ඒ දවස්වල මම දඟ මල්ලක්, කොල්ලෝ එක්කත් රණ්ඩු වෙනවා – පූජනී භාග්‍යා

2017 වසරේදී හිරු නාලිකාවේ අවුරුදු කුමරිය ලෙස තේරීපත්වී පසුව රංගනයට එකතුවුන කටකාර හැඩකාර දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පූජනී භාග්‍යා කියන්නේ. ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ ජනප්‍රිය ගායක ගයාන් ගුණවර්ධනගේ පෙම්වතිය ලෙසයි. නමුත් ඔවුන්‌ගේ ආදර කතාව තවමත් ප්‍රසිද්දියට පත් කරලා නැහැ.  අපි අපේ, නාඩි, හුස්මක් තරමට, අසංවර වැස්සක් වගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගත් පූජනී භාග්‍යා සමගයි අද අපේ මේ කතාබහ. ඉතින් පූජනී මොකද වෙන්නේ මේ දවස්වල. ”මේ දවස්වල රටේ ප්‍රශ්න එක්ක හැමෝටම අමාරු කාලයක් නේ, ඉතින් මටත් ඒ වගේ තමයි අපිත් හරිම මාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මේ තත්ත්වෙත් එක්ක කරන්න හිතන් හිටපු වැඩ ගොඩක් කල්ගිහිල්ලා තියෙනවා, ඒ විතරක් නෙවෙයි අපි පටන් ගන්න හිටපු වැඩත් ගොඩක් නතරවුනා. හැබැයි ඉතින් පුළුවන් විදියට ජීවිතේ ගෙවනවා”

පාසල් කාලේ වගේම පූජනී තාම දඟයි ද ? ”මෙහෙමයි පාසල් කාලයේ තරම්ම නෑ හැබැයි මම තාම ටිකක් දඟකාර චරිතයක්. ඒක කතා කරද්දී උනත් තේරෙනවා කියලා කතා කරන අය මගෙත් එක්ක කියනවා, මම කොහොමත් ගොඩක් කටකාර ක්‍රියාශීලී චරිතයක්. ඕනෑම තැනක දුවලා පැනලා ඉන්න කැමති කෙනෙක් මම. සාමාන්‍යයෙන් මම ඕනෑම කෙනෙක් එක්ක කතා කරලා සුහදව ඉන්නවා. ඒ වගේම සමහර වෙලාවට යාළුවො එක්ක තරහා වෙනවා හැබැයි ටික වෙලාවකින් මට ඒක අමතක වෙනවා ඉතින් මමම ගිහින් ඒ අය එක්ක කතා කරනවා, ඉස්කෝලේ කාලේ කොහොමත් ගොඩක් චන්ඩි නේ. පිරිමි ළමයිත් එක්කත් රන්ඩු වෙනවා. හැබැයි දැන් එහෙම නෑ.”

වර්තමානයේ කලාව තියෙන තියෙන තැන ගැන මොකද හිතෙන්නේ ? ‘දැන්නම් තියෙන තත්වය ගැන සතුටු වෙන්න බෑ. රටේ තත්වය එක්ක කොහොමත් එහෙමයි නේ. මේ ක්‍ෂේත්‍රයේ විතරක් නෙවෙයි හැම ක්‍ෂේත්‍රයටම පොදු දෙයක් ඒක. මුලින්ම කරන්න ඕන මේ තියෙන තත්වය නිරාකරණය කරගන්න එක. ඊට පස්සේ තමයි අනිත් ප්‍රශ්න ගැන හිතන්න වෙන්නේ. අනාගතේ හරි අපිට අපි ගැනම සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගාන්න පුළුවන් වේවි කියලා අපි හිතමු”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *