‘ජාති ආගම් නෙමෙයි වයස් පරතරයයි අපිට ප්‍රශ්නයක් වුණේ’ ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නිවේදිකාව හෙළි කළ ඇගේ ජීවිත කතාව

ෆාතිමා නස්රින් කියන්නේ වර්තමානය වන විට කාගේත් සිත් දිනා ගෙන තියෙන ආදරණීයම ප්‍රවෘත්ති නිවේදිකාවක් වනවා. ඇයගේ සුපැහැදිලි කටහඬත් සුන්දර පෙනුමත් නිසා ඇය කාගේත් ආදරේ දිනා ගෙන සිටිනවා. මුස්ලිම් තරුණියක් වුවත් ඉතාමත් සුපැහැදිලි ලෙස සිංහල වචන උච්චාරණය කරන ඇය පසුගිය දිනකදී විවාහ වූයේ අති දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙක් වන මධුෂාන් ද සිල්වා සමගිනුයි. හැමදාම වගේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශනය ඔස්සේ අපගේ ආලින්දයට එන මේ දක්ෂ නිවේදිකාව විවාහ වන්නේ අපේ රටේ තවත් දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙක් වන මධුෂාන්ද සිල්වා සමඟයි. ඉතින් මේ සුන්දර ආදරේ ගැන පසු ගිය දිනක පුවත් පතකට ෆාතිමා මේ විදිහට පිළිතුරු ලබා දුන්නා.

”ඔහුව මුණගැසෙන්නෙත් ස්වර්ණවාහිනියෙන්. මුල් කාලීනව අපි හොඳ යාළුවෝ වෙලා හිටියෙ. ඒ යාළුකම දන්නේම නැතිව දැන් වසර දෙකහාමාරකට කලින් ප්‍රේමයකට පෙරලුණා. ඇත්තටම අපි එකම ක්ෂේත්‍රයක නියැලීමත් වාසනාවක්. කතාවට කියනවා නේ එකම ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් බඳින්න එපා කියලා. නමුත් එහෙම දෙන්නෙක් අතර බැඳීමක් ඇති වුණහම තේරුම් ගැනීම හරිම පහසුයි. ඒ නිසා අප අතර ප්‍රශ්න ඇති වෙනවා අඩුයි. කොහාමත් වෘත්තිමය ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි අපි පටලවා ගන්නේ නෑ. ඔහුට නැත්නම් නැහැ, තියෙනවා නම් තියෙනවා කියනවා. ඔහු හරිම අවංකයි. හොඳ ගුණාංග ගොඩක් තියෙනවා. හැබැයි හරි ඉක්මනින් තරහා යනවා. හරිම ආඩම්බර කමකුත් තියෙනවා.”

ඉතින් මධුෂනුත් මේ විදිහට එයට පිළිතුරු ලබා දුන්නා. ‘ෆාතිමා කිව්වා වගේ මට හරි ඉක්මනින් තරහ යන කෙනෙක්. ඒ තරහ පාලනය කරන්න කැත්තට පොල්ල වගේ ඉන්න කෙනෙක්ට බැහැ. නමුත් ෆාතිමා මගේ තරහා හරි අපූරුවට බැලන්ස් කරන්න දන්නවා. ඇගේ බොරු ආටෝප නැහැ. මට ඇය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. කිසිම අවස්ථාවක ඇය ඒ විශ්වාසය නැති වෙන විදිහට කටයුතු කරලා නැහැ. එය මගේ මනසටත් ඔළුවටත් හරිම නිදහසක්. බාධා නම් ගොඩක් ආවා. ගෙවල්වලින් සාම්ප්‍රදායික ප්‍රශ්න මතු වුණා. මුල් දවස්වල දෙපැත්තෙන්ම කැමැත්ත ගන්නත් ටිකක් අමාරු වුණා. අදහස් හුවමාරු කරගත්තම නම් පවුල් දෙකෙන්ම ප්‍රශ්නයක් වුණේ නැහැ.

අපිට ආපූ ප්‍රශ්නවලදිත් එකිනෙකා කෙරෙහි තිබුණු විශ්වාසය සහ අවබෝධය නිසයි ඒ සියලු දේ විසඳගන්න පුළුවන් වුණේ. හැම දේකදීම හොඳ වගේම නරක දකින මිනිස්සුත් ඉන්නවා. ඉතින් අපිටත් එවැනි විවේචන තිබුණා. හැබැයි අනෙක් අයගේ ප්‍රශ්න කිසිම වෙලාවක අපේ සම්බන්ධෙට ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. මධුෂාන් ආදරේ කළේ මේ ෆාතිමාටනේ. මගෙනුත් මධුෂාන්ට කිසිම බලපෑමක් ඇති වෙන එකකුත් නැහැ. අපි ජාතිය ආගම වැනි කාරණාවලදී අන්තවාදිව හිතන දෙන්නෙක් නෙමෙයි. අපි ඉදිරියේදි එකට පන්සල් යයි. මගේ ආගමික වැඩකටයුතු වලටත් ඔහු සම්බන්ධ වෙයි. අපේ වැඩිහිටියන්ගෙනුත් අපිට එහෙම කිසිදු තහංචියක් පැනවෙන එකක් නැහැ. අපේ පවුල්වල අයට මුලින්ම තිබුණේ අපේ වයස් පරතරය පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ඔවුනුත් ජාතිය ආගම කියන දේ ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.

ඉතින් ෆාතිමා කියන්නේ ඇයගේ පවුල ගැන මේ විදහටයි. මගේ පවුල් පසුබිම, හැදි වැඩුණු පරිසරය හා මිතුරු මිතුරියන් අනිවාර්යයෙන් බලපාන්න ඇති. මම පාසල් ගියේ කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකාවට. අපේ පාසලේ හැම ජාතියකම හැම ආගමකම සිසුවියන් හිටියා. ඒ හැම කෙනෙක්වම මම ආශ්‍රය කළා. පවුලෙනුත් අනෙක් මුස්ලිම් ගැහැනු දරුවන්ට සාපේක්ෂව මට උපරිම නිදහසක් ලැබුණා. ඒ සියල්ල නිසාම වෙන්න ඇති හරිම සමාජශිලි බොහොම ස්වාධීන කෙනෙක් විදිහට මට නිදහසේ හැදෙන්න පුළුවන් වුණේ මොන දේ වුණත් මුල් තැන හිමි වෙන්නේ පවුල් ජීවිතයට. මගේ ජීවිතේ අංක එක මධුෂාන්. ඔහුටත් එහෙමයි. කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *