අපිට බබෙක් හදන්න තවම කාලය නෙමෙයි, තව ටිකක් මෙහෙම ඉදලා බබෙක් හදනවා – චතූ රාජපක්ෂ

චතූ රාජපක්ෂ කියන්නේ අපේ රටේ නවක පරපුරේ සිටින නැගී එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.රංගනයට පැමිණීමට පෙර ඇය සිරස නාළිකාව ඔස්සේ නිවේදන කටයුතු සිදුකර තිබෙනවා.පෞද්ගලික ජීවිතය ගැන කතා කරනකොට ඇය විවාහක වන අතර ඔවුන් දෙපලගේ දෙදෙනාගේ ඡායාරූප අපිට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වෙනවා.

පසුගිය දිනයක දී ඇය තමන්ගේ සැමියා සමග එක්තරා සාකච්ඡාමය වැඩසටහනකට තමන්ගේ අපූරු ආදරෙයි තමන්ට ලැබුණු ආකාරය පිළිබඳව පවසා සිටියේ මේ ආකාරයටයි.

“ඇත්තටම මට මෙයාව ලැබෙන්නේ වැලන්ටයින් දවසේ.මෙයාගේ අයියා event organized කරන කෙනෙක්.මීට කලින් මට event ගොඩකට invite කරලා තිබුනට මට ඇත්තෙන්ම යන්න බැරි වුණා.2020 දී මට invite කරලා තිබුණා අපේ ලොකු ඉවෙන්ට් එකක් තියෙනවා ඒකට ගොඩක් ආර්ටිස්ට්ලා එනවා කියලා.මම කොහොමත් එකට යන්න හිතුවේ නැහැ.පස්සෙ බලනකොට තමයි දැනගන්න ලැබුණේ ඒක තියෙන්නේ තියෙන්නේ රාගම කියලා.ඊටපස්සෙ මම අයියට කිව්වා ඒක දුර තියෙන්නෙ මෙහෙමයි මට transport ප්‍රශ්නයක් තියෙනවා කියලා.ඊටපස්සෙ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා එයා transport දෙන්නම් කියලා කිව්වා.ඊට පස්සේ මම තව යාළුවෝ දෙන්නෙක් එක්ක මහරගම සැලෝන් එකක් ලඟට ගියා. එතකොට මාව එක්කගෙන යන්න ආපු ඩ්‍රයිවර් තමයි මගේ සැමියා.

ඊට පස්සේ වගේ යාලුවො තුන් දෙනක් එක මම මෙයාගේ වාහනේ ගියා.අපි ගිය පැය බාගයක් විතර ඒ ටිකට අපේ ගොඩක් කතාබහ කරලා ෆිට් වුනා.ඊට පස්සේ story එකක් දාන්න සෙල්ෆියක් ගන්නකොට මෙයා පැත්තකට වෙලා හිටියා.මට ඉතින් පව් හිතිලා කතා කලා.එදාම අපි ඩිනර් අවුට් එකකටත් ගියා.ඊට පස්සේ ඉතාමත් හොඳින් කතා බහ කරලා අපි හොඳ යාළුවෝ වගේ ඉඳලා දන්නේම නැතිව තමයි ආදරයක් බවට පෙරළුණේ.”

පෙර ලිපි – ”තව ටිකක් මෙහෙම ඉදලා බබෙක් හදනවා” – චතූ රාජපක්ෂ

අහම්බයකින් කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වන විට පුංචි තිරය හා සිනමාව කියන මේ ද්විත්වයම එක විදිහට ආක්‍රමණය කරන්නට හැකි වුනු කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිණි චතූ රාජපක්ෂ කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය අතර බෙහෙවින් ජනාදරයට පත්වූ ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘බන්ධනා’ කියන්නේ.

ඉතින් බන්ධනා ටෙලි නාට්‍යයේ ද්විත්ව චරිතයකට රංගනයෙන් දායක වුණු චතු රංගනය කළ තවත් ටෙලි නාට්‍යයක් විදියට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ගඟන පියවර ටෙලි නාට්‍යය පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහට පුංචි තිරය තුළ දක්ෂතා දක්වන චතු රංගනය කරන සිනමා නිර්මාණයක් ද මේ වන විට ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගෙන තිබෙනවා.

සුරංග අල්විස්ගේ ‘ද ගේම්’ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයක් හරහා අපි අතරට ආව චතූ මෑතක දී විවාහ දිවියට පත් වුණා. රට රටවල සැමියා සමඟින් සංචාරයේ යෙදෙන චතූ ඇගේ මව පොඩි කාලේ ඉඳලම දැකලා නෑ කියලයි ඇය කියන්නේ. ඇගේ මව කුඩා කාලයේම විදෙස්ගත වෙලා තියෙනවා.

ඉතින් ඒ කොහොම වුණත් මේ වන විට සැමියාත් එක්ක ඉතා සතුටින් කල්ගත කරන චතූ රාජපක්ෂගේ කැදැල්ලේ සුබ ආරංචියක් තවම නම් නැහැ. ඒ ගැන චතූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපිට බබෙක් හදන්න තවම කාලය නෙමෙයි. මම හිතනවා අපි බබෙක් හදනව නම් ඒකට ප්ලෑන් කරලා හදන්න ඕන කියලා. මොකද මම දැන් ටෙලිනාට්‍යයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. හස්බන්ඩ්නම් හරිම ආදරෙයි බබාලට. ඒත් මම කියන්නේ මෙහෙම ටික කාලයක් ඉදලා බබෙක් හදමු කියලා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *