හිරු නාලිකාවේ ජනප්‍රිය රියැලිටි තරගාවලියක් වන ‘හිරුස්ටාර්’ මේ වන විට මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.. මෙහි විනිසුරු මඩුල්ල නියෝජනය කරන එකම කාන්තා නියෝජනය තමයි නිරෝෂා විරාජිනි කියන්නේ.
ඉතින් නිරෝෂා විරාජිනිගේ සමකාලීන් තවත් දක්ෂ ගායිකාවක් තමයි අපි කවුරුත් දන්න සමිතා මුදුන්කොටුව කියන්නේ. මේ ගායිකාවන් දෙදෙනාම එක ලෙස ජනප්‍රිය වගේම දක්ෂ දෙදෙනෙක්. ඉතින් ගායන ක්ශේෂ්ත්‍රය තුළ ඒ විදියට ගත්තම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයත් ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයාට අමුතු දෙයක් නොවෙයි.
සමිතා මුදුන්කොටුව ඇයට වඩා වසර ගණනාවක්ම බාල කෙනෙක් සමග අත ගත්ත පුවතත් එක්ක සමාජය කැළඹිලා සමිතට නොයෙකුත් දේ කියනවා සමාජ මාධ්‍ය හරහා අපි දුටුවා. ඉතින් ඇය චිරන්ත සමගින් එක් වුණු එක ගැන සමිතාගේ හිතවතියක් වන අපි කවුරුත් ආදරේ කරන නිරෝෂා විරාජිනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි. ” සමිතට මිනිස්සු එක එක ජාති කිව්වා.
හැබැයි මේ කතා කියපු එක් කෙනෙක්වත් එයාගේ දුක බෙදා ගන්න ආවේ නෑනේ. අපි ජනප්‍රිය කට්ටිය වුණාට පෞද්ගලික ජීවිතේ යම් යම් තැන් සපුරගන්න ඕන. එතනදි සමිතා මේ කල දෙය අමුතු දෙයක් නෙමෙයි. අපේ සමාජයේ ඕන තරම් මේ විදියට කරපු අය ඉන්නවා. නමුත් සමිතා ජනප්‍රිය නිසා හැමෝම දැන ගත්තා. ලිදේ ඉන්න මැඩියො වගේ මානසික මට්ටමක් තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නකොට මෙහෙම තමයි.”
පැරණි ලිපියක් – “මගේ පෞද්ගලික ජීවිතේ කඩා වැටෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති ..” – නිරෝෂා විරාජිනි
ඇත්තටම ඒ හිටියට වඩා අද මගේ රූපය ගොඩක් වෙනස් වෙලා. මම පරිණතවෙලා. අත්දැකීම් බහුල වෙලා. ඒ සියලු දේවල්වලින් මම පෝෂණය වෙලා. ඒ මගේ ආධුනික කාලේ. ඒ කාලයේ අත්දැකීම් අඩුයි. මගේ පවුලේ උදවිය ක්ෂේත්‍රයේ ඉඳලා ඒ ඔස්සේ මම ක්ෂේත්‍රයට ආවා නොවෙයි. මගේ හැකියාව මත පමණමයි මම අද මේ සිටින තැනට ඇවිත් ඉන්නේ. ඒ කාලේ මට හරියට ඇඳුමක් අඳීන්න දන්නේ නෑ.
මේකප් දාන්න දන්නේ නෑ. මාව ලස්සන කරගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ. එහෙම පටන්ගත් ගමන දිහා අද බලන විට මට හරිම සතුටුයි. අද වන විට මගේ ජීවිතය මම කොයිතරම් දුරට සාර්ථක කරගෙන තියෙනවාද? මට මාවම අභියෝගයක් කරගෙනයි මම අද මෙතැන ඉන්නේ. මම කාවවත් මට අභියෝගයක් කරගත්තේ නෑ. එහෙම හිතන්නවත් මනසක් ශක්තියක් තිබුණ කෙනෙක් නොවෙයි මං. මම හැමවෙලේම හිතුවේ මගෙ හැකියාව තුළින් රසිකයා ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියන කාරණය පමණමයි. අද වන විට අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ලබාගන්න පුළුවන් ඉහළම අවස්ථා සියල්ල මම ලබාගෙන තියෙනවා. මම තෘප්තිමත්.
ඔබට හඬක් තියෙනවා කියන දේ මුලින්ම හදුනාගත්තේ කොහොමද? ඒ කාලේ හිටපු අපේ රටේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ හෝ ඉන්දියාවේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත මට අභියෝගයක් කර ගනිමින් ගායනා කළා. ඒ වෙනුවෙන් මම පුහුණුවීම් කළා. ඒ පුහුණුවීම් තුළින් හැමවෙලේම මාව පෝෂණය කරගත්තා. විවිධ වූ ශෛලීන් අහන්න ගත්තා. මට මාවම අභියෝගයක් කර ගනිමින් හැමවෙලේම මා තෝරාගත්තේ ගයන්නට අමාරුම ගීත. එවිට මම ඒ ගීත හරියටම ගයන්න උත්සහා කළා. ඒ හැඟීම කොහෙන්ද ආවේ කියන්න දන්නේ නෑ මං. සමහරවිට මට හිතෙන්න ඇති ඒ කාලේ මටත් ගයන්න පුළුවන් කියලා.
ක්ෂේත්‍රයට දොරගුළු විවර වෙන්නේ කොහොමද? අනූව දශකයේ මම ක්ෂේත්‍රයට පිවිසෙන්න කළින් මම හින්දි දමිළ ගීත කිහිපයක් ගායනා කරලා තිබුණා. ඒ සුපර් සන්ග් කියන සංගීත කණඩායම සමඟ. ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුවත් මට මුලින්ම ලැබෙන්නේ හින්දි දමිළ ගීත සිංහලෙන් ගායනා කරන්න.’සිත හඩයි’ කියන ගීතය එන්නේ ඒ කාලේ. ඒ ගීතය අතිශය ජනප්‍රිය වෙනවා. පසුව විවිධ වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. මම රූපයෙන් ආකර්ෂණීය කෙනෙක් නොවෙයි. කඩහඬින් පමණමයි මා ආකර්ෂණීය වූයේ.
දැන් ඔබ රූපයෙන් වුවත් ආකර්ෂණීයයි? (සිනාසෙමින්) එයත් මා විසින් ගොඩනඟාගත් දෙයක්. මම මාව ඔපදමාගෙන තිබෙනවා. මට කවුරුත් පෞද්ගලික උපදේශකවරු සිටියේ නැහැ මෙහෙම අදින්න මෙහෙම කොණ්ඩෙ කපන්න මෙහෙම මේක්අප් කරන්න පෙනුම පිළිබඳ කියලා දෙන්න. මමයි මාව හදාගත්තේ.
හින්දි දමිළ තනුවලට ගායනා කළ ඔබ ස්වතන්ත්‍ර නිර්මාණවලට පිවිසෙන්නේ කොහොමද? මම ගායනා කළේ හින්දි දමිළ තනු නිසා එක දිගටම මට ලැබුණෙත් එවැනි තනු. මෙය වෙනස් කිරීමට මට අවශ්‍ය වුණා. මෙය නොවෙයි මගේ අනන්‍යතාවය කියන දේ මට වැටහෙන්න වුණා. මට දමිළ සින්දු ඒ විදිහටම ගයන්න පුළුවන්. හින්දි සින්දු ඒ විදිහටම ගයන්න පුළුවන්. මං සිංහල ගීතයක් සිංහල ආරෙන් ගයන්න ඕන කියලා හිතුවා. මගේ අම්මා පිටිපස්සෙන් ඉඳගෙන මට ලොකු හයියක් වුණා මා කරන කියන හැම දේටම. ඒ කාලයේ මගේ තාත්තා ලංකාවේ හිටියේ නෑ. අම්මා මම ඒ කරන්න ගිය වෙනසට අකැමැති වුණා මොකද මම එක දිගටම ගායනා කළ ශෛලිය වෙනස් කරන්න යන නිසා රසිකයා මාව හඳුනන්නේ ඒ ආකාරයෙන් නිසා ඒ වෙනස කොයි ආකාරයෙන් ඔවුන් පිළිගනියිද හා අනෙක් අතට මා ප්‍රතික්ෂේප වෙයි කියලා ඇය බය වුණා. ඒ කාලයේ අද වගේ සමාජ මාධ්‍ය තිබුණේ නෑ. පෞද්ගලික මාධ්‍ය නාළිකා බිහිවෙන්නෙත් මම ක්ෂේත්‍රයට ආවට පස්සේ. ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස මම මුලින්ම ගායනා කරන්නේ සිත ඔබට මුවා වී ඉකිබින්දා ගීතය. මම හිතන්නේ මම හරිම වාසනාවන්තයි ඒ ගීතයත් හිතන්න බැරි විදිහට ජනප්‍රියත්වයට පත් වුණා. පසුව පුන්සඳ රෑට ගීතය නිර්මාණය කරගත්තා ඔස්ටින් මුණසිංහයන්ට කියලා. ඔහුට හොඳ වැටහීමක් තිබුණා මා ගැන. එයද අර සියලු ගීත අබිබවා ජනප්‍රියත්වයට පත් වුණා.
ඔබ ගායනා කළ දමිළ හින්දි ගීත අහලා ඒ කාලේ ඉන්දියාවෙන් ආරාධනා ලැබුණේ නැද්ද ගීත ගායනයට? කේමදාස මාස්ටර් අපේ රටේ යුද්ධය තියෙන කාලයේ ගීතයක් කළා සාමය වෙනුවෙන් සිංහල ගීතයකුත් දමිළ ගීතයකුත්. ඒ තමයි ප්‍රථම වතාව මාස්ටර් එක්ක මම වැඩ කළේ. මේ දෙමළ ගීතය කියන්න හොඳ හඬක් තියෙන ළමයෙක් හොයලා දෙන්න කියලා සමන්ත පෙරේරාට ඔහු කියලා තිබුණා. සමන්ත තමයි මගේ සිත ඔබට මුවාවී ගීතය කරන්නේ. ඒ ගීතයේ නම ‘වෙන් පුරාවේ’ එය නිතර නිතර විකාශය වෙන්න ගත්තා. ඔය කාලේ ලංකාවේ ලොකේෂන් එකක් බලන්න ඇවිත් හිටිය දමිළ අධ්‍යක්ෂවරයෙක් හා සංගීත අධ්‍යක්ෂවරයෙක්ට අහම්බෙන් මේ ගීතය අහන්නට ලැබිලා කවුද මේ කියලා හොයලා ඔවුන්ගේ ‘උරවක මරියාදේ’ කියන චිත්‍රපටය සඳහා දමිළ ගීත දෙකක් ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා.
ඔබට සංගීත ක්ෂේත්‍රයේ සිටි සහා ඉන්න විශිෂ්ට සංගීතඥයන් සියලු දෙනා එක්කම පාහේ වැඩ කරන්න ලැබෙනවා? ඔස්ටින් මුණසිංහ කියන්නේ මම ළමා ගීත ගායනා කරන කාලයේ සිටම මා පිළිබඳ හොඳ වැටහීමක් තිබුණ ගුරුවරයෙක්. මා වැඩ කළ නිර්මාණකරුවන් දෙස බැලුවාම ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිට වර්තමාන පරපුර වනතුරුම සිටින විශිෂ්ටයන් සමඟ වැඩ කරන්නට ලැබුණා. විශිෂ්ට නිර්මාපකයන් මගේ හඬ නිර්මාණ සඳහා තෝරාගන්නේ මගේ හඬ ඔවුන් සියලු දෙනා සමඟ වැඩ කිරීමට තරම් නම්‍යශීලී නිසා. එය මට ලැබුණු විශාල භාග්‍යක්.
දශක තුනකට ආසන්න කාලයක් ක්ෂේත්‍රයේ සිටින ඔබට මේ විශිෂ්ටයන්ගේ ඇසුර ඔබව ගොඩනඟාගන්න කොපමණ දුරට බලපෑවද? අපි පරිපූර්ණ වෙන්නේ නිකම්ම නිකම් ගීතයක් ගායනා කළ පමණින් නොවෙයි. අනෙක් අතට නිකම්ම කාලය ගෙවිලා වයසට ගිය නිසත් නොවෙයි. ඒ ලැබුණ අද්දැකීම් එක්කයි මං අද මෙතැනට ඇවිත් ඉන්නේ. ජ්‍යෙෂ්ඨයන්ට තිබෙන ගෞරවය සංගීතයට තිබෙන ආදරය කලාකරුවන් සමඟ වැඩ කිරීමේ පිළිවෙළ හැම විනාඩියක්ම ජීවිතේ අත්දැකීම් කර ගනිමින් ආපූ ගමනක් මෙය. මගේ වයසට වඩා මට අත්දැකීම් සම්භාරයක් ඒ තුළින් එකතු වුණා. වෘත්තීය ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත්. අද්දැකීම් තුළින් ජීවිතය ගළපාගන්න හරිම පහසුයි. දැන් මම මේ පොළොවට බර වැඩියි. මම බදලා ඉන්නේ මේ මහ පොළොව ඒ නිසා මොනම සුළඟකටවත් වැස්සකටවත් මාව හොලවන්න දැන් බෑ.
අද වනවිට රියැලිටි වැඩසටහන්වලට දරුණු විවේචනයක් තියෙනවා ප්‍රමිතියක් නැහැ කියලා. ඒ වෙනුවෙන් ටෙලි නිර්මාණ පවා බිහිවෙනවා. මේ වැඩසටහන්වල විශ්වාසය ගිලිහිලා තියෙන කාලයක ඇයි ඔබ විනිශ්චයට එන්නට හිතුවේ? මේ රටේ තිබුණ පළවෙනි රියැලිටි වැඩසටහනට විනිසුරුවෙක් විදිහට මාව තෝර ගන්නවා. ඒ කාලේ මට වඩා ප්‍රවීණයන් උගත් අය පළපුරුදු අය හිටියා. ඒ අය අතරින් මාව තෝරගන්නේ මගේ විශේෂත්වයක් තිබෙන නිසයි. රියැලිටි වැඩසටහනකින් තේරෙන ළමයි අදක්ෂයි කියලා අහක දාන්න බෑ. පළවෙනියා වෙන කෙනා ගැනම නෙවෙයි මම කතා කරන්නේ. වෙන රටවලට සාපේක්ෂව ලංකාවේ රියැලිටි තරගවලින් එන අයගේ ලොකු ගමනක් අපට දකින්න ලැබෙන්නේ නෑ. ඒත් අපේ ළඟම රට ඉන්දියාව ගත්තොත් වර්තමානය වන විට බොහෝ දෙනෙක් රියැලිටි තරගවලින් ක්ෂේත්‍රයට පිවිසුණු අය. ඒ අය හැමෝම ප්‍රථමයෝ නොවෙයි. අනෙක් අතට මාධ්‍ය නාළිකාවකට මෙවැනි වැඩසටහනක් කිරීමේ වාණිජමය අරමුණු අනිවාර්යයෙන්ම තිබෙන්න පුළුවන්. ඊට අමතරව මේ තුළින් දක්ෂතා තිබෙන අය හඳුනාගන්නටත් පුළුවන්. අපිට කවදාවත් මාධ්‍ය නාළිකාවකින් බලපෑමක් කරලා නෑ අරයා මෙයා තෝරන්න කියලා. කාටත් අවශ්‍ය ඔවුන්ගේ වැඩසටහන් හොඳීන් කරන්න. අපේ කාලයට වඩා අද අවස්ථා තියෙනවා. අවස්ථාව ලැබිලත් ප්‍රයෝජන නොගන්න එක ගැන මට ප්‍රශ්නයක් තිබෙනවා. මට පේන විදිහට රියැලිටි වැඩසටහන්වලට එන තරගකරුවන් බොහොමයක් උපතින් ලැබෙන ප්‍රතිභාවෙන් සිංදු කියනවා විනා දැනුමකින් කියනවා නෙවෙයි. අවස්ථානුකූලව වාසනාව උරගා බලන්නේ නැතුව මම කියන්නේ සංගීතය පිළිබඳ ඉගෙනගෙන ගායනය පුහුණුවෙලා මෙවැනි තරගවලට ඉදිරිපත් වෙන්න කියලා.
දශක තුනක කාලයක් ක්ෂේත්‍රයේ සිටින ඔබට ඔබේ හඬ වෙනුවෙන් ලැබුණ ඔබට දැනුණ ප්‍රතිචාරය මොකද්ද? ලංකාවේ විශිෂ්ට ප්‍රවීණ කලාකරුවන් විචාරකයන් බොහොමයක් මගේ හඬ වර්ණනාවට පාත්‍ර කරලා තියෙනවා. හඬේ භාවයන් පිළිබඳ කතා කරලා තියෙනවා. ඒ අතර මගේ මතකයට එන කියමනක් ජැක්සන් ඇන්තනි ප්‍රසිද්ධ වේදිකාවේ වරක් කියනවා මේ රටේ ගීතයක් තුළින් භාව ප්‍රකාශනයන් කළ හැකි ඉස්මතු කළ හැකි හඩවල් තුනයි මම මේ වන තෙක් දැකලා තියෙන්නේ ඉන් පළමුවැන්න රුක්මණි දේවිය. ඉන්පසුව ආචාර්ය නන්දා මාලිනි. තුන්වැන්න නිරෝෂා විරාජිනි කියලා. එය අහලා දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. අපි කරන දේට ආදරේ කිරීම තුළින් පෙරලා අපට ලැබෙන ආදරය තමයි ඒ.
