ගලක් පෙන්නලා මේක මලක් කියලා කිව්වත් ඔව් මැණික එක මලක් තමයි කියලා පිලිගන්නවා – නීල පබළුහි අබිමන්

කොයි කවුරුත් ආදරය කරන්න කරන අය සුරූපී දක්ෂ නවක පරපුරේ රංගන ශිල්පිනියක් තමයි ටනාෂා සතරසිංහ කියන්නේ.ඇය රූප රාජිනී තරගයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමයි ක්ෂේත්‍රයට මුල් වරට පිවිසෙන්නේ.ඉන් අනතුරුව ඇය බොහොමයක් වෙළඳ වෙළෙඳ දැන්වීම් සඳහා ද සහභාගි වෙනවා.ඊටත් පසු කාලීනව තමයි ටෙලි නාට්‍ය සඳහා ඇය යොමු වෙන්නේ.ඒ වගේම ඇය සමාජ මාධ්‍ය ඔස්සේද අතිශයින්ම ජනප්‍රිය තරුණියක්.

ඒ වගේම ඇය රංගන දායකත්වය ලබා දෙන නීල පබළු හි අබිමන්, ටනාෂාගෙ විවාහ මංගල උත්සවයට පැමිණෙන පැමිණෙන ඉතාමත් අපූරු වූ කතාවක් සිදුකර තිබුණා.

” ටනාෂා ගේ පෙම්වතා කියන්නේ මම මෙච්චර කාලෙකට දැකපු අහිංසකම ආදර වන්තයා.මම දන්න අනුරාද බොහෝම අහිංසක බොහොම තැන්පත් හරිම නිවුන ගති පැවතුම් ඇති මලක් වගේ හරිම අහිංසක අවංක කොල්ලෙක්.

කොහේ හරි තැනකට ගිහිල්ලා ටනාෂා කිව්වොත් ගලක් පෙන්නලා මේක මලක් කියලා අනුරාධ අයියා ඔව් මැණික එක මලක් තමයි කියලා කියනවා.කොහේ හරි ගිහිල්ලා ගැහැණු කෙනෙක්ව පෙන්නලා මේ ඉන්නේ පිරිමි කෙනෙක් කියලා කිව්වොත් ඔව් මැණික ඒ ඉන්නේ පිරිමි කෙනෙක් තමයි කියලා කියනවා.

ඉතින් ඒ තරමටම අනුරාද අයියා ටනාෂා කර පුදුම විදියට විශ්වාස කරනවා වගේම පුදුම විදියට ඇයට ආදරය කරනවා. එයා හරිම අහිංසක අවංක කොල්ලෙක්.”

ඉතින් මේ විදිහට තමයි ඔහු ටනාෂාගෙ විවාහ මංගල උත්සවයේ දී කතාවක් පවත්වමින් ඔහුගේ ආදරණීය සැමියා පිළිබඳ ව තම අදහස් දක්වා සිටියේ. ඔවුන් දෙපළට අපි සුබ මංගලම් ආශිර්වාද එක් කර සිටිනවා.

පැරණි පුවත් – “අපි අතරේ කවදාවත් එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැහැ, අදටත් ඒ බැඳීම එහෙමමයි..” – ටනාෂා හතරසිංහ

මගේ පවුලේ ඉන්නෙ මමයි අම්මයි තාත්තයි මගේ නංගිලා තුන්දෙනයි විතරයි. මම තමයි පවුලේ වැඩිමලා. ගැහැනු ළමයින්ම හතරදෙනෙක් තමයි මගේ පවුලෙ ඉන්නෙ. අම්මගේ නම ආශා තුෂාරි. තාත්තගේ නම රුවන් චින්තක. තාත්තානම් විදෙස්ගතවෙලයි ඉන්නෙ. අම්මා ගෘහණියක්.

නංගිලා තුන්දෙනෙක් එක්ක ගතකරපු ඒ ළමා කාලය කොහොමද…? නංගිලා තුන්දෙනා එක්ක ගතකරපු ඒ ජීවිතය හරිම සුන්දරයි. තාමත් එහෙමම තමයි. ගැහැනු ළමයින්ම හතරදෙනෙක් ඉන්න නිසා හතරදෙනා එකතුවෙලා රණ්ඩු කරන්නෙ නැද්ද? කියලත් ගොඩක් අය අහනවා. හැබැයි පුංචි කාලේ වුණත් අපි රණ්ඩු වෙනවා හරිම අඩුයි. අම්මත් කියන්නෙ අපි එහෙම පුංචි කාලෙවත් රණ්ඩු කරලා නැහැ කියලයි. අපි හතරදෙනා මොකක්හරි ප්‍රශ්නයකදී ඒ ගැන අම්මා එක්ක කතා කළා මිසක්, අපි අතරේ කවදාවත් එහෙම ප්‍රශ්න ඇතිවෙලා නැහැ. හරිම සහයෝගයෙන් හිටියා. අදටත් ඒ බැඳීම එහෙමම තමයි.

