ප්‍රසංග වේදිකාව තුළ රසිකයන් ඉල්ලන ප්‍රාසාංගිකත්වය උපරිමයෙන්ම හෙබි ගායිකාවක් තමයි කේ.සුජීවා කියන්නේ. ඉතින් ‘ඉගි මරන තරු රෑන’ ගීතය තුලින් රසික ආදරය දිනා ගත්ත ඒ ජනප්‍රිය ගායිකාවට එදා ලැබුණු ප්‍රතිචාරය අදටත් ඒ විදියටම නොඅඩුව ලැබෙනවා. ඉතින් ඇය මේ වනවිට දියණියන් දෙදෙනා සමගින් සතුටින් තමයි කාලය ගත කරන්නේ. කේ.සුජීවාගේ ලොකු දුව අංජලී රාජ්කුමාර් සහ පොඩි දුව රෝස් කියන්නෙත් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින්ම ජනප්‍රිය දෙදෙනෙක්. ඉතින් අම්මා කේ.සුජීවා කියලා අංජලී පාසල් යන කාලේ යාලුවන්ගෙන් ඇයට ලැබුණු අත්දැකීම් ගැන ඇය යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” අපේ අම්මා කේ.සුජීවා කියලා යාලුවො දැන ගත්තම මට යාලුවෝ ශීට් එක දෙනවා. අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙට එනකොට ඉස්කෝලේ ළමයි හරි සතුටින් චියර් එක දෙනවා. දැනටත් මම කා එක්කවත් මගේ අම්මා කේ.සුජීවා කියලා. අපේ අම්මා මට බදින්න කියන්නෙ නෑ. අම්මා කියන්නේ බදින්න එපා ළමයි හදන්නත් එපා කියලා. ඉතින් අම්මා දැක්කම මටත් හිතෙනවා පාඩුවේ ඉන්න ඕන කියලයි. ගොඩක් ගෑණු ළමයින්ට හීනයක් තියෙනවනේ. ඒත් මට පොඩි කාලේ ඉදලා තව වෙනකම් කිසිම හීනයක් තියා පොඩ්ඩක්වත් හිතිලා නෑ. මට බදින්න ආසාවක් නෑ. මොකද බදින කෙනා හරිම කෙනා කියලා දැන ගන්න බෑනේ. බැදලා ඉවර වෙලා හරි කෙනා නෙමෙයි කියලා දැනුනොත් මම මොකද කරන්නේ. ඊට වඩා හොදයි කියලා හිතෙනවා බදින්නැතුව ඉන්න කියලා. ‘’
පෙර පුවත් – මිනිස්සු කතා හදයි, වැරදියට තේරුම් ගනීවි නමුත් ඔයා දන්නවා මම කවුද කියලා – කේ සුජීවාගේ දියණිය අංජලී රාජ්කුමාර් කියපු කතාව
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක් තමයි K. සුජීවා සහ ඇගේ දියණිය අංජලී රාජ්කුමාර් කියන්නෙ. K. සුජීවා කියූ සැනින් ඔබට ඇයගේ රුවටත් වඩා හඬ මතක් වෙයි නිරායාසයෙන්ම. මොකද ඒ තරමට ඇගේ හඬ ජනප්‍රියයි. කවුරුත් ආදරේ කරන ආකර්ෂණීය හඬක්. ගෙවුණු දවසක ඇය දියණියන් එක්ක සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වුණා. ඒත් එක්කම ඔවුන් ගැන වඩාත් කතාබහ කරන්න පටන් ගත්තා.ඒ අතර ධනාත්මක ,සෘණාත්මක ප්‍රතිචාර රැසක් දකින්න ලැබුණා.කොහොම නමුත් මේ අද අංජලී සිය ෆේස්බුක් ගිණුම තුළ තබා තිබූ සටහනක්. “අපි ආපු ගමන ලේසි ගමනක් නොවේ. මිනිස්සු ඕන තරම් වැරදි කියය්, මිනිස්සු කතා හදයි, වැරදියට තේරුම් ගනීවි. නමුත් ඔයා දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඔයා කවුද කියලා අවසානයේදී වටින්නේ එච්චරයි! මගේ මුළු ලෝකයම ඔයා