අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියලා කියන්නේ. කොහොම නමුත් දැන්නම් ඔහුව බොහෝ දෙනෙක් හදුනන්නේ රංගන ශිල්පියෙක් විදිහටයි. ඉතින් ඒ ඔහු රඟපාන මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ අගස්තිගේ චරිතය නිසා. ඉතින් ඒ වගේම නිල්වන් මුහුදු තීරයේ ගීතය ගායනා කරමින්ද ඔහු පහුගිය කාලයේ අපේ රටේ අතිශය ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය දියණියද හෙක්ටර් වගේම සංගීතයෙන් ජාත්‍යන්තරය ජයගන්න සූදානම් වන පුවතක් අපට අහන්නට ලැබුණා. ඉතින් ප්‍රංශයේ ඉදන් නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් හෙක්ටර්ගේ ආදරණීය දියණියගේ නම තමයි ඩියෝතා මේරියන් ඩයස් කියලා කියන්නේ. ඒ වගේම ඇය ඉපදුණේ ලංකාවේලු. හැබැයි අවුරුදු හතරේදී ඇය ප්‍රංශයට ගියා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ඇය ප්‍රංශයේ තමයිලු ජීවත්වෙන්නේ. ඒ වගේම දැන් ඇය ප්‍රංශයේ පදිංචිවෙලා අවුරුදු දහයක් විතර වෙනවා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇය දැන් 11 වසරේ අධ්‍යාපනය හදාරනවාලු. ඉතින් ඇය පුංචි කාලේ ඉඳලාම නිතරම තාත්තාගේ ප්‍රසංග බලන්න යනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයත් පුංචි කාලේ ඉඳලාම සින්දු කියන්න කැමතියිලු. ඒ වගේම ප්‍රංශයට ගියාට පස්සේ ඇය සංගීතය වැඩිදුර හැදෑරීමක් සිදුකරනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇය අවුරුදු හයේදී ඔපෙරා ගායනයට තමයිලු මුලින්ම සම්බන්ධ වුණේ. ඒ වගේම ඇයට ගිටාර් ගහන්න පුළුවන් කියලත් ඇය කියනවා.
ඉතින් දැන් ඇය ප්‍රංශයේ සංගීත තරගවලට ඉදිරිපත් වෙනවාලු. ඉතින් 2019 වසරේ පැවති තරගයකින් ඇය ජයග්‍රහණයක් කළාලු. ඒ විට්නි හුස්ටන්ගේ ගීතයක් ගායනා කරලා තමයිලු ඇයට ජයග්‍රහණය හිමිවුණේ. ඉතින් ඒ වගේම ඇය ගිය අවුරුද්දේ ලංකාවේ නිවාඩුවට ආපු වෙලාවේ ප්‍රංශයේ ඉඳල දුරකථන ඇමතුමක් ආවාලු ද වොයිස් කිඩ්ස් ෆ්‍රාන්ස් වැඩසටහනට එකතුවෙන්න කැමතිද කියලා අහලා. ඊට පස්සේ ඇය ඒ වැඩසටහනේ මූලික වට හතරකට සහභාගි වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒ හතරම සමත් වෙලා බ්ලයින්ඩ් ඔඩිෂන් එකෙනුත් ඇයට සමත් වෙන්න හැකියාව ලැබුනාලු. ඉතින් දැන් මේ අගෝස්තු මාසයේ ඉඳල මේ සියලුම වැඩසටහන් විකාශය වෙනවා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම ද වොයිස් ෆ්‍රාන්ස් කිරුළ දිනාගන්න ඇයට පුළුවන් කියලා ඇය හිතනවාලු. හැබැයි ඇයගේ සිහිනය ජයග්‍රහණයම නෙමෙයි කියලත් ඇය කියනවා. ඇයට ඕනෑ සංගීතයෙන් ඉදිරියට යන්නලු. ඉතින් ඒ වගේම ඇයට තාත්තා ලොකු සහයෝගයක් ලබා දෙනවාලු. ඒ වගේම ඇයට සියලුම භාෂාවලින් ගීත ගායනා කරන්න පුළුවන් කියලත් ඇය කියනවා. හැබැයි ඇය වැඩිපුරම ගායනා කරන්නේ ඉංග්‍රීසි ගීතලු. ඉතින් ඒ වගේම මේක ඇයගේ පළමු ජාත්‍යන්තර අත්දැකීම කියලයි ඇය කියන්නේ.
ඒ වගේම ඇය මේ වැඩසටහනේදී නියෝජනය කරන්නේ ලංකාවලු. ඇය මුලින්ම ගායනා කළෙත් නිම්හිම් සෙව්වා කියන ගීතය කියලයි ඇය කියන්නේ. ඒ වගේම තාත්තාලු ඇයගේ වීරයා. පුංචි කාලේ ඉඳලා හැම තිස්සෙම ඔහු ඇය ළඟින්ම ඉන්නවාලු. ඒ වගේම ඇය නිවාඩුවට ලංකාවට ආවහම තාත්තාගෙ බෑන්ඩ් එකේ තාත්තා එක්ක සින්දු කියනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් සැප්තැම්බර් මාසයේ නැවතත් ලංකාවෙන් යන්න අදහස් කරගෙන ඉන්නවා කියලයින් ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.