ලව් කරන්න ආසයි. ඒත් මගෙ මේ කාර්යබහුලත්වය නිසා ඒකට වෙලාව නෑ – සිහින කුමරු ඉෂාර මධුෂාන්

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්වන ඉෂාර ගුරුවරයෙක් විදියටත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතාම කෙටි කාලයකින් හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ ඉෂාර ලංකාවේ වැඩිම කතාබහට ලක්වෙන්න හේතුව තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය,

ඉතින් කොහොමද ඔබ රංගනයට සම්බන්ද වෙන්නේ..? ”මෙහෙමයි මම පේරාදෙණිය කැම්පස් එකේ උසස් අධ්‍යාපනය නිම කලේ ඉංජිනේරුවරයෙක් විදියට, කැම්පස් කාලයේදීම තමයි මම උගන්වන්න ගත්තේ, මම ඒ කාලයේ සාමාන්‍යපෙළ කරන ලමයින්ට් ගණන් ඉගැන්නුවා,ඉතින් ඒ පටන්ගැනීම මම දිගටම කරගෙන ආවා,

මම රංගනයට පය තබන්නේ හරිම අහම්බයකින්, දෙරණ නාලිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා තමයි මට ආරාධනා කලේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න කියලා,, මොකද රදීෂ් කියන චරිතය හරහා තමයි හැමෝම මාව හඳුනාගත්තේ, මාතුල ඇති රංගන ශිල්පියා ගුරුවරයා කියන භූමිකාවටත් ඒක ආභරණයක්”

ඉංජිනේරුවරයෙක් වෙනවා කියන්නේ පහසු දෙයක් නෙවෙයි ඉතින් ඔබ ඉගන ගත්තේ දෙයින් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව දිගටම රඟපානවද…? ”මම හිතන විදියට ඉගන ගත්ත දෙයක් කිසිම දවසක අපතේ යන්නේ නෑ, මම ඉංජිනේරුවරයෙක් විදියට ලබාගත්ත දැනුම මට ඕන වෙනවා, මම මගේ පන්ති පවත්වන්නේ මාර්ගගත ක්‍රමයට, ඒකත් සාමාන්‍ය එකක් නෙවෙයි හොඳ කොලිටි ස්ටුඩියෝ එකක් යොදාගෙන ඉහලම තාක්ෂනය බාවිතා කරලා,

ඔබ ඉන්නේ දැන් තරුණ වියේ, ඉතින් සුන්දර ආදර අත්දැකීම් එහෙම ඇති නේද..? ”මට අනුව ආදරේ කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්, ඉතින් මම ආදරේට ගොඩක් ආදරෙයි හැබැයි මම ගතකරන්නේ බිසී ලයිෆ් එකක්, ඉතින් මට තාම ඒ හැඟීම ගැන හිතන්න වෙලාවක් නෑ, මගේ කාර්යබහුලත්වය එක්ක ලවු කරන්න වෙලාවක් නෑ, ඒ වගේම තමයි මට තාම ආදරවන්තියක් නෑ, මම තනිකඩ කොල්ලෙක්”

පැරණි ලිපියක් – සිහිනය සැබෑ කරගනිමින් උපාධිය ගත්ත තාරුණ්‍යයේ සිහින කුමරා ඉෂාර මධුෂාන්

තාරුණ්‍යයේ ජනප්‍රිය චරිත නම් බොහෝමයි.ඒ හැම චරිතයක්ම ආද්‍රනියයි. තාරුණ්‍යයේ චරිතවලට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. නවක තරු ඒ අතරේ නම් බොහොමයි. එහෙම තරුවක් ගැන තමයි මේ කියන්නේ ඔහු නමින් ඉෂාර මධුෂාන්. කඩවසම් තරුණයෙක්. තරුණියන්ගේ සිත් සොරාගත් චරිතයක් තමයි ඔහු. ඉෂාර කියන නමට වඩා හමොං ඔහුව දන්නේ රදිෂ් කියන නමින් තමයි. ඒ ඔහුගේ රංගන කුසලතාව නිසා. දෙවැනි ඉනිමේ ටෙලි නාට්‍යයේ ලිහිනිගේ පෙම් කුමරා තමයි ඔහු. අවුරුදු කුමාරයෙක් ලෙසින් තමයි ඔහු හැමෝම හදුනාගන්නේ.

ඉෂාර කියන්නේ දක්ෂ ගුරුවරයෙක්. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත ඔහු ඒ ඉගෙනීමේ වටිනාකම හැමෝටම පහදා දෙනවා. මුළු ලංකාවේම සිසුන්ට ඔහු නොමිලේ ඔන්ලයින් ගණිතය කියාදෙනු ලබනවා. ඔහු සැබෑම ගුරුවරයෙක්. තමන් දන්නා දේ නොපැකිලිව ඔහු අනෙක් අයට කියාදෙනවා. ඒ ඔහුගේ නිහතමානී බව නිසාවෙන්මයි. ඒ වගේම ඔහු හැමෝටම එක වගේ සලකන්නේ. කිසිම ආඩම්බරකමක් ඔහුගේ ලග නැහැ. අද ඔහුගේ ජිවිතේ සුවිශේෂීම දිනයක්.

සරසවි සිහිනය සැබෑ කරගෙන ඔහු ඉන්ජිඑරුවෙක් ලෙස ජිවිතයේ පිටුවක් පෙරළුවා ඒ අතරේ රංගනයත් ගුරුවරයෙකු ලෙසත් ඔහු කටයුතු කරනවා. අද ඔහුගේ උපාධි උත්සවය පේරාදෙණිය සරසවියෙන් ඔහු අද උපාධිය ලබාගත්තා. අපි ඔහුට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. ඒ වගේම තව්ටැහැ දරුවන් රැසකට ගණිත දැනුම ලබාදෙන්න ඔහුට ශක්තිය ලැබේවා කියාත් අප ප්‍රාර්ථනා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *