පුතා ලංකාවට එන්න කැමති නෑ මදුරුවෝ කයි කියලා බයට.මට නම් කට්ට කාලා හුරුයි – ලෝචනා ඉමාෂි

කලා ලෝකය තුළ අතිශයින් ම අතිශයින්ම සුන්දර ඒ වගේම දක්ෂ කටකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.ඇය නිවේදිකාවක් විදිහට කලා ජීවිතය ආරම්භ කරලා පසු කාලීනව රංගන ශිල්පිනියක් බවට පත් වෙච්ච චරිතයක්.ඉතින් මේ සුන්දර කලාකාරිනිය නෙදර්ලන්තේ ට ගිහින් ටික කාලයක් ඉඳලා නැවත වතාවක් මේ වෙද්දි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. මොකද සැමියා සහ පුතා මේ වෙද්දි ජීවත් වෙන්නේ නෙදර්ලන්තයේ.ඉතින් ඒ ජීවිතය සහ ලංකාවේ ගත කරන ජීවිතය ගැන ඇය කිව්වේ මේ වගේ දෙයක්.

“මටනම් නෙදර්ලන්තයේ පදිංචි වෙන්න ආසාවක් නැහැ.වැඩ ටික ඉවර කරල එහේ යනවා ඇවිත් අය වැඩ කරන්න ලංකාවට එනවා.එවිට හෙට තමයි මගේ කාලේ ගත වෙන්නේ.ලංකාවේ තියෙන කට්ට මට දැන් හුරුයි.මට එහේ ගිහින් හුදෙකලා ජීවිතයක් ගත හුදෙකලා ජීවිතයක් ගත කරන්න අමාරුයි.මගේ පවුලේ අය නෑදෑයෝ ඔක්කොම ලංකාවෙ ඉන්නවා.ඒ නිසා සුපුරුදු රස්සාව කරගෙන ඉන්න පුළුවන්.දැනට හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නවා කියලා’

ඉතින් ඇය මෙහෙම ලංකාවේදී පුතා සහ සැමියා ඒකට විරුද්ධ නැද්ද කියලා අහපු හම ඇය කිව්වේ ඒ දෙන්නම කැමති ඒ විදිහට නිදහසේ එහෙට වෙලා ඉන්න කියලයි.ඒ වගේම ලංකාවට එනවා ටත් සැමියාගෙන් කිසිම තහනමක් නැහැ.ඒ වගේම ඇය ආදරණීය පුතා සහ සැමියා ගැන කිව්වේ මේ වගේ දෙයක්.

පුතයි එයායි නම් ලංකාවට එන්නේ නැහැ.ඒ දෙන්නට නෙදර්ලන්ත ජීවිතේ හුරු වෙලා.මම එහෙ කියපු ගමන් පුතා බය වෙනවා මම එයාව මෙහෙ එක්කං එයි කියලා.ලංකාවේ හිටපු කාලේ මදුරුවො කූඹි කාලා එයා එකට බය වෙලා. අනේ අම්මි යන්න බැහැ මොස්කිටෝ ඉන්නවා කියලා කියනවා.එයාගෙ වයස හයයි.ඊට වඩා දෙයක් කියන්න තේරුමක් නැහැ.සැමියා ඇවිත් යන්න එයි”

පැරණි පුවත් – හැමෝම ආදරේ කරන ලෝචනා කරන්න යන අලුත්ම වැඩේ 

ලෝචනා ඉමාෂි කියන්නේ අපි කවුරුත් අදාරය කරන රංගන ශිල්පිනියක්. ඇය කටකාර, දඟකාර සුන්දර යුවතියක් කිවුවොත් නිවැරදියිනේ.

ඉතින් මේ වෙද්දි ලෝචනා කියන්නේ පුංචි පුතෙකුගේ ආදරණීය මවක්. කොහොම වුණත් ඇය මේ වෙද්දි ලංකාවේ ඉන්නේ නම් තනියම. ඒකට හේතුව තමයි ලොචනාගේ සැමියා සහ පුංචි පුතා මේ වෙද්දි ජීවත් වෙන්නේ ඉතාලියේ වීම.

ඉතින් ඇය මේ වෙද්දී කොරෝනා කාලේ හුගක් අසීරුවෙන් ඉන්න ගොඩක් අයට කිසිම ප්‍රසිද්ධියක් නැතුවම උදව් කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඇය දරුවන්ට උදව් කරන්න ජයසකා Child Care By Lochana නමින් පදනමක් පිහිටුවලා තිබෙනවා.

කොහොමවුණත් කොරෝනා වසංගතය නිසා විදෙස්ගත වීමට නොහැකිව සිටින ලොචනා ඉමාෂි පසුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් මේ විදිහට කියලා තිබ්බා. මම පසුගිය දිනක කඵබෝවිල රෝහලේ කොරෝනා වාට්ටුවට ගියා. ඒ ලෙඩ්ඩුන්ව බලන්න නෙවෙයි.

ඒ අය වෙනුවෙන් පොඩි පරිත්‍යාගයක් කරන්න ගියේ. ලෙඩ්ඩුන්ට උණුවතුර බොන්න විදුලි බොයිලේරුවක අඩුපාඩුවක් තියන බව මගේ හිතවතෙක් කිව්වා. මම මගේ ඥාති සහෝදරයා එක්ක කඵබෝවිල රෝහලට ගියේ බොයිලේරු දෙකක් දෙන්න.

ඒක අවශ්‍ය වුණේ කොරෝනා වාට්ටුවට නිසා අපි ඒ වාට්ටුවටම ගිහින් දුන්නා. වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය කරන කැප කිරීම නම් අගය කරන්න ඕනේ. ඉතින් අපි කරාපිටියේ කොරෝනා ළමයින් ඉන්න වාට්ටුවේ දරුවන්ට කෑම වේලක් දෙන්නත් හිතුවා.

මම මේ පුංචි දරුවන්ට උදව් කරන්නේ මගේ පුතා නිසයි. මට එයාව මතක් වෙන වාර අනන්තයි. අම්මෙක්ට දරුවක්ගෙන් ඈත් වෙලා ඉන්න බෑ. මම ඒ වේදනාව විඳිනවා. ඒ වේදනාවට පුංචි හරි සහනයක් වෙන්නයි මම අසරණ දරුවන්ට උදව් කරන්නේ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *