ප්‍රහසන කලාවේ කොයි කවුරුත් දන්නවා ආදරය කරපු චරිතයක් තමයි බින්දු බෝතලේගම කියන්නේ ඉතින් ඒ පිළිබඳව එක්තරා යූටියුබ් වැඩසටහනක් සමග කලකට පෙර එකතු වෙමින් ඔහු අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.
” බන්දු මහත්තයා මට නඩුවක් දැම්මා.ඒත් ඉතිං නඩුව තාම යනවා.එතකම් මම මෙහේ වැඩක් පලක් කරගෙන ඉන්නවා.මම අනිවාර්යයෙන්ම නඩුව දිනනවා මොකද මම බන්ඳු මහත්තයාගේ කියලා කිසිම දෙයක් ඒ විදියටම කොපි කරන්න ගිහින් නැහැ.ගොඩක් ප්‍රේක්ෂකයින් මට කියනවා මම බන්දු මහත්තයා වගේ කියලා.නමුත් මම කළේ මගේ අලුත් නිර්මාණ.බන්දු මහත්තයා ඕන දෙයක් කරපු දෙන් එයාගේ ආසාවනෙ මම නම් තරහ නෑ.මට වාරණ නියෝගය ලැබිලා තියෙන්නේ සම්පූර්ණ රංගන කටයුතු තහනම් කරන්න ඕන කියලා.මම බන්ඳු මහත්තයගෙන් අහන්නේ එහෙම කරන්න තරම් මම ඔබතුමාගේ මොනවාද ඒ විදිහටම කරලා තියෙන්නේ කියලා.බන්ඳු මහත්තයාට ඒකට සාක්ෂි නැහැ.
එතකොට මේ දත කැඩුණේ මම ගඟෙන් නාලා එනකොට ගලක වැදිලා.මගේ සිනමාවේ නම තමයි බිංදු.මගේ ඇත්ත නම ජනක කුමාර.මගේ ගම තමයි ඇඹිලිපිටිය.මම කොළඹට එන්නේ අවුරුදු පහළොවේදී විතර මේසන් වැඩ වලට.
මම අපේ කාලයේ මහරගම කිරි කඩේක වැඩ කළා.එක දවසක් ඔතනට බන්දු මහත්තයා අවට පස්සෙ.මම ළඟට ගිහිල්ලා කිව්වා ආයුබෝවන් මහත්තයා.මට ඔයා වගේ රඟපාන්න පුළුවන් මට සහයෝගයක් දෙන්න කියලා.මට කිව්වා ඔහොම කරගෙන යමන් එතකොට ඉතිරි දත් ටිකත් හැලෙයි දෙතුන් දෙනෙක් ආවා උඹ එකෙක් කියාගෙන ගියා.”
ඉතින් මේ විදියට තමයි ඔහු අදහස් දක්වා සිටියේ.ඔහුට ඉතාමත් ඉක්මනින් රංගනය සඳහා පිවිසීමට ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා.
පෙර පුවත් – ඩුප්ලිකේට් බන්දු යළි උසාවියට
“ඩුප්ලිකේට් බන්දු” යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධිටය පත්ව සිටින බින්දු බෝතලේගම මහතාට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ පසුගියදා විභාගයට ගැනිණි. ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා අනුකරණය කරමින් චිත්‍රපටවල ඔහුගේ නමින් රඟපා DVD තැටි අලෙවි කළැයි බෝතලේගම මහතාට චෝදනා එල්ල වී ඇත.
බන්දු සමරසිංහ මහතා අනුකරණය කරමින් DVD තැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තරයක් දෙන්නැයි බින්දු බෝතලේගම මහතාට නියෝග කෙරුණු අතර සාමදාන වන්නැයි ද මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයට උපදෙස් දුන්නේ ය. බන්ධු සමරසිංහ මහතා බින්දු බෝතලේගම මහතාට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි චෝදනා මත ය.