සිනමාව හරහාත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හරහාත් තමන්ට ලැබෙන චරිතයට විශිෂ්ට සාධාරණත්වයක් ඉෂ්ට කරපු අපේ කාලයේ ප්‍රවීණ කලා කලාකාරිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ.ඒ සම්බන්ධය කතා කරද්දී ඇය කලාවට අවතීර්ණ වෙන්නේ අහම්බෙන්.ඒ වගේම තමයි අවුරුදු 8ක තිස්සේ ඉඳන් ඇය නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නෑ.
ඉතින් මේ චරිතය ටිකක් අසාමාන්‍ය චරිතයක්.ඒ වගේම ටිකක් අපහසුයි ඒ තියෙන ඇඳුම් පැළඳුම් එක්ක රංගන කටයුත්ත කරන්න.ඒ වගේම තමයි ෂූටින් කරන අතරතුරදී නොයෙකුත් අකරතැබ්බවලට ඇය මුහුණ දීලා තියෙනවා.ඒ දේවල් පිළිබඳව සෙමිනි කිව්වේ මේ වගේ කතාවක්
“සිරිගේ ගෙදර සුළං කපොල්ලක් මැද්දෙ තිබුණේ. එතකොට කොහොමද සීතල.නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනා ජැකට් දාලා කන් වහගෙන ඉන්න කොට මගේ ඇත්තටම ඇඳුම් ඇත්තෙම නැහැ වගේ.පුදුමාකාර සීතලක් තිබුණේ අපේ අපි කොච්චර සීතලක් මැද්දේද රූගත කළේ කියලා හිතාගන්නවත් බැහැ. ඒ වගේම තමයි සුද්දිට පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහා මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා.මට කිසිම ලැජ්ජාවක් තිබුණෙ නැහැ.නගරෙදිවත් කිසිම කෙනෙක් වැරදි ඇහැකින් අපි දිහා බලන්න වැරදි දෙයක් කියන්න ආවෙ නෑ. බොහොම ගෞරවයෙන් තමයි රසිකයෝ ඇවිත් කතා කළේ”
සේමිනි කියන්නේ ක්ෂේත්‍රය තුළ තමන්ට ලැබෙන හැම වැඩක්ම බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. ඇයට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට විතරයි ඇය සම්බන්ධ වෙන්නේ.ඒ වගේම වසර අටකට විතර පස්සෙ නැවත වතාවක් මෙවැනි නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණ එක පිළිබඳව ඇය ගොඩක් සතුටින් ඉන්නේ.ඒ වගේම ප්‍රේක්ෂකයනුත් ඇයට ඒ සඳහා සුභ පැතුම් එකතු කරලා තිබුණා. ඉතින් අපිත් ඒ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියා හදවතින්ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.
පැරණි පුවත් – “මළ මිණියකට නිරුවත් වුණු සේමිණි ඉද්දමල්ගොඩ ඒ ගැන කියන කතාව මෙන්න..”
සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය චරිතයක් නෙමෙයි. වාණිජ චිත්‍රපටිවල මෙන්ම කලාත්මක චිත්‍රපටිවල ඇගේ රංගනය දකින්න ලැබෙනවා. මේ දවස්වල කවුරුත් කතා කරන්නේ ඇය ගැනයි. පුවත්පතක සදහන් වූණු සෙමිණිගේ විස්තරයි මේ
මේ දවස්වල විසි අට වෙනුවෙන් කාර්යබහුල වෙලාද? 28 චිත්‍රපටය නිසා ටිකක් කාර්යබහුල වුණා. මේ දිනවල චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ප්‍රසන්න ජයකොඩි සමඟ මේ විදියට නිර්මාණ කාර්යයක නිරත වෙන්නේ කී වැනි වතාවටද? ‘විසි අට’ කියන්නේ ප්‍රසන්න ජයකොඩි සමඟ කරපු පළමු චිත්‍රපටය. මීට පෙර ඔහුගේ පෝය නාට්‍යයක රඟපෑවා. ඒ නාට්‍යයේ මගේ චරිතයට එක දෙබසක්වත් තිබුණේ නැහැ. ඒ චරිතය රඟපාන්න මට අමාරු වුණා. මේ චරිතය ඒ වගේ ලක්ෂ වාරයක් අමාරු චරිතයක්. ප්‍රසන්න ජයකොඩි කියන්නේ වෙනස්ම අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ සිත තුළ තිබෙන චරිතය ඔහු කොහොමහරි අපෙන් මතුකර ගන්නවා.
