උපේක්ෂා ස්වර්ණමාලී කියන්නේ එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු පබා ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂක ආදරය ලබපු සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇයට අදටත් ගොඩක් දෙනා ආමන්ත්‍රණය කරන්නේ පබා කියලයි. ඉතින් මේ විදියට ජනප්‍රියත්වය අඩු නොවුනු උපේක්ෂා රූගත කිරීම් යනවිට පවා ඇගේ ආදරණීය දියණිය එක්කන් යනවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඇගේ දියණියට ඇය උපත දෙන්නේ වයස අවුරුදු 32දී. ඉතින් ඇය ඉපදෙන්නේ අහම්බයක් විදියට කියලයි ඇය සදහන් කරන්නේ.
දුවට මාස 6ක් වෙනකම් ඇය රංගන වැඩ කටයුතු කරල නැහැ. දරුවා වෙනුවෙන් කැප වෙලා දරුවගේ වැඩ කටයුතු කරගෙන හිටපු උපේක්ෂා ආර්ථික ප්‍රශ්නත් එක්ක නැවත රගපෑම් වලට ඇවිත් තියෙනවා.ඉතින් ඇය පසුගිය දවසක සහභාගී වුණු යූ ටියුබ් නාලිකාවකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
‘ දුව අඩු බරට ඔන්න මෙන්න තිබ්බේ. හරිම චූටියි. මට තේරෙන්නෑ මගේ පළවෙනි දරුවනේ. අවාසනාවකට මගේ උදව්වට කවුරුත් හිටියේ නැහැ. ඒක ගොඩක් අමාරු උනා. දුව ඉක්මනට ලොකු වෙන්න කියලා මම හිතුවා. අපි අපේ ලස්සන ගැන අනිවාර්යෙන්ම හිතෙනවා. බඩේ ඉරි තැලු නම හරි කැතයි. ඇඟේ ගොඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මට ප්‍රශ්නයක් ආවෙ නෑ ඒකෙන්.
දුවව පුරුදු නැතිකම තමයි මට තිබ්බේ ප්‍රශ්නය. තාත්තා කෙනෙක්ටත් දරුවෙක්ව තනියම බලන්න බෑ. ඒක අමාරුයි. මගේ දුවගේ තාත්තා කලින් විවාහ වෙච්ච කෙනෙක්. එයාට ඒ පවුලෙන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා නේ. මං ඒ දරුවො දෙන්නත් එක්ක ගොඩක් සමීප වුණා. ඒක ගොඩක් වැඩි වුණා. එතකොටත් ප්‍රශ්න එනවා. හැබැයි අපිත් මිනිස්සු. දරුවෙක් එක්ක නැවත විවාහ වෙනවා කියන එක ලේසි නෑ. පුළුවන් තරමේ අපි බුද්ධිමත් වෙන්න ඕන. විවෘත වෙන්න ඕන. අනාගත සැලසුම් ගැන. නොගැලපීම් ගැන අවංක වෙලා විවෘත වෙලා කරගන්න පුළුවන් නම් හොඳයි.’
ඉතින් මේ විදියටයි උපේක්ෂා ඇගේ දරුවා ගැන අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේත් චූටි දෝණිගේත් අනාගතය සාර්ථක වෙන්න කියා අපි සුබ ප්‍රාර්ථනා එක් කරමු.