පසුගිය දවසක කලා ලෝකයේ සිටින සියලුම තරු පිරිවරා ගෙන සුමති සම්මාන උළෙල පැවතුනා. ඉතින් ඊට කොයි කවුරුත් ආදරය කරන සියලුම කලාකරුවන් පැමිණ සිටියා. ඒ වගේම අතිශයින්ම ජනප්‍රිය හැමෝම ආදරය කරන තරු දෙපළ කුත් ඇවිත් හිටියා ඒ තමයි චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි. ඔවුන් දෙදෙනාගේ මිතුරුකම ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඉතින් ප්‍රසිද්ධ චරිතයක් ලෙස මෙම දෙපල ගැන අද සමාජ මාධ්‍ය පිළිබඳව කතා කරනවා. මොවුන්ගේ මිතුරු කම ගැන ඉතිං බොහෝ කතන්දර ගොඩයි. එයට විවිධ කතා එකතු වෙලා තියෙනවා. එහිදී එක්තරා සාකච්ඡාවකින් ඔවුන් පිළිබඳව අදහස් විමසලා තිබුණා.
පළමුව චන්දිමාල්ගේ මේ දිනවල වැඩිපුරම කතා වෙන බීඑම්ඩබ්ලිව් ගැන තමයි අහල තිබුනේ.ඔහු ඊට මේ විදියට පිළිතුර ලබා දුන්නා.
“රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට අද මම ඇවිල්ලා ඉන්න සාර්ථක ගමන ගැන ගොඩක් සතුටුවෙනවා. මම මගේ රටේ මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි.ඒ වගේම මට ගොඩක් අය ආදරේ කරනවා එතනින් සුළු පිරිසක් තමයි මට බනින්නේ.ඒ වගේම මේ දවස්වල මගේ බීඑම්ඩබ්ලිව් ගැන ගොඩක් අය කතා වෙනවා.ඉතින් මට කියන්න තියෙන්නේ ලංකාවට ඉස්සෙල්ලම බීඑම්ඩබ්ලිව් එකක් ගෙනාවේ මම නෙවෙයි.”
ඒ වගේම ඔහු පිටු පසින් ම සිටින ඔහුගේ හොඳම අඹ යහළුවා වන පියුමි හංසමාලි ගෙන් ද මේ විදියට ප්‍රශ්න කර තිබුණා.
“මගේ ජීවිතයේ මට වයස අවුරුදු තිහක් වෙනවා.මේ වෙනකම් මට ලැබුණේ හරිම ව්‍යාජ මිතුරන්.නමුත් අවසානයේදී මට හොඳ යහළුවෙක් හම්බවුණා ඔහු තමයි චන්දිමාල්.නමුත් සමහර වෙලාවට නම් අපි පොඩි පොඩි රණ්ඩු කරන වෙලාවල් තියෙනවා. මම මේ ලඟදි ප්‍රශ්න දා ගත්තෙ නැහැ මොකද මම දැන් පව්ල් වෙලා ඉන්න නිසා ප්‍රශ්න දාගන්නේ නැතුව ලස්සනට ඉන්නවා.
පියුමි හංසමාලි කියන්නේ හැමදාමත් ගොඩක් ලස්සනට ඉන්න කැමති කෙනෙක්.මට දැන් වයස අවුරුදු තිහක් වෙනවා. මම මේ වයස ගැන ගොඩක් ආඩම්බර වෙනවා වගේම මම ලැජ්ජා වෙන්නේ නැහැ මගේ වයස කියන්න.”