මේ දවස්වල ලංකාවේ බහුතරයක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගේම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දුටුවන්ගේ නෙත් වශී කරනවන සුන්දර රුවකට හිමිකම් කියන පියුමි ශ්‍රීනායක සමග,
ඔබට හිතෙන විදියට ඔයාට ගැලපෙනම විලාසිතා මොනවද..? ‘මට ගැලපෙනම විලාසිතා තමයි ඉන්දියානු විලාසිතා, මගේ මුහුණේ හැඩයි ඇඟේ පැහැයයි නිසා මම හින්දි විලාසිතා කරද්දී ගොඩක් අය කියනවා මම හින්දි නිලියක් වගේ කියලා, මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ, අනිත් හැම පාටක්ම මට ලස්සනයි කියලයි මට හිතෙන්නේ,”
අපි දකිනවා ඔබ ඔබටම ආවේනික විලාසිතා කරනවා, ඉතින් ඒ ඇඳුම් නිර්මාණය කරගන්නේ ඔබමද..? ”ඇත්තම කියනවනම් නැහැ, මට මම වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය කරන කෙනෙක් ඉන්නවා, එයා තමයි රුවන් චාමර මල්ලි, එයා මට නිර්මාණය කරලා දෙන එක ඇඳුමක් මම අඳින්නේ එක පාරයි, ඉතින් ඒ නිසා එයා අලුත් අලුත් ඇඳුම් ගොඩක් මට හදලා දෙනවා, ඇත්තම කියනවනම් එයා අති දක්ෂයෙක්”
විලාසිතා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරනවා ඇති නේද එහෙනම් ” අනේ නෑ, මම නිතරම බලන්නේ අඩු මුදලකින් ලස්සනට අඳින්න පළදින්න, මම කොහොමත් බ්‍රැන්ඩඩ් ඇඳුම් විතරක් අඳින කෙනෙක් නෙවෙයි, මම මට ගැලපෙන ඕනෑම ඇඳුමක් අඳිනවා, මට එහෙම මානසික මට්ටමක් නෑ, පොඩි ගානකට ලස්සන ඇඳුමක් හම්බවුනොත් මම ඒකත් අරන් අදිනවා, ඒක පාටියකට හොඳයි කියලා හිතුනොත් මම පාටියකටත් ඒක අඳිනවා,”
පැරණි පුවත් – “මම බැන්දේ අඩු වයසින්, අපි කාටවත් ගැලපෙන කෙනා හම්බවෙන්නෙ නැහැ” – පියුමි ශ්‍රීනායක
පියුමි ශ්‍රීනායක කියන්නේ කිහිපයක සිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වූ නිරූපිකාවක්. දැන් ඇය නිලියක් ලෙසිනුත් දකින්න ලැබෙනවා. ඇදුම් විලාසිතා නිසා කටකතාවලට ලක් වෙන පියුමිගේ රංගන දක්ෂතා ගැනත් බොහෝ දෙනෙක් කතා කරනවා. මේ ඇය ගැනයි.
පියුමි කොහොමද මේ දිනවල වැඩ කටයුතු? මම දායක වෙච්ච නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඊට අමතරව ‘හිත කොනිත්තන ආදරේ’ මියුසික් වීඩියෝ එක නිසා තවත් පිරිසක් කතාවෙනවා. ඒක ලස්සන ගීතයක් වගේම, රූප රචනයත් අලංකාරයි. ඊට අමතරව ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ ‘මට අහිමි වුණේ ආදරය කළ කෙනෙක්’ ගීතයේ විෂුවල් එක නිසාත් බොහෝදෙනා ඒ ගැන කතා වෙනවා. මේ දේවල් එක්ක සතුටින් ජීවිතය ගෙවෙනවා.
වෘත්තීමය විදියට මොන අංශයේ ද නිරත වන්නෙ? මම රඟපෑම කරන්නෙ විනෝදාංශයට නෙවෙයි. වෘත්තීය රංගන ශිල්පිනියක්. මගේ වෘත්තිය එයයි. රංගනය කියන දේ අද ඊයේක ආ කැමැත්තක් නෙවෙයි. පොඩි කාලයේ ඉඳලාම තිබූ කැමැත්තක්.
එතකොට ඉගෙන ගත්තෙ? උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. උසස් පෙළ විෂයන් හැටියට තෝරා ගත්තෙ වාණිජ අංශයේ විෂයයන්. ඒත් මට ඕනෑ වුණේ කලා අංශයෙන් ඉදිරියට යාමටයි. ඒ නිසා සුගත් සමරකෝන් මහතා යටතේ රංගනය ගැන හැදෑරුවා. පසුව චන්න විජේවර්ධන මහතා යටතේ නර්තනය හැදෑරුවා. ඒත් එක්කම අනෝජා වීරසිංහ මහත්මිය යටතේ නාට්‍ය පුහුණුවට ගියා. ඒ විදියට ටිකෙන් ටික හෙමින් යන ගමනක්.
ඒ කියන්නෙ ඔබ රංගනය හොයාගෙන යන කෙනෙක්? ඇත්තෙන්ම ඔව්. ගෙදර නිදහසේ ඉන්න ලැබුණාම මම දවසකට චිත්‍රපට තුනක් විතර නරඹනවා. ඊට අමතරව ඔක්කෝම ටෙලිනාට්‍ය නරඹනවා. ඒවා නරඹලා රංගනය ගැන ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. තවම මම රඟපාලා තියෙන්නෙ ටෙලි නාට්‍ය දෙක තුනක විතරයි. මට රංගනය ගැන ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. වතාවක් මම අතුල ජයසිංහ මහතා යටතේ හඬ පුහුණුවක් ලැබුවා. ඇත්තටම මම දවසින් දවස රංගනය ගැන හදාරන්න උත්සාහ කරන කෙනෙක්. දක්ෂතාවය දියුණු කරගෙන ගමනක් යන්න ඕනෑ.
ටෙලිනාට්‍ය රංගනයේ පියුමිට සීමා තියෙනවද? ඔව්, රඟපෑමේදී මම සීමාවක් දාගෙන ඉන්නෙ. මගේ පවුල් පසුබිම සහ ලංකාවේ සංස්කෘතිය එක්ක මට ගැලපෙන චරිත වෙතින් රඟපෑමේ යෙදෙන්න ආසයි. පියුමිට අතීතය ගැන හිතෙන්නෙ කොහොමද? දිනෙන් දින මගේ හැකියාව වර්ධනය කරගෙන හොඳ ගමනක් ඇවිත් කියලා හිතනවා. වර්තමානයේදී අතීතය ගැන හිතලා සතුටු වන්න පුළුවනි.
අතීතයේ කළ කී දේ ගැන පසුතැවීම් නැද්ද? මොනවා හරි කළා නම්, එයින් ජීවිතයට අත්දැකීමක් එක්කර ගත්තා. ඒ නිසා පසුතැවීමක් නැහැ. පියුමි අද ගෙවන ජීවිතය දැනෙන්නෙ කොහොමද? සැමියා ගිහාන් එක්ක ජීවිතය හරිම සතුටින් ගත කරන බව කියන්න පුළුවනි. මගේ සියලූ කටයුතුවලට උදව් කරන්නෙ සැමියා.
මේ ළඟදී ඡයාරූප වගයක් පළවුණේ විවාහ ඡායාරූප කියලා. ඒ කියන්නෙ එතෙක් විවාහ නොවීද සිටියෙ? මම විවාහ වෙලා වසර 7ක් විතර වෙනවා. අපි ඒ විදියට මනාළ යුවළක් ලෙස ඡයාරූප ගත්තෙ ආරාධනයකට. ඒක බ්‍රයිඩල් ෆොටෝ ෂූට් එකක්. කොහොමද ගෙවී ගිය විවාහ ජීවිතය? අපි දෙන්නා හරි සතුටින් කිව්වොත් හරි. මම විවාහ ජීවිතයට එළැඹුණේ අත්දැකීම් අඩු ඒ වගේම ඉතාම තරුණ වයසේදීයි. අපි කාටවත් ගැලපෙන කෙනා හම්බවෙන්නෙ නැහැ. ගැලපීම අපි හදාගන්න ඕනෑ. මොකද සැමියා බිරිඳ කියන්නෙ වෙනස් දෙන්නෙක්. අදහස් ගති පැවතුම් සියල්ල වෙනස්. ඒ නිසා ගැලපීම අපි හදාගන්න ඕනෑ. නොගැලපෙනවා කියලා වෙන්වීම නෙවෙයි විසඳුම. සතුටින් ජීවත් වන්න උත්සාහ ගන්නවා නම් හොඳයි.
සැමියා සහ ඔබ අතර රණ්ඩු සරුවල් වෙනවද? වාද විවාද වෙනවද? සාමාන්‍යයෙන් මට තරහා යනවා වැඩියි. ඒ වෙලාවට එයා නිශ්ශබ්දව ඉඳලා පසුව මට වටහලා දෙනවා. මගේ අඩුපාඩු පෙන්වලා දෙනවා. ඒක තමයි අවබෝධය කියන්නෙ. අවුරුදු 7ක් මේ විදියට ආවේ ඒ අවබෝධය නිසයි. කලා ක්ෂේත්‍රයේ අද විවාහ වෙලා අවුරුද්දක් යන්න කලින් දික්කසාද වෙන අවස්ථා පසුගිය කාලයේදී සෑහෙන්න දැකගන්න ලැබුණා. ඒ වගේ දේ දකිද්දී දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද? අද ඔය දික්කසාද කියන දේ බහුල බව පුවත් මගින් දකින්න ලැබෙනවා. එය කලා ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි. කලාවේ සිටින අය ප්‍රසිද්ධ නිසා ඒවා ඉස්මතුව පෙනෙනවා. කොහොම වුණත් මගේ අරමුණ නම්, හොඳ විවාහ ජීවිතයක් ගෙන යන්න අද සිදුවූ අතපසුවීම නැවත නැවතත් කළ යුතු නැහැ. වැරදි නොකරන්න සහ වැරදි නොවන විදියට ජීවත්වීමට වගබලාගත්තොත් දික්කසාදය කියන දේ වෙන එකක් නැහැ.
පියුමි ගෘහණියක් ලෙස සාර්ථකයි කියලා හිතනවද? ඇත්තෙන්ම මට ගෙදර දොර වැඩපළ කරන්න පුළුවනි. මට බැරි වෙනකොට සැමියා උදව් කරනවා. මට රසට උයන්න පුළුවනි. රසට උයන විදිය මම එයාටත් කියලා දෙනවා. එතකොට හදිසියකදී කෑමක් හදාගන්න පුළුවනි. සැමියා කොහොමටත් කඩෙන් කන්න කැමති නැහැ. පියුමිට හොඳටම උයන්න පුළුවන්? වට්ටක්කා ව්‍යාංජනය, මාළු හොද්ද සහ මැල්ලූම. ඒකට මගේ සැමියා හරිම ආසයි. ඒ හැර අනෙක් ඕනෑම දෙයක් කටට රහට උයන්න පුළුවනි. අපේ යාළුවො මම උයන ඒවා කන්න ආසයි.
(සඳුන් ගමගේ)