ඉගෙන ගත්තෙ මොන පාසලේද..? මුලින්ම කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විදුහලෙන් තමයි ඉගෙන ගත්තෙ. ඊටපස්සෙ උසස්පෙළ විභාගයට නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් ජීවිතේ ඇත්තටම සුන්දරයි. ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ තමයි මම වැඩි කාලයක් ගත කළේ. ඉතින්.. මට ඒ පාසලෙන් ගොඩක් යාළුවෝ හඳුනාගන්න අවස්ථාව ලැබුණා. අපි ගොඩක් විනෝදයෙන් කාලය ගත කළා. ඒ වගේම පොතපතේ දේවල්වලටත් වැඩිපුර උනන්දුවක් දුන්නා. හැබැයි පාසල් යන කාලෙදීනම් කලාවට වැඩි උනන්දුවක් දුන්නෙ නෑ. මම උසස්පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. ඒ නිසා පාසල් යන කාලෙදී මම වැඩිපුර අධ්‍යාපනයට හිත යොමු කළා.

පුංචි කාලේ හීනය වෙලා තිබුණේ කවුරු වෙන්නද..? පුංචි කාලේ ගොඩක්ම ආසාවෙන් හිටියේ නිරුපිකාවක් වෙන්න. ටී.වී. එකේ දකින විදිහට උස සපත්තු දාගෙන වැටි වැටී ඒ විදිහට ඇවිදින්න මම ආසා කළා. මම එක එක ඇඳුම් ඇඳගෙන පොඩි කාලේ ඉඳන්ම ගේ වටේ ඇවිද්දා. ලිප්ස්ටික් ගාගෙන කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඇති තරම් කාලයක් මම බලාගෙන ඉන්නවලු. හැබැයි නවය වසර වෙද්දී මට ජීව විද්‍යාව පැත්තට යොමුවෙන්න ආසා කළා. ඊටපස්සෙ මම හීන දැක්කෙ කවදාහරි දවසක ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්නයි.

ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න හීන දැකපු ටනාශාගේ ඒ හීනයට මොකද වුණේ…? උසස්පෙළ විභාගයට පෙනී හිටියට පස්සෙ මම Miss Sri Lanka තරගයට අයදුම් කළා. ටී.වී. එකේ ගිය දැන්වීමක් දැකලා මටත් Miss Sri Lanka තරගයට යන්න ආසා හිතුණා. ඊටපස්සෙ මම අම්මා තාත්තගෙන් අවසරය අරගෙන තමයි මේ තරගයට ඉදිරිපත් වුණේ. ඒ ලැබුණු අවස්ථාව ඇත්තටම ගොඩක් වටිනවා. ඊට කලින් මම වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායකවෙලා තිබුණා. හැබැයි ටනාෂා හතුරුසිංහව හඳුනාගත්තෙ Miss Sri Lanka තරගය හරහායි. ඒ හරහා මට රංගනයටත් අවස්ථාව ලැබුණා. ඒ තරගයත් එක්කම මටත් නොදැනීම මාව හිතුවෙවත් නැති පැත්තකට යොමු වුණා. ඒ රංගන ශිල්පිනියක් වීමයි. ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි.

ඔබගේ මුල්ම චිත්‍රපටය ද රේන්බෝ චිත්‍රපටයයි..? ඔව්.. ද රේන්බෝ තමයි මගේ මුල්ම චිත්‍රපට රංගනය. හැබැයි ඊට කලින් මම ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. එකදිගට ටෙලිනාට්‍ය කරද්දී මගේ ඉගෙනීමට බාධාවන නිසා මම ටෙලිනාට්‍ය කරන එක පොඩ්ඩක් නතර කළා. මම චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී තිරගත වේවි.

අක්කගේ නිර්මාණවලට නංගිලාගෙන් ලැබෙන සහයෝගය කොහොමද..? නංගිලා තුන්දෙනා තමයි මගේ හොඳම රසිකාවියන් තුන්දෙනා වෙන්නෙ. එයාලා වැරදි අඩුපාඩු දැක්කම මට ඒ ගැන කියනවා. ඒ අයගෙන් චරිතයේ හොඳ අහනවට වඩා අඩුපාඩු තමයි මම වැඩිපුරම අහන්නෙ. අපරාදේ… ඔයාට එතනදී තව හොඳට කරන්න තිබුණා. ඇයි ඔයා එතන එහෙම හිටියේ? කිය කියා එයාලා අඩුපාඩු කියනවා. අනිත් අය මට හොඳ කියද්දී මේ තුන්දෙනා අඩුපාඩු තමයි කියන්නෙ. ඇත්තටම මම ඒකට කැමතියි. මාව හොඳටම දන්නෙ ඒ තුන්දෙනයි. ඒ නිසා මට කරන්න පුළුවන් දේ ගැන ඒ තුන්දෙනාට අවබෝධයක් තියෙනවා.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවද..? මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති නැහැ. මගේ නිදහසට බාධා කරගන්නෙ නැහැ. හැබැයි හොඳ නිර්මාණයකට දායක වෙන්න මගේ ආසාවක් තියෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *