‘යායට පායනා පෝදා සද’ ගීතය හරහා රටම ආදරය කරපු ගායකයා තමයි ප්‍රිහාන් කියන්නේ. ඒ විදියට හදුන්වනවාට වඩා ඔහුව තවත් විදියකට හදුන්වා දෙන්නත් පුලුවන්. ඒ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ගායිකාවක්, නීතීඥවරියක් විදියට කවුරුත් දන්න සුරූපි නතාශා පෙරේරාව ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඇගේ ආදරණීය සැමියා තමයි ප්‍රිහාන් කියන්නේ. විවිධ ගොසිප් ඔස්සේ ප්‍රිහාන්ගේ බිරිඳ ගැන සමාජ මාධ්‍ය වලින් නම් බොහෝ කතා ගොඩ නැගුනා. විවිධ කතා මැද්දේ ඇය තමන්ගේ ගමන යාම පිළිබඳවද සතුටක් ඇත්තේ ප්‍රිහාන්ටය.
ඉතින් නතාශයි ප්‍රිහානුයි විවාහ වෙලා මේ වන විට වසර ගණනාවක් ගත වෙලා. නමුත් ගායක ප්‍රිහාන් ගැන සමාජ මාධ්‍ය වැඩි පුර කතා බහ නොකලට නතාශා ගැන නම් කලේන් කාලෙට පුවත් මැවෙනවා. නතාශා තනියම ගන්න ෆොටෝස් සමාජ මාධ්‍යට මුදා හරින නිසා තමයි මේ දෙපළ ගැන ගොසිප් නිර්මාණය වෙන්නේ.
ඉතින් මේ ගැන විවිධ සාකච්ඡාවන් හරහා නතාශා සහ ප්‍රිහාන් පිලිතුරු ලබා දීලා තියෙනවා. විවාහ වුනාට කලාව තුළ වැඩ කටයුතු තනි තනිවම කරගෙන යන්න තමයි ඔවුන් දෙදෙනා සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ප්‍රිහාන්ගේ අලුත්ම ගීතය පසුගියදා ඔහුගේ ආදරණීය රසිකයින්ට අහන්න ලැබුණා. මෙම ගීත ගායනා කරන්න කාන්ත කටහඩ සදහා ප්‍රිහාන් තෝරා ගත්තේ ජනප්‍රිය ගායිකා ආදිත්‍යා වැලිවත්ත. ඉතින් ගෙදර ගායිකාවක් සිටිය දී ආදිත්‍යාව සහය ගායිකාව විදියට තෝරා ගන්න හේතුව විදියට ප්‍රිහාන් අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” මම ආසම හඩ තියෙන්නෙ නතාශට. හැමෝටම තිබුණ ප්‍රශ්නෙ තමා ගෙදර ගායිකාවක් තියාගෙන ඇයි ආදිත්‍යව තෝර ගත්තේ කියලා. මේ සිංදුව දැක්ක ගමන් මට ඔලුවට ආවේ ආදිත්‍යා. එයාගේ කටහඩ මේකට හොදටම ගැලපෙනවා කියලා. අනික මේක අයියයි නංගියි කියන ගීතයක්.”
මේ විදියටයි ජනප්‍රිය ගායක ප්‍රිහාන් අදහස් දක්වලා තිබුණේ. ඒ වගේම අවුරුදු ගානකට පසුව තමයි ඔරිහාන් මේ විදියට අලුත් ගීතයක් කරලා තිබුණේ. ඉතින් ඔහුගේත් නතාශගේත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.