28 කියන්නේ චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි. ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක්. එහෙම නේද? ඔව්, අපේ සිනමාවට මේ වගේ චිත්‍රපට අලුත් අත්දැකීමක්. ලෝක සිනමාවේ මෙවැනි චිත්‍රපට ඕන තරම් තියෙනවා. නමුත් අපි මෙවැනි චිත්‍රපටයක් දකින පළමුවැනි වතාව තමයි මේ. මේ චිත්‍රපටය වගේම එහි සිදුවීම්, ඒ චරිත පවා හරිම බැරෑරුම් ඒවා. ඒ හැම චරිතයක්ම කතා කරනවා.
‘සුද්දී’, ඒ බැරෑරුම් බව තුළ ඔබට අභියෝගයක් වුණාද? ඔව්, ඇත්තටම සුද්දි කියන්නේ අභියෝගයක්. සුද්දී කතාකරන විට සුද්දිට විරුද්ධ චරිතයක් තිබුණේ නැහැ. සුද්දී කතා කළේ ප්‍රේක්ෂකයාට. ඒත්, රූගත කරන මොහොතේ එතන ප්‍රේක්ෂකයා නෑ. ඉතින් ඒකම මට චරිත නිරූපණයේදී අභියෝගයක් වුණා. සුද්දී තුළින් මේ රටේ සමස්ත කාන්තා පරපුරම නියෝජනය වෙනවා කියලා ඔබ හිතනවද? සියයට සියයක්ම එහෙම නොවුණත්, මේ රටේ හැම ගැහැනියක්ම සුද්දී තුළින් නියෝජනය වුණා. සුද්දීගේ දෙබස් හරහා ඒ හැම ගැහැනියකටම තමන්ගේ ජීවිතේ මොකක් හරි තැනක් මතක් වෙන්න ඇති. ” නවය වසරේ අලුත් අච්චු පොත් ලැබුණාම අපි කියෙව්වේ විද්‍යාව අච්චු පොතේ අන්තිමට තියන ප්‍රජනනය පාඩම.” කියන දෙබසම කීදෙනකුට පෞද්ගලික වුණු අත්දැකීමක්ද. ලිංගිකත්වය කියන්නෙම අපේ රටේ කුණුහරුපයක්. තාක්ෂණය තුළ වුණත් වඳුරට දැළි පිහිය අහුවුණා වගේ අපේ අය හැසිරෙන්නේ ඒ නිසා.
සුද්දීගේ දෙබස් තුළ මේ රටේ කැකෑරෙන තැන් රැසක් එළියට අදිනවා නේද? විශේෂයෙන් අපේ රටේ තිබෙන ලිංගික අසහනය පිළිබඳව සුද්දී සෘජුව කතා කරනවා නේද? ඔව්, මේ චිත්‍රපටයේ කියවෙන “අබසිරි උන්ට කියාපන් මැරුණු ගෑනු විතරක් නෙවෙයි උන් මරපු පිරිමිත් පව්” කියලා කියන දෙබස ඔය කියන යටි පෙළ අරුත සැඟවුණු දෙබසක්. මේ කියන ලිංගික අධ්‍යාපනය හරි ආකාරව නොලැබීමේ ගැටලුව තුළ පිරිමිත් අසරණයි. මේ සංස්කෘතික හිරවීම තුළ පිරිමින් අසහනයට පත් වෙනවා. ඒ තුළ ඔවුන් ගෑනියෙක් දූෂණය කරලා මරලා හරි ඒ අසහනය පිටකර ගන්නවා. අපිට පිරිමින්ට ඇඟිල්ල දික් කරන්න බෑ. පිරිමිත් පව්.
