මම මුල් කාලේ මෙයාට කිව්වේ මල්ලි කියලා – දිනේෂ්ගේ බිරිද රැන්ඩෙලා

ගායන ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය කඩවසම් ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ඔහුගේ ජනප්‍රියත්වය එදා සිටම අද දක්වාම එක විදියට අඩුවක් නැතිව තියෙනවා. ඉතින් මේ කඩවසම් ගායකයා ගායනා කල ගීත අතර හැදුනද රිදුනද, මා නුඹට පෙම් කලේ, ඉරණම් ගමනේ, මා ගාවින්, මීවිත පිරුණා වැනි ගීත ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය ගීතයි.

ඉතින් දිනේෂ් තරංග මේ වනවිට විවාහකයෙක්. ඉතින් ඔහුගේ විවාහය ගැන සමාජ මාධ්‍ය තුළ බෙහෙවින්ම කතා බහ කලා. ඉතින් එයට හේතුව ඔහුගේ ආදරණීය බිරිඳ රැන්ඩෙලා දිනේෂ් තරංගට වඩා වයස අවුරුදු නවයකින් බාලයි. ඉතින් මෙය සමාජය තුළ ගොඩක් දෙනෙක් තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. ඉතින් මිනිස්සු මොනව කිව්වත් සතුටින් කාලය ගත කරන දිනේෂ් සහ රැන්ඩෙලා හරි ආදරයෙන් ඉන්නවා. ඒ ගැන දිනේෂ් සහ රැන්ඩෙලා සහභාගි වුණු මාධ්‍ය සාකච්ඡාවක දී දිනේෂ් තරංග අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ හැමදේම හොයලා බලලා කරන්නේ අම්මි. මම ගොඩක්ම අම්මි එපා කියන දේවල්මයි කරන්නේ. එහෙම එපා කිය දේ කරලා මට වැරදුනාම මාව ළගතියන් සනසන්නෙත් අම්මිමයි. මම ආදරය ගොඩක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් ඒ දේ මට අඩුවක් නැතුව දෙනවා. ඒ නිසානේ අද වෙනකම් අපි මෙහෙම එකට ඉන්න හේතුව.

මුලින්ම අපේ සම්බන්ධයට අපේ ගෙදරින් මගේ අම්ම අකමැති වුණා. තාත්තනම් දුවේ කියලා හොදටම කතා බහ කරනවා. එදා වගේම අදටත් රැන්ඩෙලාට. අපේ අම්මනම් මුලින් පොඩ්ඩක් අකමැති වුණා. ඒත් පස්සෙ කැමති වුණා වෙඩින් එකටත් ආවා. අපි දෙන්නා හම්බ වුණේ පල්ලියෙදි. ඉතින් මුලින් අපි යාලුවො වගේ ඉදලා ඊට පස්සෙ තමයි එෆෙයාර් එක පටන් ගත්තේ. මුලින්ම මම රැන්ඩෙලාට මම බූන්දි ගිහින් දුන්නේ. එයා බූන්දි කන්න හරි ආසයි.

රැන්ඩෙලාගේ පළවෙනි විවාහයෙන් එයා ෆේල් වෙනවා. ඊට පස්සේ අම්මිත් මේ ලෝකෙන් යනකොට එයා ගොඩක් තනිවෙනවා. ඊට පස්සෙ තමයි මම එයාට ලං වෙන්නේ. මුලින් මට කිව්වේ මල්ලි කියලා’’

ඉතින් මේ විදියට තමයි ජනප්‍රිය ගායක දිනේෂ් තරංග අදහස් දක්වලා තිබුණේ. මිනිස්සු මොනව කිව්වත් සතුටින් ජීවිතේ විදින ඔහුගේත් රැන්ඩෙලාගේත් සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්නට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *