ලංකාවේ ඉන්න රංගන ශිල්පියන් අතරින් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්ධර කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා ගොඩක් ආදරේ කරන අකිල සමග,
අකිල වැඩියෙන්ම සම්බන්ද වෙලා තියෙන්නේ ඉතිහාස කතාවලටනේ, ඉතින් කොහොමද මේ අලුත් නිර්මාණයෙන් ලැබුන අත්දැකීම ”ඔව් මට නිතරම වගේ ලැබෙන්නේ ඉතිහාස කතාවල චරිත, මට මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්න කලින් ශාන්ත මහත්මයා කතා කලේ වෙනත් නිර්මාණයකට, ඒ කාල නදිය ගලා බසී කියන පොතේ නිර්මාණයක් විදියට කරන්න බලාගෙන, මමත් ඒකට කැමතිවෙලා තිබ්බේ හැබැයි ඒ වැඩේ ටිකක කල් ගියා, ඊට පස්සේ තමයි මට මේ නිර්මාණයට ආරාධනාවක් ලැබුනේ, මම දෙපාරක් හිතන්නේ නැතුව මේකට කැමති වුනා”
අකිලගේ මේ අලුත් නිර්මාණය ඔබගේ ආදරණීය බිරිඳ සහ දියණියත් බලනවද..? ”ඔව් ඔව් ඒ දෙන්නම බලනවා, බබා ඒවා බලාගෙන ඉඳලා මගෙන් අහනවා කවුද අප්පච්චි මේ ඇන්ටි කියලා, මේ මගේ අම්මා නේද කියලත් අහනවා, මේ කතාව විකාශනය වෙලා මුල් කාලේ පොඩි ඉරිසියාවක් වගේ තිබ්බා, හැබැයි බබා දන්නවා දැන් මේක රඟපෑමක් විතරයි ඇත්ත දෙයක් නෙවෙයි කියලා, අපි වැඩ වලට යද්දිත් බබා අරන් යන නිසා දැන් මේ දේවල් බබාට පුරුදුයි,”
ඔබගේ බිරිඳට ඉරිසියා හිතෙන්නේ නැද්ද නාට්‍යවල පෙම් ජවනිකා රඟපාද්දී..? ”මම විවාහ වුනේ මගේ සෙකට්‍රි එක්ක, ඉතින් ඒ නිසා මාත් එක්ක වැඩ කරන හැමෝම මගේ බිරිඳගේ යාළුවො, එයා කොහොමත් මගේ රකියාවගැන තේරුම් අරගෙන තමයි මගෙත් එක්ක විවාහ වුනේ, ඉස්සරනම් පොඩි පොඩි ඉරිසියා තිබ්බා, හැබැයි දැන් එහෙම නෑ, අදටත් ඇය මම යන යන තැනට එන නිසා ඇයට ලැබෙන පිළිගැනීමත් එක්ක දැන් ඒ පුංචි ඉරිසියාව නැතිවෙලා”
පැරණි පුවත් – “මම අප්පච්චිගේ චරිතය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක්” – අකිල ධනුද්ධර
අකිල කොරන්ටයින් කළේ මොකද වෙන්නේ ඉතින්? වැඩි කාලයක් ගෙදරටම වෙලා හිටියා. ගොඩක් වැඩ කටයුතු කෙරැණේ ෆෝන් එකෙන්. කොරෝනා ලංකාවට ආපු පළවෙනි දවසෙ ඉඳන් අපි ගෙදරට වෙලා පරිස්සමෙන් හිටියා. අප්පච්චි වුණත් වැඩිය වැඩ බාරගත්තෙ නැහැ ඒ කාලෙදිත්. අපි දන්නෙ නෑනේ මේක මොන වගේ වසංගතයක්ද කියලා. ඒ නිසා බබා වෙනුවෙන්ම පරිස්සම් වෙලා ගෙදරට වෙලා හිටියා. පසුගිය දවස් දෙක තුනේ ඉඳලනම් සුපුරැදු විදිහට වැඩකටයුතු නැවත පටන්ගත්තා.
මේ දවස්වල මුළු ජැක්සන් පවුලම එකට නේද? අනේ ඔව්. මමයි එමීයි කොහොමත් අම්මයි අප්පච්චියි එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ. නමුත් මේ වසංගත තත්ත්වයත් එක්ක ගෙදරටම කොටු වුණාම තනියම ඉන්න හරි අමාරැයි. අප්පච්චිලට මට ඒක හොඳට තේරැණා. ඒ නිසා අපි අක්කවයි මිලාන්වයි ගෙදරට ගෙන්නගත්තා. එහෙම ඉන්නකොට අපිට චූටි මල්ලි නැති අඩුවත් දැනුණා. ඊටපස්සෙ මල්ලිලාවත් ගෙදරට ගෙන්නගත්තා. එදා ඉඳන් ඉතින් කට්ටියම ගෙදරට වෙලා බබාව හුරතල් කර කර ලස්සනට ඉන්නවා. නමුත් කට්ටියගෙම හිතට අමාරැයි එළියෙ ලෝකෙ වෙන දේවල් ගැන.