කෙනෙකුට අරමුණු හඹා යන්න කැපකිරීම් කරන්නම වෙනවා. ඔබත් එහෙමයි? මම ඉපදිලාම තියෙන්නේ ගායිකාවක් වෙන්න. ඒ වෙනුවෙන් මම මගේ පෞද්ගලික ජීවිතය පවා කැප කරමින් ඒ අරමුණ වෙනුවෙන් වැඩ කළා. සමහරවිට මගේ පෞද්ගලික ජීවිතයේ කඩාවැටීම්වලට ලක්වෙන්නට සිදුවෙන්නට ඇත්තෙත් මම මගේ අරමුණ වෙනුවෙන් කළ කැපකිරීම භක්තිය හා ආදරය නිසා. මම දේවත්වයෙන් පුදන කලාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මට පුළුවන්. මගේ ජීවිතය ගත්තම මට කතාවක් තියෙනවා කියන්න. එහෙම කැපකිරීම් නොකළා නම් අද මේ කවුරුත් කතාවෙන නිරෝෂා විරාජිනි බිහි නොවෙන්න පුළුවන්.
දශක තුනක කාලයක් ක්ෂේත්‍රයේ සිටින ඔබ ඇයි ඔබේම ප්‍රසංගයක් කරන්න නොහිතුවේ? ඇත්තටම ඒ පිළිබඳ සැලසුමකයි මම හිටියේ. පවතින වසංගත තත්ත්වය යථා තත්ත්වයට පත් වූ වහාම එය කරන්නට බලාපොරොත්තු වෙනවා. නිර්මාණ කටයුතු කිහිපයක් කළා. දර්ශන රුවන්, සුරේෂ් මාලියද්ද සමඟ. නිර්මාණ කළාට එළිදක්වන්න පුළුවන් වාතාවරණයක නොවෙයි අපි ඉන්නේ.
ඔබේ හඬ දායකත්වය නිර්මාණ කොපමණකට පමණ ලබා දී තිබෙනවාද? දළ වශයෙන් ටෙලිනාට්‍ය හැටක් පමණ හා චිත්‍රපට සියයකට වැඩියෙන් ගායනා කරලා තියෙනවා. බොහෝ චිත්‍රපටවල තේමා ගීතයට මම හඬ දායකත්වය ලබා දීලා තියෙනවා.
පසුබිමක් නැතුව කලාවට ඇවිත් රැදෙන්න නම් රැකෙන්න අවශ්‍ය වෙන්නේ කොහොමද? තමන්ගේ දක්ෂතාවය හා තමන්ගේ අධිෂ්ඨානය තමයි හැමදේටම මූලික වෙන්නේ. අපිට සියලු දේ නිරායාසයෙන් ලැබෙන්නේ නෑ. මට අදටත් එහෙම ලැබෙන්නේ නෑ. තමන්ට වේදනාකාරි අකැමැති බොහෝ දේ වෙන්න පුළුවන්. ඒ සියල්ලටම මුහුණ දෙන ආකාරය තමයි වැදගත්. හැලහැප්පීම් කැපිලි කෙටිලි විවිධ අවශ්‍යතා සපුරාලීමට නොහැකිවීම මේ සියලු කාරණා ප්‍රශ්න තමයි. මේවා සියල්ලටම ගැහැනු පිරිමි භේදයකින් තොරව මුහුණ දෙන්න වෙනවා. එකම දේ මොන ප්‍රශ්න ආවත් ඒ සියල්ල අබිබවා අධිෂ්ඨානය මූලික වෙන්න ඕන. පසුබිම අදාළම නෑ තමන්ගේ ඉලක්කයට යන්න. තමන් කරන දේට ආදරේ කරන්න ගෞරව කරන්න කැපවෙන්න පුළුවන් නම් ඕනෑම තැනක රැඳෙන්න පුළුවන්.
(තිළිණි රාජපතිරණ – සරසවිය)