දෙවෙනි ඉනිමේ දැන් අවසන් කොටස් යන්නේ, රංගන ශිල්පියෙක් වෙන බලාපොරොත්තුව ඉටු වුණේ දෙවෙනි ඉනිමෙන්

2019 අවුරුදු කුමාරයා විදියට කිරුළු පලදින්නට හැකිවුණු ඔහු තමයි ඉෂාර මධුෂාන් කියන්නේ. ප්‍රේක්ෂකයන් අතර ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත් ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යය හරහා රදීෂ් කියන චරිතය හරහා අපි අතරට ආව ඒ කඩවසම් රංගන ශිල්පියා තමයි ඉෂාර කියන්නේ. රංගන ක්ශේෂ්ත්‍රය තුල ඒ විදියට ජනතා ආකර්ෂණය ලබා ගන්න ඉෂාර ගුරුවරයෙක් විදියටත් සමාජ මාධ්‍ය හරහා බෙහෙවින්ම ජනප්‍රිය චරිතයක්.

සාමාන්‍ය පෙළ විභාගයට A 9ක් ලබා ගනිමින් උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී ඉදිමින් A 3ක් ලබා ගෙන විශිෂ්ට අයුරින් විභාගය සමත් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සමත් වුණු ඉෂාරගේ එකම හීනය වෙලා තිබුණේ ඉංජිනේරුවෙක් වෙන්නයි. ඉතින් ඒ හීනය ඔස්සේ පියඹා ගිය ඉෂාර මිනිසුන් අතර ජනප්‍රිය චරිතයක් වෙන්නට ආසාවෙන් හිටියත් එය මගහැරෙන්නේ ඉංජිනේරු සිහිනය වෙනුවෙන් ගිය නිසයි.

ඉතින් ඒ කොහොම වුණත් අවුරුදු කුමාරයා වුණු ඉෂාරට ඔහුගේ ආශාව ඉටු කරගන්නට මග පෑදෙනවා. ඒ ඔහුගේ ප්‍රථම රංගනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය නිසයි. ඒ ගැන ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාර මධුෂාන් මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

”මාව ගොඩක් දෙනෙක් අදුනන්නේ දෙවෙනි ඉනිමේ රදීෂ් කියලයි. ඒ අවස්ථාව මට ලබලා දුන්නට දෙරණෙ උප සභාපති ලක්සිරි මහත්මයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මම වසර එක හමාරකට කලින් තමයි මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. මේ ටෙලිනාට්‍යයේ මගේ චරිතයට හොද ප්‍රතිචාර ලැබෙනවා. දෙවෙනි ඉනිමේ අවසන් කොටස් කීපය දැන් විකාශය වෙන්නේ.

කලාවට සම්බන්ධ වෙලා ජනප්‍රිය චරිතයක් වෙන්න ආසාව තිබුණත් ඒකට නොහැකි වුණෙ ඉංජිනේරුවෙක් වෙන්න සිහිනයක් තිබුණ නිසා. පාසල් යන කාලෙදි රංගනයට නම් කිසිම දේකට සහභාගි වුණේ නෑ. ඒත් නිවේදන කටයුතු නම් කලා. මගේ අරමුණ හොද සිනමා නිර්මාණයකට දායක වෙන්න. මගේ වෘත්තීය රංගනය නොවන නිසා ඒ වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන්නත් බෑ. නමුත් පියවරෙන් පියවර හොද ගමනක් යන්න මගේ බලාපොරොත්තුව.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *