2015දී මිසිස් ශ්‍රී ලංකා කිරුළ ජයග්‍රහණය කර කලා ක්ශේෂ්ත්‍රයට කෙනෙක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. මේ වනවිට ඇය ලැබූ සම්මාන අතරින් ජනප්‍රිය නිලිය සම්මානය පස් වතාවක් තමා සතු කරගන්නට උදාරි වාසනාවන්ත වෙනවා. ඒ කියන්නේ ඇය සැබැවින්ම ප්‍රේක්ෂක හදවතේ මේ වනවිට ලැගුම් ගෙන හමාරයි කියලයි. ඉතින් පුංචි තිරය වගේම සිනමාව ද තම්බා රංගන හැකියාවෙන් හැඩකරන්නට උදාරිට හැකි වෙනවා. ඉතින් විවිධ වූ චරිතාංග ඔස්සේ අප අතරට එන උදාරි වර්ණකුලසූරිය විදෙස් රටක පදිංචි වී සිටියත් කලා කටයුතු කටයුතු වලට නොපිරිහෙලා දායකත්වය ලබාදෙන කලාකාරිනියකි.
ඉතින් සංජය නිර්මාල්ගේ ‘සංසාරන්‍ය අසබඩ’ ටෙලිනාට්‍යයේ ලමාතැනීගේ චරිතයට 2020 වසරේ හොඳම නිළිය සම්මානය ලබා ගන්නට හැකි වෙන්නේ. ඒ වගේම සිනමාව හරහාත් කැපී පෙනෙන චරිත රංගනය කල උදාරිගේ සිනමා නිර්මාණ අතර ඩී.සිවදාසන්ගේ ‘දෙවෙනි යුද්ධය’, බෙනට් රත්නායකගේ ‘කවුරුත් දන්නෙ නැහැ’, සරත් වීරසේකරගේ ‘ශ්‍රී සිද්ධා’, ජැක්සන් ඇන්තනීගේ ‘එකගෙයි සොකරි’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මිදුණු විශ්වය’, සංජීව පුෂ්පකුමාරගේ ‘ ආසු’ වැනි චිත්‍රපට ගණනාවකම ඇය රංගනයෙන් දායක වුණා.
ඉතින් අද මේ විදිහට ඉතා ඉහළ ප්‍රේක්ෂක ආදරය ලබාගන්න උදාරි වර්ණකුලසූරිය එදා පුංචි තිරය ඔස්සේ ‘බොද මීදුම්’ ටෙලි නාට්‍යය තුලින් ජනතා ආදරය ලබා ගත්තා. ඉතින් දෙරණ මිස් ශ්‍රී ලංකා ඔස්සේ කලාවට පිවිසෙන ඇය මුලින්ම වෙළඳ දැන්වීම් වල සහ ගීත රූප රචනා වලින් තමයි කලාවට එකතු වෙන්නේ. ඉතින් ඇගේ ප්‍රථම සිනමා නිර්මාණය වන උදයකාන්ත මහතාගේ ‘ පායා එන්න හිරු සේ’ චිත්‍රපටයයි. ඉතින් මේ වනවිට ආදරණීය මවක් වන උදාරි ඇගේ තොරතුරු පුවත් පතක් සමගින් හුවමාරු කරගෙන තිබුණේ මේ විදියටයි.
” කලාව නිසා මට ජීවිතයේ මග හැරුනු තැන් ගොඩක් තිබුනා. ඉතින් මම මගේ ජීවිතේ මවක් බිරිඳක් විදියට වගකීම් කියන දේවල් මගේ අතින් මග හැරුණු අවස්ථා තියෙනවා. දුව මව හොයන කාලේ මට එයා ලග ඉන්න අවස්ථාව ලැබුණේ නෑ. කිසිම දවසක සැමියා කලාව අතහැරලා සිංගප්පූරුවට එන්න කියලා මට කියල නෑ. විශේෂයෙන්ම මට මේ ගමන එන්න සැමියාගෙන් ලැබුණු සහයෝගය විශාල ශක්තියක් වුණා. ඒ වගේම ඔහු මාව හොදින් තේරුම් ගත්තා.
මම විවාහ වෙලා ඉන්නකොට තමයි මට ජනප්‍රිය නිළිය සම්මානය වසර පහක් ලබාගන්න හැකි වෙන්නේ. ඉතින් මගේ විවාහය කිසිම විටෙක කලා ජීවිතයට බාධාවක් වෙලා නෑ. විදෙස් රටක ඉදලා මගේ ලංකාව දිහා බලද්දි හදවතට දැනෙන්නේ පුදුම වේදනාවක්. මම ඉපදිලා තාත්තගේ අතට දීපු වෙලා වෙලාවෙ තාත්තගේ හීනේ වෙලා තිබිලා තියෙන්නේ මම ලොකු වුණාම රූප සුන්දරියක් කරන්න. මගේ මේ කලා ගමනේ ගමන් නියමුවා වෙන්නේ මගේ තාත්තා’’
ඉතින් මේ විදියට තමයි ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය ඇගේ අදහස් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ සියල්ල ඇය සිතන අයුරින්ම ඉටු වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.