රටේ ප්‍රසිද්ධ අප්පච්චි කෙනෙක් වුණ අකිලත් අප්පච්චි කෙනෙක් වුණ ඒ හැඟීම මොන වගේද? දැන් තමයි මගේ අප්පච්චි ගැන මට හොඳටම තේරෙන්නේ. අපි ජීවත් වුණ ජීවන රටාවේ අපිට ලැබුණ දේවල්, සිද්ධ වුණ දේවල් අපිට හොඳටම මතකයිනේ. නමුත්, අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් වුණහම තමයි තේරෙන්නේ ඒ දේවල් අපිට දෙන්න අම්මලා කොච්චර මහන්සි වුණාද කියලා. ළමයෙක් හදනකොටයි තේරෙන්නේ එයාලා රස්සාවටත් ගිහිල්ලා හැමදේම කරලා අපිටත් අඩුවක් නොවෙන්න අපි ගැනත් හිතලා අවවාදයට වඩා ආදර්ශය උතුම් විදිහට ජීවත් වුණේ කොහොමද කියන්න. ඒ වගකීම කරට ගත්තා කියන්නේ මගේ අප්පච්චිගේ ප්‍රතිරෑපය නැවත ප්‍රතිනිර්මාණය කිරීමක්. මගේ අප්පච්චි මට හොඳ අප්පච්චි කෙනෙක් වුණා වගේ මම මගේ දරැවට හොඳ අප්පච්චි කෙනෙක් වෙන්නේ කොහොමද කියන දේ කල්පනා වෙනවනේ. ඒක ලේසිපහසු කටයුත්තක් නෙවෙයි. ලොකු වගකීමක්.
චූටි දුවගේ නම තිබ්බෙ සීයා නේද? ඔව්. අපි තුන්දෙනාටමත් නම් දැම්මේ අප්පච්චි. ඒ වගේම අපේ දරැවන්ටත් නම් දාන්නේ අප්පච්චිම තමයි. ඒක නියමයක් නෙවෙයි. නමුත් ඒ විදිහටත් හැඩගැහැලා තියෙන්නේ. අපි නම් දාන්න කල්පනා කරනකොට රෝමානු කතෝලික ආගමේ නමක් අනිවාර්යයෙන්ම වැටෙන්න ඕන නිසා මිකෙලා කියන කෑල්ල හිතාගෙනම හිටියා. අනිත් නම් දෙකම දැම්මේ අප්පච්චි. දුවගේ නම සකී අරන්‍යා මිකෙලා. අන්තිමේදී නම දාලා බලනකොට අකිල, මාධවී, සජිත කියන තුන්දෙනාගෙම නම්වල මුල් අකුරැවලින් අපේ දුවට නම හැදිලා තියෙන්නේ. ඒක හිතලා කළ දෙයක් නෙවෙයි. අපිත් ඒ ගැන දැනගත්තේ සාමාජ මාධ්‍යයේ පිරිසකගෙන්. එයාලා තමයි මේක ගලපලා තියෙන්නේ මේ විදිහයි නේද කියලා.
පුංචි දුවගෙත් හාහාපුරා කියලා මියුසික් වීඩියෝවක් නිකුත් වුණා නේද? ඔව්. ඒක චූටි මල්ලිගෙම සංකල්පයක්. එයාගෙනේ සින්දුවත්. මේ වීඩියෝ එකට යොදවපු මහන්සියෙනුත් 95% ක්ම අයිති චූටි මල්ලිට. ඉතින් එයාගේ මහන්සියෙන් අපිත් වැඩේ ලස්සනට කළා. ඒ වගේම ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ඔක්කොටම වැඩිය සින්දුව ඉවරවෙද්දි ඇහෙන බබාගේ හිනාවට තමයි වැඩියෙන්ම කට්ටිය ආස වුණේ. ගෙදරමයි අපි වීඩියෝ කළෙත්.
ඒ වගේ මුළු පවුලම එකතු වෙලා තව අලුත් අලුත් ලස්සන දේවල් කරයිද? තාම මේක අලුත් නිසා දැන්මම වෙන එකක් නැහැ. එහෙම විශේෂයෙන් හිතාගෙන නෑ මේ දේ කරන්න ඕන කියලා. අදහස්නම් සෑහෙන්න තියෙනවා. ප්‍රේක්ෂකයන්ගෙ අදහස් තමයි වැඩියෙන්ම තියෙන්නේ. වෙලාවට වෙන්න ඕන දේවල් ලස්සනට සිද්ධ වෙයිනේ. එකපාරටම ඉතින් මේ වගේම වැඩක් සෙට් වෙයි. එතකොට ඉතින් කට්ටියටම බලන්න පුළුවන් මේ වගේම. ඇත්තටම මේ නිර්මාණය හිත හිත කල් අරන් කරපු දේවල් නෙවෙයි. ක්ෂණික අදහස්.