ. දැන් අපේ අම්මට නැතුවම බැරි කෙනෙක් වෙලා එයා. ”
මේ විදියටයි හසිනි සහ දෙව්නකගේ ආදර කතාව පටන් අරන් තියෙන්නේ. ඉතින් නිහතමානී ආදරණීය මේ යුවළට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.