අව්‍යාජව සත්‍ය කතා කරන සුද්දී තුළින් නියෝජනය වෙන්නේ සමස්ත කාන්තාව නම්, ඒ තුළ ඔබත් ඉන්නවා නේද? ඔව්, අපේ ජීවිත කාලය පුරාවටම, අපි නොයෙකුත් සිදුවීම්වලට මුහුණ දෙනවා. ඒවා හොඳ හෝ නරක වෙන්න පුළුවන්. අපිට ජීවත් වෙලා ඉන්න කාලය තුළ විවෘතව ඒවා කතා කරන්න බැහැ. නමුත් මැරුණු සුද්දී නිරුවතින් ඉන්නවා වගේ ඒ සියල්ල කියනවා. ඔබ නිරුවත් දර්ශන සඳහා දායක නොවන රංගන ශිල්පිනියක් වුණත්, අවස්ථා දෙකකදී ඔබ චිත්‍රපටයේදී අඩ නිරුවත් වෙනවා? මේ චිත්‍රපටයේ පිට පෙන්වීම අත්‍යවශ්‍ය දර්ශනයක්. මළමිනියක පිටිපස්සට ඇඳුම් අන්දන්නේ නෑනේ. මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා. නමුත් මම අමුවෙන් නිරුවත් වුණේ නෑ. මම අවශ්‍ය තැන්වලට ඇඳුම් ඇඳලා හිටියේ. ඒ දර්ශන දෙකම පිටපතේ තියෙන බව මම දන්නවා. දැනගෙනයි චරිතය භාරගත්තේ. කවුරුත් මට බලෙන් ඒවා රඟපාන්න කිව්වේ නැහැ.
මිනී පෙට්ටියක සිට රඟපාන හැඟීම ඔබට ගෙන ආවේ මොන වගේ අත්දැකීමක්ද? මිනී පෙට්ටියක ඉඳන් මම රඟපාපු දෙවැනි අවස්ථාව තමයි මේක. මුලින්ම මම ස්වයංජාත ටෙලි නාට්‍යයේ එහෙම දර්ශනයක් රඟපෑවා. මිනී පෙට්ටිය ඇතුළේ හරිබරි ගැහෙන්න බෑ. තිබ්බ විදියටම ඉන්න ඕන. ස්වයංජාත රඟපාන වෙලාවේ මිනී පෙට්ටියේ ඉද්දී ගෙදර අය මතක් වෙලා මම ඇඬුවා. නමුත් මේ චරිතයේදී ඒක මට විශේෂ වුණේ නැහැ. මේක හොඳ සුවපහසු මිනී පෙට්ටියක්. මොනතරම් සුවපහසුද කියනවා නම් මට හොඳට ගොරවා ගොරවා නින්ද ගියා.
සුද්දීගේ චරිතයට සාධාරණයක් කළා කියලා ඔබ විශ්වාස කරනවද? ඔව්, අනිවාර්යයෙන්ම. මම දැනට චිත්‍රපටය හත් වතාවක් නැරැඹුවා. තවත් මට ඒ චිත්‍රපටය බලන්න ආසයි. ඒක බලන්න හිතේ පොඩි ලෝබකමක් තියෙනවා. තව අවුරුදු හත අටක් ගියත් මට ‘මේ චරිතය මීට වඩා හොඳට කරන්න තිබුණා’ කියලා හිතෙන්නේ නෑ. මොකද මම චරිතයට උපරිම සාධාරණයක් කරලා උපරිමයෙන් රඟපෑවා. මට ඒ ගැන නැවත හිතන්න යමක් නෑ.
චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. චිත්‍රපටයට සම්මාන කීපයක් ලැබුණා. හොඳම තිරපිටපතට සහ හොඳම නළුවාට හිමි සම්මාන සඳහා චිත්‍රපටය නිර්දේශ වුණා. අපි චිත්‍රපටය ඇතුළේ මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය කතා කරනවා. නමුත් චිත්‍රපටයේ කොහෙවත් ලිංගික දර්ශන අඩංගු නැහැ. ඒ නිසා චිත්‍රපටය ඕනම කෙනකුට නරඹන්න පුළුවන්. විශේෂයෙන් මාත් අම්මා කෙනෙක් විදියට කියන්නේ, මේ චිත්‍රපටය වැඩිවියට පත්වුණු හැම ගැහැනු දරුවෙක්ම නැරැඹිය යුතුයි. ටෙලි නාට්‍ය අමතක කළේ මේ විදියට චිත්‍රපට තුළින් වෙනසක් කරන්නද? ටෙලි නාට්‍ය අමතක කළා නෙවෙයි. මට හොඳ නිර්මාණ ලැබුණේ නැහැ. මේ දවස්වල හොඳ ටෙලි නාට්‍යවලට නිෂ්පාදකවරු වියදම් කරන්නේ නැහැ. ලාභ ලබන්නත් අමාරුයි. ඒ නිසාම ටෙලි නාට්‍යවලින් අයින් වුණා. ඒ ඉවත්වීම වෙනත් පැත්තකින් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න හේතුවක් වුණා.