”වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම සතුට වැඩි කමට මම උඩ පැන්නා” – මනේජ් සංජය

රියැලිටි ගායන තරගාවලියකින් ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට එකතු වුණු ඒ කලා තරුව තමයි මනේජ් සංජය කියන්නේ. ඔහු හිරු ටීවි එකේ හිරු ස්ටාර් හරහා කිරුළ ලබා ගන්නට නොහැකි වුනත් ඒ හරහා තමයි ගායන ක්ශේෂ්ත්‍රයට එන්නේ. ඉතින් හිරු නාලිකාවේ විකාශය වෙන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගයන්නෙත් මනේජ් සංජය විසින්.

ඉතින් ඒ විදියට ගායන ක්ශේෂ්ත්‍රය තුළ මේ වන විට නිහතමානී ගායකයෙක් විදියට කාගෙත් ආදරය ලබා ගන්න මනේජ් මේ වන විට ඔහුගේ බිරිදට හොද සැමියෙක් වගේම දරුවට හොද පියෙක්. ඉතින් ඔහුගේ කුළුදුල් පිය පදවිය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තියෙන්නේ.

”මම හොද පියෙක්. මගෙ බිරිදයි මමයි ප්ලෑන් කරලා දරුවෙක් හැදුවෙ නෑ…. අපි ඕනම දේකට රෙඩි පිට හිටියා. ඉතින් එයා ප්‍රෙග්නසි ටෙස්ට් එක කරලා ලැජ්ජාවෙන් පාන්දර 5ට විතර මට කිව්වේ….. ඒ වෙලාවෙ සතුට වැඩි කමට මම උඩ පැන්නා. බබා හම්බවෙන්න වයිෆ් හොස්පිටල් නතර කරලා මට ශෝ එකකට යන්න වුණා. එක අපේ රැකියාවේ හැටි. නමුත් මම ගොඩක් දුක් වුණා…. ඒත් මම හොස්පිටල් එකට එනකොට මම අතට බබා ගෙනත් දුන්නම මට ඇඩුනා. මට හිතෙන්නෙම මගේ ලේ වලින් හැදුන ළමයනේ කියලා….’’

පැරණි පුවත් – බිංදුවටත් පහළ ඉඳන් එයා මාත් එක්ක ආපු ගමන – මනේජ් සංජය දැන් තාත්තා කෙනෙක්

මනේජ් සංජය කියන්නේ හිරු නාලිකාවේ විකාශය වුණු ‘හිරු ස්ටාර්’ තරගාවලියෙන් ගායන ලෝකයට ආව සුපිරි ගායන ශිල්පියෙක්. මේ වන විට මනේජ් සංජයව වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් වෙලා. ඉතින් ඒ වාගේම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන රැල්ල වෙරලට ආදරෙයි කියන ටෙලිනාට්‍යයේ තේමා ගීතය වන ‘ජෝඩු’ ගීතය ගායනා කරන්නෙත් ඔහු විසින්. ඉතින් ඔහුගේ මෙම ගීතයට රසික ආදරය ලැබුණේ කවුරුත් නොසිතු විදිහට.

ඒ වගේම විවාහ මංගල්‍ය උත්සව වලත් මනේජ් සංජයව දැන් නම් නිතරම දැකබලා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම උදව් කරන සොඳුරු හදවතක් ඇති මෙම ගායකයා පසුගිය දවසක පිය පදවියට හිමිකම් කිව්වා. ඒ චූටි දියණියකගේ පැමිණීමත් එක්ක. ඉතින් මේ සොදුරු කැදැල්ලේ ආදරය තව තවත් වැඩි වුණේ මේ සිගිත්තාගේ හුරතලයත් එක්කයි. ඉතින් මුහුණු පොතේ ක්‍රියාකාරීව හැසිරෙන මනේජ් සංජය මුහුණු පොතේ සටහන් පල කරන්නත් අමතක කලේ නෑ.ඉතින් ඒ විදියට ඔහු සටහන් කල සටහනක් පහතින්

‘ බොහෝ කාන්තාවන්ට අවශ්‍ය වන්නේ දැනටමත් සාර්ථකත්වය ලබා ඇති පිරිමියෙක් හා දිවි ගෙවීමටයි. නමුත් ශක්තිමත් කාන්තාවක් නම් තම සහකරුවාගේ අරමුණේ කොටසක් වෙමින්, බාධක වලට සාර්ථකව මුහුණ දීමට ඔහුට ශක්තියක් වෙමින්, ඔහුගේත් ඇයගේත් ඔවුන්ගේ ඔවුන්ගේම අධිරාජ්‍යක් ගොඩනැගීමට වෙහෙසන ගැහැනුන් ය. බින්දුවටත් පහළ ඉඳන් එයායා මාත් එක්ක ආපු ගමනට හරියටම හරියන ම වදනක් නිසා ඒක කොපි පේස්ට් කලා.’

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *